මහජන මුදල් අවභාවිතා කරමින් සහ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පුද්ගලයින් ප්‍රවාහනය කිරිමේ චෝදනා එල්ල වි සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කර තිබෙනවා.
ඊට අදාල නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ අද (06) කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයාගේ උපදෙස් අනුව හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිස මෙම නඩුවෙන් නිදහස් කෙරුණා.
2015 ජනාධිපතිවරණ සමයේදී සිලාවතුර ප්‍රදේශයේ අවතැන් වූවන් ජන්දය ප්‍රකාශ කිරීම සඳහා රැගෙන යාමට ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ යොදාගෙන තිබූණා. එමඟින් රජයට අයත් ලක්ෂ 95 කට වැඩි මුදලක් අවභාවිතා කල බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වුණා.










