• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාතික සභාව යනු ආණ්ඩුවේ අශිෂ්ට භාවිතාව සඟවන සැරසිල්ලකි! අපි නම් ඕවට එන්නේ නෑ! විමල්ගේ සන්ධානයත් ජාතික සභාවට නෑ! කතානායකට ලියුමකුත් යවයි!

September 30, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
ස්වාධීන වූ විමල්-වාසු-උදයගේ පක්ෂත් දෙකඩ වෙයි! මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ‌රාජ්‍ය ඇමැතිකම්වල හෙට දිව්රන්න සූදානම්!
Share on WhatsAppShare on Facebook

‘ජාතික සභාවත රට ගොඩනැගීමේ භූමිකාව වෙනුවට ආණ්ඩුවේ වගකීම් විරහිත සහ අශිෂ්ට භාවිතාව සඟවන සැරසිල්ලකි’ යයි පාර්ලිමේන්තුවේ ජාතික සභාවේ එක් නොවීම පිලිබද හේතු පහදමින් උත්තර ලංකා සභාගයෙන් කථානායක මහින්ද යාපා අබේවර්දන මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

අදාල ලිපිය මෙසේය.

ගරු කතානායක
මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

ගරු කතානායකතුමනි,

ජාතික සභාව; රට ගොඩනැගීමේ භූමිකාව වෙනුවට ආණ්ඩුවේ වගකීම් විරහිත සහ අශිෂ්ට භාවිතාව සඟවන සැරසිල්ලකි

වර්තමානයේදී අප පොදුවේ මුහුණ දී සිටින තියුණු ආර්ථික අර්බුදය ජය ගැනීම පිණිස අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසිය වනුයේ, දේශපාලන පක්ෂ හා සිවිල් ජාතික සංවිධාන එක්ව පොදු වැඩපිළිවෙළක් යටතේ සමගිසම්පන්නව ජාතියට නායකත්වය හා මගපෙන්වීම ලබාදීම බව උත්තර ලංකා සභාගයට අයත් දේශපාලන පක්ෂ හා සංවිධාන සාමූහිකවත්, වෙන්වෙන්වත් මුල සිටම පෙන්වා දුන්නෙමු.

මෙම අවස්ථාවේදී සර්වපාක්ෂික එකගතා වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් එම වැඩපිළිවෙළ දියත් කිරීම වෙනුවෙන් සර්වපාක්ෂික පාලනයක් පිහිටුවිය යුතු බවත් එම පාලනය මෙහෙයවීම පිණිස සර්වපාක්ෂික නියෝජනයක් සහිත ‘ජාතික සභාවක්’ පිහිටුවිය යුතු බවත් අප පක්ෂ විසින් ලිඛිතව පළමුව යෝජනා කරනු ලැබුවේ 2022 අප්‍රේල් මස 8 වැනිදාය. ඒ එවකට සිටි ජනාධිපතිවරයා අමතමිනි. එහෙත් අවාසනාවන්ත අයුරින් හිටපු ජනාධිපතිවරයාට මෙන්ම වර්තමාන ජනාධිපතිවරයාට ද එම සර්වපාක්ෂික පාලනය පිහිටුවාලීමට හැකි වූයේ හෝ හැකි වී හෝ නැත. එයට විවිධ පටු හේතු බලපාන ලද බව අපි දනිමු.

එහෙත්, එවැනි සර්වපාක්ෂික පාලනයක් රහිතව වුව ද වත්මන් අර්බුදයෙන් රට හා ජනතාව මුදා ගැනීම සදහා සර්වපාක්ෂික අනුමැතියක් සහිත වැඩපිළිවෙළක් හෝ බිහිකර ගැනීමට මෙතෙක් හැකිවී නැත. ඒ වෙනුවට සිදුවී ඇත්තේ ආර්ථික අර්බුදය, මානව ආපදාවක් නිර්මාණය කෙරෙන තත්වය දක්වා වැඩෙන්නට ඉඩදී බලාසිටීම පමණක් නොව එම විනාශකාරී තත්වය ඇතිවීම කඩිනම් කිරීමට ඉවහල් වන වැරදි තීරණ පමණක් ගනු ලැබීමය.

මෙම වැරදි තීරණ මොනවාදැයි අප මිට පෙර අවස්ථා ගණනාවකදීම පෙන්වා දී ඇත්තෙමු, එමෙන්ම ගත යුතු නිවැරදි තීරණ මොනවාදැයි ද අපි නිර්ලෝභීව පෙන්වා දී ඇත්තෙමු. එහෙත් ඒ එකදු සාධනීය යෝජනාවක්වත් මේ දක්වා ක්‍රියාත්මක තත්වයට ගෙන ඒමට ආණ්ඩුව ක්‍රියා කර නැත .

දවසින් දවස තීව්‍ර වන, මහජනතාවගේ ජිවිත මහා ඛේදවාචකයක් කරා වේගයෙන් රැගෙන යමින් තිබෙන වත්මන් ආර්ථික අර්බුදය පිළිබදව ආණ්ඩුවට බැරෑරුම් හැගීමක් හෝ වැඩපිළිවෙළක් ඇතැයි අපට පෙනෙන්නට නැත. ඒ වෙනුවට සිදු කෙරෙමින් ඇත්තේ, මවගේ මෘත කලේබරය නිවසේ හැකිතාක් උපරිම කාලයක් තබාගෙන “බූරුවා ගසා“ වැඩි ගාණක් උපයා ගන්න කටයුතු කරන අශිෂ්ට පුතුන්ගේ භාවිතාව හා සමාන භාවිතාවක් බව අපි අවධාරණය කරමු.

එවන් තත්වයක් යටතේ ආණ්ඩුව පිහිටුවනු ලැබ තිබෙන “ජාතික සභාව” රට ගොඩගැනීමේ භූමිකාව හිමිකර ගත් ආයතනයක් වනවා වෙනුවට, ආණ්ඩුවේ වගකීම් විරහිත හා අශිෂ්ට භාවිතාව සරසන පිරුවටයක් ලෙසට පමණක් ක්‍රියාකරන ආයතනයක් බවට පත්වනු ඇති බව අපගේ නිගමනයයි. එවන් කාර්යකට දායක වීමෙන් රටට, ජනතාවට යහපතක් සැලසෙනු ඇතැයි අපි නොසිතමු. එබැවින් පිහිටුවනු ලැබ තිබෙන ඊනියා ජාතික සභාවට උත්තර ලංකා සභාගය නියෝජනය කරන පහත සදහන් පක්ෂවල කිසිදු නියෝජිතයකු සහභාගි නොවන බව ඔබතුමා වෙත මෙයින් දන්වා සිටිමු.

ස්තුතියි,
මෙයට,

01. පාර්ලිමේන්තු මන්ත්‍රී, විමල් වීරවංශ
ජාතික නිදහස් පෙරමුණ නායක,

02. පාර්ලිමේන්තු මන්ත්‍රී, වාසුදේව නානායක්කාර
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක,

03. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ
ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්,

04. වෛද්‍ය ජී. වීරසිංහ
ශ්‍රි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්,

05. පාර්ලිමේන්තු මන්ත්‍රී, උදය ගම්මන්පිල
පිවිතුරු හෙළ උරුමයේ නායක,

06. පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරලියේ රතන හිමි
විජය ධරණී ජාතික සභාවේ සභාපති,

07. පාර්ලිමේන්තු මන්ත්‍රී, ගෙවිඳු කුමාරතුංග
යුතුකම ජාතික සංවිධානයේ සභාපති,

SendShareShare
Previous Post

පෙට්‍රල් නැවකට සල්ලි ගෙවා ගනී! ඒත් තව නැව් 3ක් සල්ලි නැතිව වරායේ!

Next Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) භාරයේ රඳවා සිටියදී මාරාන්තික ආහාර වර්ජනයක් ආරම්භ කර, පසුව අසාධ්‍ය තත්ත්වයෙන්...

Read more
රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.