• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රභූ ආරක්ෂකයන් එක්ක ඩිෆෙන්ඩරයකින් ඇවිත් සිසුවකුට ලේ පෙරෙනකම් ගහලා තියෙන්නේ ඇමැති ප්‍රසන්න රණවීරගේ පුතා!

September 28, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගහපු ප්‍රසන්නටත් ඇමැතිකමක් දෙයි!
Share on WhatsAppShare on Facebook

දෙනෝදහක් බලා සිටියදී ඩිෆෙන්ඩර් රථවල ආරක්ෂාව මැද කිරිබත්ගොඩ ප්‍රසිද්ධ උපකාරක පන්තියක් ඉදිරිපිටදී පන්තියට පැමිණි සිසුවකුට අමානුෂික ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතාගේ පුත්‍රයා බව ‌අනාවරණය වී ඇත.

අමාත්‍යවරයාගේ පුත්‍රයා 20 හැවිරිදි වියේ පසුවන්නකු බව හිරු වෙබ් අඩවිය වාර්තා ‌කොට තිබේ.

මේ සම්බන්ධයෙන් අප අද පෙරවරුවේ පළ කළ පුවත මෙසේය.

දෙනෝදහක් බලා සිටියදී ඩිෆෙන්ඩර් රථවල ආරක්ෂාව මැද පැමිණි ඇමැති පුතෙක් යැයි කියාගත් තරුණයකු ඇතුළු කණ්ඩායමක් කිරිබත්ගොඩ ප්‍රසිද්ධ උපකාරක පන්තියක් ඉදිරිපිටදී පන්තියට පැමිණි සිසුවකුට අමානුෂික ප්‍රහාරයක් එල්ල කර ඇත.

ගම්වාසීන් පවසන අන්දමට විස්සක පමණ කණ්ඩායමක් එම සිසුවාට ලේ වැගිරෙන තුරු පහරදී තිබේ.

පහරදුන් පිරිසට අමතරව කළු ඇඳුම් ඇඳගත් ප්‍රභූ ආරක්ෂකයන් මෙන් වූ පිරිසක් ඩිෆෙන්ඩර් රථවලින් පැමිණ අසල සිටි බවද ගම්වාසීහු පවසති.

ඇමැති පුතා යැයි කියමින් පෙනී සිටි තරුණයාගේ පෙම්වතියට අදාළ උපකාරක පන්තියේදී පෙම් හසුනක් දුන් වරදට මෙම පහරදීම කර ඇතැයි හෙළි වී තිබේ.

පෙරේදා (26) රාත්‍රි 7.30ට පමණ දරුණු ප්‍රහාරයකට ලක්වෙමින් සිටි තරුණයා ගැන පොලිස් හදිසි ඇමතුම් අංශයට හා කිරිබත්ගොඩ පොලිසියට අවට පිරිස් දුරකතන ඇමතුම්
කිහිපයක් දී ඇතත් ‘හදිසිවෙන්න එපා එන්නම්’ කියමින් පොලිසිය දැනුම් දී ඇතැයිද හෙළිවිය.

කිරිබත්ගොඩ පොලිසියේ සිට මීටර් පනහක් පමණ දුරකින් මෙම උපකාරක පන්තිය පිහිටා ඇත.

එම ප්‍රහාරය වාහනවල ගමන් ගත් පිරිස් පවා වාහන නවත්වා බලා සිට ඇතත් කිසිවකුත් එය නැවැත්වීමට උත්සාහ ගෙන නොමැත. ඒ එය වැළැක්වීමට ගිය දෙදෙනකුටත් කලහකාරීන්
පහරදීම නිසාය.

අවට පිරිස් දිගින් දිගටම පොලිසියට දුරකතන ඇමතුම් දී පහරකෑමට ලක්වන තරුණයා මැරෙනතුරු නොපැමිණෙන්නේදැයි විමසා ඇත.

මෙම පහරදීම වැළැක්වීමට එහි සිටි අයකු උත්සාහ ගන්නා මොහොතේ ඇමැති පුතාගේ කල්ලියෙන් ගැලවුණු තරුණයා උපකාරක පන්තිය වෙත දිවගොස් ඇත. එහිදීත් ප්‍රහාරකයන් එම
පන්තියට කඩා වැදී තරුණයාට පහරදී තිබේ.

පොලිසියේ හත්දෙනකු පමණ අවසන් මොහොතේ පිස්තෝල ඇතැතිව සිවිල් ඇඳුමින් එහි පැමිණෙද්දී ප්‍රහාරකයන් පලා ගොස් සිට ඇත.

ප්‍රහාරය එල්ල කළ පිරිස හුණුපිටිය වත්තල පාර දෙසට ගිය බවත්, එම ප්‍රදේශයේ මාර්ගයේ ඇති තත්ත්වය මත නැවත වාහන හරවාගෙන පැමිණිය හැකි බවත් ගම්වාසීන් පෙන්වා දී තිබේ.

ඒ වන විට ඇමැති පුතා බවට කියමින් පෙනී සිටි තරුණයා පැමිණි ටොයෝටා 141 වර්ගයේ කළු පැහැති මෝටර් රථය පොලිසිය දෙසට යළිත් පැමිණෙද්දී අවට පිරිස් වාහනය පෙන්වා දුන් පසු පොලිසිය එය නවතා එහි සිටි අය පොලිසියට රැගෙන ගොස් ඇත.

මෙම සිදුවීමට අදාළව තුවාල ලද තරුණයකු රෝහල්ගතව සිටින බවත්, ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගත් පිරිස පොලිස් ඇපමත මුදාහැරිය බවත් බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න අරුණ කළ විමසුමකදී පැවැසීය.

කැලණිය නියෝජනය කරන ඇමැතිවරයකුගේ පුතෙකු මෙහි සිටි බව හඳුනාගෙන තිබේ. දිගින් දිගටම මෙම උපකාරක පන්තිය අසල ගැටුම් හටගන්නා නිසා මෙම සිද්ධියට අදාළ CCTV
දර්ශන සැලකිල්ලට ගෙන මෙවැනි අමානුෂික ගැටුම් වැළැක්වීමට කටයුතු කරන ලෙස ප්‍රදේශවාසීහු පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට ඊයේ (27) සාකච්ඡා කර ඇත. -අරුණ

SendShareShare
Previous Post

ෆෝන් බිල ගෙවලා තියෙන්නේ මුද්‍රණ සංස්ථාවෙන්! කෙහෙළියට අල්ලස් කොමිසමෙන් අධිචෝදනා පත්‍ර බාර දෙයි!

Next Post

නඩුවට උසාවි ඇවිත් නෑ! උඩුවේ හිමියන්ට අධිකරණ නියෝගයක්!

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News
Astrology

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රී නින්දට යනතුරුම අපේ අතින් අත හැරෙන්නේ නැති, අපේ ජීවිතයේ සමීපතම සෙවණැල්ල බවට පත්ව ඇති...

Read more
වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.