• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චමින්ද වාස් හම්බන්තොටින් හොයා ගත්ත මැණික් කැටේ දිල්ෂාන් මධුසංක…

September 28, 2022
in Exclusive, News, Sports
Reading Time: 3 mins read
A A
චමින්ද වාස් හම්බන්තොටින් හොයා ගත්ත මැණික් කැටේ දිල්ෂාන් මධුසංක…
Share on WhatsAppShare on Facebook

ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩාව බබළවන්න ඩිල්ෂාන්ලා කිහිප දෙනෙක් හේතු වුණා. ඒ අතර මුලින්ම ඉන්නේ තිලකරත්න ඩිල්ෂාන්. හැබැයි මේ දවස්වල ලෙජන්ඩ්ස් ටී 20 තරගාවලියේ පිට්ටනියට බැහැලා හෝ ගාලා ලකුණු ගන්න තවත් කසකාරයෙක් තමයි ඩිල්ෂාන් මුණවීර කියලා කියන්නේ. තිලකරත්න ඩිල්ෂාන්ගෙන් පස්සේ ඩිල්ෂාන් මුණවීරට හරියට ක්‍රිකට් ක්‍රීඩාවෙ තැනක් හම්බවුණාද කියන එක සම්බන්ධව ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේ කතා කරන්න යන්නේ ඩිල්ෂාන් නෙවෙයි දිල්ෂාන් ගැන. එයා තමයි දිල්ෂාන් මධුසංක. කවුද මේ දිල්ෂාන් මධුසංක? දිල්ෂාන් මධුසංක ගැන අපි කතා කරන්න ගත්තේ පහුගිය දවසක ලංකාවේ ආසියානු කුසලාන ජයග්‍රහණයත් එක්ක. ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් එදා පිට්ටනියට බැහැපු කොල්ලෝ 11 දෙනා අතර කවුරුත් වැඩිය නොදන්න නමක් අපි දැක්කා. ඒ තමයි දිල්ෂාන් මධුසංකගේ නම. දිල්ෂාන් මධුසංක එදා මැච් එකට සෙල්ලම් කරලා විරාට් කෝලිගේ පොලු ගැලෙව්වට පස්සේ දිල්ෂාන් මධුසංක ලංකාවෙ ලෙජන්ට් එකක් නැත්නම් පුරාවෘත්තයක් බවට පත්වුණා කියලා අපි විශ්වාස කරනවා. කොහොම නමුත් දිල්ෂාන් ලංකාවෙ ඉහළින්ම කියවෙන නමක් බවට පත්වෙනකොට දිල්ෂාන් මධුසංක ආපු ගමන ගැන වෙනම කතා කරන්න අපට අවශ්‍යයි. ඒකට හේතුව තමයි දිල්ෂාන් මධුසංකගෙ ගමන සාමාන්‍ය ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගෙ ගමන වගේ සුවපහසු එකක් බවට පත්වෙලා තිබුණෙ නෑ.

දිල්ෂාන් මධුසංක කියලා කියන්නේ කොළඹ කොල්ලෙක් නෙවෙයි. දිල්ෂාන් මධුසංක හම්බන්තොට කොල්ලෙක්. ඈත පිටිසර ගමක ඉපදිච්ච කොල්ලෙක්. දිල්ෂාන් කියනවා මගේ තාත්තා මාළු රස්සාවට යන කෙනෙක්. මගේ අම්මා පුංචි කඩයක් කරනවා. ඒ සල්ලිවලින් තමයි මම ක්‍රිකට් ගහන්න පටන්ගත්තේ. ඇත්තටම දිල්ෂාන්ගෙ පාසල කොළඹ ප්‍රධාන පෙළේ පාසලක් නෙවෙයි. දිල්ෂාන්ගෙ පාසල හුංගම විජයබා විද්‍යාලය. හුංගම විජයබා විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසුණු දිල්ෂාන් මධුසංක අද වෙනකොට ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩාවට නැතුවම බැරි තරුවක් බවට පත්වෙලා ඉවරයි. දිල්ෂාන් ලංකාවෙ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් පිට්ටනියට බහින්නේ හදිසියේම. ඇත්තටම දිල්ෂාන්ට මේ අවස්ථාව උදාවෙන්නේ ශ්‍රී ලංකාවෙ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න හිටපු දුෂ්මන්ත චමීරගේ ආබාධ තත්ත්වය නිසාවෙන්ය කියලත් වෙලාවකට අපට හිතෙනවා. දිල්ෂාන් මධුසංකට ජාතික කණ්ඩායමට එන්න ලැබුණු අවස්ථාවට කලින්, දිල්ෂාන් මධුසංකට කොළඹ එන්න ලැබුණු අවස්ථාව ගැනත් වෙනමම කතා කරන්න ඕනෙ.

දිල්ෂාන් මධුසංක හුංගම විජයබා විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රිකට් ගහන කාලෙ ඔහුට තිබුණු ලොකුම හීනෙ තමයි ජාතික කණ්ඩායමට එකතු වීම. ඒක දිල්ෂාන්ගෙ විතරක් නෙවෙයි ලංකාවෙ ක්‍රිකට් ගහන ඕනෙම කොල්ලෙක්ගෙ කෙල්ලෙක්ගෙ හීනයක්. ඒක දිල්ෂාන් මධුසංකගෙත් හීනෙ බවට පත්වෙලා තිබුණා. ඒත් දිල්ෂාන් මධුසංකට මේ හීනෙ බොහෝ දුර තියෙන එකක් විදියටයි පෙනුණේ. ඒකට හේතුව ඇත්තටම ලංකාවෙ ක්‍රිකට් ඒ වෙනකොට හැදිලා තිබුණු හැඩය නිසා. අද වෙනකොට ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායම වෙනදට වඩා වෙනස් වෙලා. ශ්‍රී ලංකාවෙ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හුඟක් ඈත පිටිසර ඉස්කෝලවල කොල්ලන්ට කෙල්ලන්ට ලැබිලා ඉවරයි. ඒත් ඒක එහෙම නෙවෙයි බොහෝ අවස්ථාවල සිද්ධ වුණේ. ලංකාවෙ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන එක හීනයක් කරගත්ත කොල්ලො ගොඩ දෙනෙක් ගම්වල එහෙමම කරවෙලා ගියපු මල් අතරට එකතු වුණා. ඇත්තටම දිල්ෂාන්ගෙ කතාවත් එහෙම වෙන්න තිබුණු එකක්ද කියලා වෙලාවකට හිතෙනවා. දිල්ෂාන් 19න් පහළ කණ්ඩායමේ සංචිතයට ඇතුළු වෙන්නෙත් අහම්බෙන්. දිල්ෂාන් මධුසංක කියන දක්ෂ පන්දු යවන්නගෙ හොඳ පන්දු යැවීමේ හැකියාව හින්දා දකුණු පළාත් පුහුණුකරු විදියට කටයුතු කරපු කෙනා දිල්ෂාන්ට එන්න කියනවා නෙට් බෝලර් කෙනෙක් විදියට. එහෙමත් නැත්නම් නෙට් එකේ පන්දු යවන්නෙක් විදියට කටයුතු කරන්න. ඒ වෙලාවෙ තමයි ඉතා අහම්බෙන් චමින්ද වාස්ට මේ දිල්ෂාන් මධුසංක කියන ක්‍රීඩකයාව දකින්න ලැබෙන්නේ. කලාතුරකින් ලැබුණු අවස්ථාවක් හින්දා ගාල්ලේ නෙට් එකේ පන්දු යවන්න අවස්ථාව උදාවෙච්ච දිල්ෂාන්ට හදිසියේම නොහිතපු වෙලාවක කොළඹ එන්නත් අවස්ථාව උදා වෙනවා. ඒ, ලංකාවේ වේග පන්දු යවන්නන් අතර අතිශය දක්ෂයෙක් වෙච්ච, එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවෙන් බිහිවෙච්ච හොඳම වේග පන්දු යවන්නා බවට කිසිම තර්කයකින් තොරව පිළිගත හැකි ක්‍රීඩකයෙක් බවට පත්වෙලා ඉන්න චමින්ද වාස් නිසා. වාස්ගේ ඉල්ලීමට දිල්ෂාන් මධුසංක කොළඹ එනවා. දිල්ෂාන් මධුසංකගෙ ජීවිතේ අලුත් හැරවුමක් බවට පත්වෙන්නේ මෙන්න මේ කොළඹ ගමන. දිල්ෂාන්ට කිහිප වතාවක්ම කණ්ඩායමේ සංචිතයට ඇතුළට එන්න අවස්ථාව උදා වෙනවා. මුලින්ම දිල්ෂාන් ඇතුළු වෙන්නේ ටෙස්ට් සංචිතයට. නමුත් දිල්ෂාන්ට ටෙස්ට් සංචිතයේ ඉඩක් ලැබෙන්නේ නෑ. ඔහු අතිරේක ක්‍රීඩකයෙක් විදියට තරගයට සහභාගි වෙනවා. ඉන් පස්සේ ඔහුට එක් දින සංචිතයට ඇතුළු වෙන්නත් අවස්ථාව ලැබෙනවා. ආයෙත් වතාවක් ටෙස්ට් සංචිතයට ඇතුළත් වෙනවා. නමුත් ඒ හැම වෙලාවකම දිල්ෂාන් මධුසංකට සිද්ධ වෙන්නේ සංචිතයට ඇතුළු වෙලා අතිරේක ක්‍රීඩකයෙක් විදියට තමන්ගේ හීනය තව ටික දවසකට කල්දාන්න. ඒත් අන්තිමටම දිල්ෂාන් තමන්ගෙ හීනෙ හැබෑ කරගන්නේ ආසියානු කුසලානයත් එක්ක. කවදාවත්ම ශ්‍රී ලංකා කණ්ඩායමට දිනාගන්න බැරිවෙන කුසලානයක් බවට ඕනෙ තරම් අනාවැකි තියෙන අස්සේ දිල්ෂාන්ට ජාතික කණ්ඩායමේ දොර ඇරෙනවා. ඒ, ඇෆ්ගනිස්තානයත් එක්ක තිබුණු පළමු තරගයේදීයි. හිතාගන්න බැරි විදියේ පරාජයක් එක්ක ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ හිත් තදින් පෑරුණු දවසක් තමයි මේ ඇෆ්ගනිස්තාන තරගය. දිල්ෂාන්ගෙ ක්‍රිකට් ආගමනය. දිල්ෂාන්ගෙ ජීවිතෙත් අඬන්න හිතුණු දවසක් වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒත් එතැනින් පස්සේ දිල්ෂාන් නතර වෙන්නෙම නෑ.

දිල්ෂාන්ට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවෙනවා. අපි දන්නවා ඉන්දියාව කියලා කියන්නේ කිසිසේත්ම පරාජය කරන්න පහසු කණ්ඩායමක් නෙවෙයි. විශේෂයෙන්ම මේ වගේ කුසලාන තරගාවලියකදී ඉන්දියාව පිට්ටනියට එන්නේ තමන්ගෙ සම්පූර්ණ ශක්තිය යොදවාගෙන. ඒ කණ්ඩායමේ ඉන්නවා රෝහිත් ෂර්මා, විරාට් කෝලි වගේ ක්‍රීඩකයන්. මේගොල්ලො සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමත් එක්ක තරගයකට සහභාගි වෙන්නෙත් ඉතාම කලාතුරකින්. ඒකට හේතුව ඒගොල්ලො ලංකාව වගේ රටකට සංචාරය කරන්නෙවත් නෑ. එහෙම තත්ත්වයක් යටතේ ඉද්දී කෝලිලා, ෂර්මලා එදා පිට්ටනියට එන්නේ ලංකාවට දුවන්න ගහන්න බලාගෙන. ඒ මොහොතේ දිල්ෂාන් මධුසංකට පැවරෙන්නේ හිතාගන්න බැරි විදියේ වගකීමක්. ඒ තමයි පළමු පන්දු වාරය යැවීමේ වගකීම. පිට්ටනියේ ඉන්නේ ලෝකයේ ඉන්න විශිෂ්ටතම ක්‍රීඩකයෝ. ඒත් දිල්ෂාන් තමන්ගෙ පළමු පන්දු වාරය ලකුණු 04කට සීමා කරන්න සමත් වෙනවා. ඒක හිතාගන්න බැරි විදියේ පන්දු වාරයක්. විශාල දක්ෂතාවක්. මේ පන්දු වාරයත් එක්ක ඉන්දියාවට මේ අලුත් කොල්ලා ගැන දෙපාරක් තුන්පාරක් හිතන්න සිද්ධවෙන තැනට පත්වෙනවා. ඒ කියන්නේ දිල්ෂාන් සුපිරු වැඩ්ඩෙක් බව ඉන්දියාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම කතාකරන්න පටන්ගන්න අවස්ථාවක්. දිල්ෂාන්ට පුදුම විදියේ බැරෑරුම් අවස්ථා කිහිපයකට මේ තරගයේදී මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒත් දිල්ෂාන් මධුසංකට විතරක් නෙවෙයි අපිටත් කවදාවත් අමතක නොවෙන පන්දුවක් තමයි එදා විරාට් කෝලිගෙ පොලු ගැලවිලා ගිය පන්දුව. එදා ඒ පන්දුවෙන් විරාට් කෝලි දැවී නොගියා නම්, සමහර විට අපේ ක්‍රීඩකයන්ගේ ඉරණම මීට වඩා වෙනස් විදියකට විසඳෙන්නත් තිබුණා. ඒත් ඒක එහෙම වුණේ නෑ. දිල්ෂාන් එදා පළමු පන්දු වාරය ලකුණු 04කට ඉවර කරලා ඊළඟ පන්දු වාරයේදී විරාට් කෝලිගෙ පොලු ගලවලා දානවා. ඉන් පස්සේ ඉන්දියාවේ හිටපු ප්‍රබලතම ක්‍රීඩකයො දෙන්නෙක් වන රිෂාබ් පාන්ට් සහ දීපක් හූඩාගෙ කඩුලු දෙක අවසාන පන්දු වාර කිහිපයේදී දිල්ෂාන් දවාගන්නවා. ඒ වගේම 19 වැනි පන්දු වාරය ලකුණු 04කට ඉවර කරන්න දිල්ෂාන් මධුසංකට පුළුවන් වෙනවා. ඒත් එක්කම ඉන්දියාව ඉතා අඩු ලකුණු ප්‍රමාණයක රඳවා ගන්නත් අපට පුළුවන් වෙනවා. අපි තරගය ජයග්‍රහණය කරනවා. දිල්ෂාන් කියන වීරයා මුළු ලෝකෙටම පේන්න පටන් අරගන්නවා.

දිල්ෂාන් මධුසංකලා ඕනෑ තරම් ගම්වල තවත් ඇති. ඒත් අවාසනාවකට එහෙම කොල්ලන්ට ඉස්සර කොළඹ තිබ්බෙ හුඟක් දුර. ක්‍රිකට් තිබුණෙ මහත්තුරුන්ගෙ අතේ. දැන් එහෙම නෑ. කවදාවත් කොළඹ ඉස්කෝලෙ නොගිය කොල්ලෙක්ට ලංකාවෙ ක්‍රිකට් ටීම් එකේ නායකයා වෙන්න පුළුවන් වුණ තැන ඉඳලා තව කතාවක් අපි ලබන සතියෙ කියනවා.



ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

බෝට්ටු බස් එකේ නයිනතිව්… මළවුන් සිහිකරන පුනකුඩතිව්… උතුරු කොනේ දූපත් සංචාරේ…

Next Post

ජපානේ ඉන්න රනිල් හදිසියේම ලංකාවට පණිවුඩයක් එවයි!

MORE NEWS

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.