• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දිට්ඨ ධම්ම ‌වේදනීය කර්මය (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

December 28, 2019
in Exclusive, Gurudawa, Uncategorized
Reading Time: 1 min read
A A
දිට්ඨ ධම්ම ‌වේදනීය කර්මය (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

මේ දවස්වල ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ කටේම තියෙන වචනය දිට්ඨ ධම්ම වේදනීය කර්මයය. මෛත්‍රි – රනිල් ආණ්ඩු කාලයේ තමන්ව හිරේ දමපු චම්පිකලාට, රාජිතලාට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දීලා යැයි ඇමැතිවරු උජාරුවෙන් කියති. මේකට බණ්ඩාරනායක මැතිනිය නම් කීවේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය නොව කරත්ත රෝදය කැරැකෙනවා යැයි කියාය. 1980 ජේ. ආර්.ගේ ආණ්ඩුව මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන වේලාවේ ඇය කීවේ කරත්ත රෝදය එක පැත්තකට විතරක් නොව අනෙක් පැත්තටත් කැරැකෙනවා යැයි කියාය. හැබැයි ලංකාවේ දේශපාලන ඉතිහාසයේ දේශපාලන සතුරන් දඩයම් කිරීම පළමුව පටන් ගත්තේ ඇයගේ 70-77 සමඟි පෙරමුණු ආණ්ඩුවය. ඇය 1971 කැරැල්ලට සම්බන්ධ යැයි කියා එවකට විපක්‍ෂ නායක ජේ. ආර්.ගේ පුත් රවි ජයවර්ධන අත්අඩංගුවට ගනු ලැබීය. ජේ. ආර්. හිටියේ ඒ ගැන දැඩි කම්පනයකින්ය. රවී පමණක් නොව ලලිත් ඇතුලත්මුදලි ඇතුළු එජාප ආසන සංවිධායකයන් බුරුතු පිටින් ඇගේ ආණ්ඩුව හිරේට දමනු ලැබීය. එකල සාතන් ලෙස ප්‍රකට අධිකරණ ඇමැති පීලික්ස් ඩයස් යූඇන්පී මන්ත්‍රිවරුන්ට වෙන වෙනම ලිපි ගොනු හදා ආණ්ඩුවට සහාය නොදෙන්නේ නම් හිරේට දානවා යැයි කියා යූඇන්පී මන්ත්‍රිවරුන් බය කළේය. එවකට කොළඹ නගරාධිපති ෆවුසි මැතිනියගේ ආණ්ඩුවට එක් වූයේ එලෙස ෆීලික්ස් ඩයස්ගේ බය කිරීම නිසාය. එපමණක් නොව කිහිප වරක්ම ජේ. ආර්.ව අත්අඩංගුවට ගන්න උත්සාහ කළේය. ජේ. ආර්. ඕස්ටේ්‍රලියාවට යන විට රහස් පොලිසිය ජේ. ආර්. ඉන්නා ගුවන් යානයට යැව්වේ විදේශ විනිමය වංචා චෝදනා නඟමින්ය.
මේ සියල්ල ඉවසා දරා සිටි ජේ. ආර්. 1977 ජයගත් විගස බණ්ඩාරනායක මැතිනියගේත්, ෆීලික්ස් ඩයස්ගේත්, ෆවුසිගේත් ප්‍රජා අයිතිය අහෝසි කරන්න තීරණය කළේය. නැක්සලයිට් චෝදනා නඟා මැතිනියගේ බෑනා විජයව අත්අඩංගුවට ගත්තේය. එවකට ශ්‍රීලනිප මහ ලේකම් රත්නසිරි වික්‍රමනායක, ශ්‍රීලනිප ජනාධිපති අපේක්‍ෂක හෙක්ටර් කොබ්බෑකඩුව හතර වැනි තට්ටුවට ගෙනැවිත් ප්‍රශ්න කරවනු ලැබීය. තවත් විශාල පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීය. මර්වින් සිල්වාද ඒ අතර විය.
1994 බලයට ආ චන්ද්‍රිකාගේ ආණ්ඩුව දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දුන්නා කියා එවකට විපක්‍ෂ නායක ගාමිණී දිසානායකට එරෙහිව අල්ලස් කොමිසමට චෝදනා ඉදිරිපත් කළාය. ගාමිණී මියගිය පසු විපක්‍ෂ නායක වූ රනිල්ට එරෙහිව බටලන්ද කොමිසම දමනු ලැබීය. එජාප මැති ඇමැතිවරුන්ගේ දූෂණ හොයන්න ජනාධිපති කොමිෂන් දමා විජේපාල මෙන්ඩිස් ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන බවට තර්ජනය කොට පසුව විජේපාල ඇතුළු දූෂණ චෝදනා ලද හිටපු මැති ඇමැතිවරුන් ආණ්ඩුවට එක්කර ගනු ලැබීය. සිරිසේන කුරේව නිවාස අඩස්සියේ තැබීය. බටලන්ද චෝදනා ගොනු කොට රනිල්ව අත්අඩංගුවට ගන්න කළ හැකි හැම දෙයක්ම කළාය.
2002 රනිල්ගේ ආණ්ඩුව බලයට ඇවිත් මේ පළිගැනීම අනෙක් අතට කරකවනු ලැබීය. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ප්‍රබලතම ඇමැති වූ අනුරුද්ධ රත්වත්තේ උඩතලවින්න ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගනු ලැබීය. චන්ද්‍රිකාට සමීප අනෙකුත් ඇමැතිවරුන්ට එරෙහිව දූෂණ චෝදනා ගෙන එනු ලැබීය. 2004 යළි ආණ්ඩු බලය දිනාගත් චන්ද්‍රිකා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත එස්. බී.ව හිරේට යවනු ලැබුවේ ඇයගේ 2001 ආණ්ඩුව විනාශ කළා යැයි කියාය. එපමණක් නොව රවී කරුණානායකට අත්අඩංගුවට ගන්න ඔහුගේ නිවෙසට පොලිසිය යවනු ලැබීය. 2002 රනිල්ගේ ආණ්ඩුවේ ඇමැතිවරුන්ට එරෙහි පාර්ලිමේන්තු කෝප් කමිටුව හරහා දූෂණ චෝදනා නඟනු ලැබීය.
2005 ජනාධිපති වූ මහින්ද දඩයම් කළේ ආණ්ඩුවේ චන්ද්‍රිකාවාදීන්වය. චන්ද්‍රිකාගේ සහ මංගලගේ සමීපතමයකු වූ ශ්‍රීපති අත්අඩංගුවට ගනු ලැබීය. චන්ද්‍රිකාට එරෙහිව උසාවියේ නඩු දමනු ලැබීය. 2010 ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු ෆොන්සේකාව හිරේට දමනු ලැබීය.
හැබැයි 1970 බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවෙන් පටන්ගත් දේශපාලන සතුරන් දඩයම් කිරීම ආණ්ඩුවක දේශපාලන න්‍යාය පත්‍රයේ අංක එක බවට පත්වූයේ 2015 බලයට ආ මෛත්‍රි – රනිල් ආණ්ඩු කාලයේදීය. එයට ප්‍රධාන හේතුවක් තිබිණි. හේතුව නම් මෛත්‍රිට ශ්‍රීලනිපයේ බලය ගන්න තිබුණු පෙරේතකමය. මෛත්‍රි ශ්‍රීලනිප නායකත්වය මහින්දගෙන් ගත්තේ ශිරන්ති සහ මහින්දගේ දරුවන්ට එරෙහිව දූෂණ, මිනීමැරුම් චෝදනා තියෙනවා කියා මහින්දව බය කරලාය. මහින්ද ඇත්තට බය විය. මහින්දව බය කොට ශ්‍රීලනිප නායකත්වය ගත්තාට පසු මෛත්‍රි හිතුවේ ශ්‍රීලනිපයම බය කොට තමන් වටා එකතුකර ගන්නටය.
‘මුන් ඔක්කොටම කේස් තියෙනවා…’
මේ මෛත්‍රි ඒ කාලයේ උජාරුවෙන් කියපු කතාවකි. තමන්ට එරෙහි චෝදනාවලට බයේ මෛත්‍රි වටේ එකතු වුණු ශ්‍රීලනිප නායකයන් මෛත්‍රිට උපදෙස් දුන්නේ අවනත නොවන ශ්‍රීලනිප මන්ත්‍රිවරුන්ට චෝදනා ගොනු කොට හිරේ දමන්න කියාය. මූල්‍ය අපරාධ විමර්ශන අංශය හෝ අල්ලස් කොමිසම ශ්‍රීලනිප මන්ත්‍රිවරයෙක් පසුපස පන්නන විට මෛත්‍රිගේ ශ්‍රිලනිප සගයෝ බේරා දෙන්න නම් මෛත්‍රිට සහාය දෙන්න කියමින් ඔවුන් පසුපස යයි. බැසිල්ව හිරේ දමන්න, නාමල්ව හිරේ දමන්න, යෝෂිතව හිරේ දමන්න, උපදෙස් දුන්නේ මේ මෛත්‍රි වටා කඳවුරු බැඳගෙන ඇමැතිකම් ලබාගත් ශ්‍රීලනිප නායකයන්ය.
‘මෛත්‍රි එක්ක ඉන්නවා නම් එළියේ. මහින්ද එක්ක හිටියොත් හිරේ’
මේ එකල ශ්‍රීලනිපයේ දර්ශනයය. මහින්දව ආරක්‍ෂා කරන මහින්ද වටේ ඉන්නා අයව අත්අඩංගුවට ගන්න ලැයිස්තු හැදුවෙ මෛත්‍රිපාලය. හොඳම නිදසුන ප්‍රියංකර ජයරත්නය. ඔහු මෛත්‍රිට එක් වූ ශ්‍රීලනිප මන්ත්‍රිවරයෙකි. ඒ සඳහා ඔහුට රාජ්‍ය ඇමැති ධුරයක් ලැබිණි පසුව ඔහු මහින්ද ළඟට ගන්න තීරණය කළේය. මෛත්‍රි වහාම අල්ලස් කොමිසමේ ඔහුට එරෙහිව චෝදනා ගොනු කළේය. එයින් ඔහු පෙන්වූයේ ඔහුට එක් නොවන අයට පමණක් නොව ඔහුගෙන් වෙන් වෙන අයටද දඬුවම හිරේට යෑම බවය. මෛත්‍රි තෝර තෝරා රාජපක්‍ෂලා සහ ඒකාබද්ධ විපක්‍ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් පසුපස පන්නන්නේ යූඇන්පීයට පයින් ගසා ඔහුගේ නායකත්වයෙන් ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න බව තේරුම් ගත්තේ රනිල් පමණි. එම නිසාම මෛත්‍රිගේ රාජපක්‍ෂ සහ රාජපක්‍ෂවාදී මන්ත්‍රි දඩයම බකල් කළේය. රනිල්ගේ තටු කපා තමන්ට රිසිසේ රාජපක්‍ෂවරුන් දඩයමේ යන්න මෛත්‍රි පාවිච්චි කළේ සිවිල් සංවිධාන මෙන්ම රාජිත සහ චම්පිකවය. ඔවුන් මෛත්‍රිගේ වුවමනාවට යහපාලනය ආරක්‍ෂා කිරීමට නම් රාජපක්‍ෂවරුන් සහ රාජපක්‍ෂවාදීන් දඩයම් කළ යුතුය යන මතය යූඇන්පීය තුළ නිර්මාණය කළේය. ඇත්තටම රාජපක්‍ෂවරුන් සහ රාජපක්‍ෂවාදී ශ්‍රීලනිප මන්ත්‍රිවරු හිරේට දැම්මේ මෛත්‍රි සහ මෛත්‍රි වටා සිටි ශ්‍රීලනිප නායකයන්ය. රාජිතලා, චම්පිකලා සිවිල් සංවිධාන කළේ හිරේට දමන්න පහන අල්ලන එකය.
එහෙම බලන කොට දිට්ඨ ධම්ම වේදනීය කර්ම පඩිසන් දෙන්න ඕනෑ මෛත්‍රිපාලට සහ මෛත්‍රිපාල වටා සිටි අද ගෝඨාගේ ආණ්ඩුවේ ඇමැතිකම් කරන ශ්‍රීලනිප නායකයන්ටය. අද මෛත්‍රි ඉන්නේ තොත්ත බබෙක් වගේය. එදා මෛත්‍රි එක්ක එකතු වෙලා රාජපක්‍ෂලා සහ රාජපක්‍ෂවාදීන් හිරේට දමපු ශ්‍රීලනිප නායකයන් ගෝඨාභයගේ ආණ්ඩුවේ ඇමැතිකම් කරන්නේ පහුගිය අවුරුදු පහේ හිටියේ කොහේද කියල අමතක වෙලා වගේය. ඒ කාලයේ මෛත්‍රිව විවේචනය කරන්න හිටියේ තුන්දෙනෙක් පමණි. එක් අයෙක් බැසිල් රාජපක්ෂය. අනෙකා ප්‍රසන්න රණතුංගය. තුන්වැන්නා රොෂාන් රණසිංහය. අනෙක් ඔක්කොම හිටියේ මෛත්‍රිපාලට බයේය. ඒ හිරේට යන්න තියෙන බය නිසාය. මෛත්‍රි එක්ක එකතු වෙලා රාජපක්‍ෂලා සහ රාජපක්‍ෂවාදීන් හිරේ දමපු, අද උජාරුවට ඇමැතිකම් කරන ශ්‍රීලනිප නායකයන්ට නම් 2020 මහ මැතිවරණයේදී දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දෙනු ඇත. මිනිස්සු හිරේ දැමීම කජු කනවා වගේ වැඩක් කියල හිතපු මෛත්‍රිපාලට නම් රාජපක්‍ෂ වේදනීය කර්මයෙන්ම පඩිසන් ලැබෙනු ඇත.

උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

උමයංගනාගේ ග්‍රහණයෙන් බේරුණු නුවණට අධිපති ගනේෂ

Next Post

රන්ජන් A/L පාස්: නීතිය හදාරන්නත් පුළුවන්

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.