ඇමෙරිකාවේ ‘කොවිඩ්’ වසංගතය අවසන් යැයි ජනාධිපති ජෝ බයිඩන් මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබේ.
ජනාධිපති බයිඩන් මේ බව කියා සිටියේ, ‘60 මිනිට්ස්’ වාර්තා වැඩසටහන අතරතුරේය.
ජනාධිපති බයිඩන් එසේ පැවැසුවත්, ඇමෙරිකන් සෞඛ්‍ය අංශ මේ සම්බන්ධයෙන් කිසිවක් පවසා නැත.
ඇමෙරිකන් සෞඛ්‍ය අංශ පවසා ඇත්තේ ‘කොවිඩ් 19’ වසංගතයේ පාලනයක් සහ අඩුවක් දකින්න ලැබුණත් එය තව දුරටත් වසංගත තත්ත්වයක් නොවේ යැයි කීමට සුදුසු තත්වයක් නිර්මාණය වී නොමැති බවය.
තවමත් ලොව වැඩිම ‘කොවිඩ් 19’ ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන අන්දමට තවමත් දිනකට ‘කොවිඩ් 19’ වසංගතයට බිලිවන ඇමෙරිකානුවන් ගණන 400 කි.










