• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔක්කොටම අත ඉස්සුවා! දේශපාලන පරපුරවල් හැදුවා! ගෝඨාට වැරදුණේ රුවන්වැලිසෑයේ දිවුරුම් දීලා! මහින්දට වැරදුණේ කැලණියේ දිවුරුම් දීලා! රජකම් කළත් කළකම් පළ දෙනවා! රටට ආදරේ නම් මාස 6ත් ඇතුළත ජන්දෙකට යන්න! එහෙම නොවුණොත් එන අරගලය නවත්වන්න බැරිවෙයි! මිහින්තලේ නායක හිමියෝ අගමැතිගේ මූණටම කියයි! (VIDEO)

September 20, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ඔක්කොටම අත ඉස්සුවා! දේශපාලන පරපුරවල් හැදුවා! ගෝඨාට වැරදුණේ රුවන්වැලිසෑයේ දිවුරුම් දීලා! මහින්දට වැරදුණේ කැලණියේ දිවුරුම් දීලා! රජකම් කළත් කළකම් පළ දෙනවා! රටට ආදරේ නම් මාස 6ත් ඇතුළත ජන්දෙකට යන්න! එහෙම නොවුණොත් එන අරගලය නවත්වන්න බැරිවෙයි! මිහින්තලේ නායක හිමියෝ අගමැතිගේ මූණටම කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා මාස හයක් ඇතුළත මහ මැතිවරණයකට නොගියහොත් නැවත ගොඩනැගෙන අරගලය නැවැත්විය නොහැකි වන බව මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසයි.

අනුරාධපුරයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද එම විහාරයට ගිය අවස්ථාවේ උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

අනුරාධපුර පූජා නගරයට පැමිණ ආගමික වතාවත්වල නිරත වු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද ඓතිහාසික මිහින්තලා පුදබිමට පැමිණ මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගත්තේය.

එහිදී අනුශාසනා කළ මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි

“ඔබතුමාලා ඔක්කොටම අත ඉස්සුවා අත්සන් කෙරුවා, දැන් පක්ෂ ප්‍රතිසංවිධානයක් කරනවා මේ වෙලාවේ. මේ වෙලාවේ පක්ෂ නෙමේ ප්‍රතිසංවිධානය කරන්න ඕනේ අපේ අගමැතිතුමා. රටේ ජනතාවගේ සුබසිද්ධියයි කරන්න ඕන. තාත්තලා,පුතාලා ,හිටපු නායක නායිකාවොන්ගේ දරුවෝ තමයි දැන් රට භාර ගන්න ජනාධිපතිකම ඊට පස්සේ ගන්න ලැහැස්ති කරලා තියෙන්නේ. ඉතින් එහෙම ගන්න පුළුවන් ද, දෙනවද අපි එහෙම. ජනාධිපතිතුමා කිව්වානේ ක්‍රිකට් ටීම් එක හොඳයි කියලා. ක්‍රිකට් ටීම් එක හොඳ වුනේ ඒ කට්ටිය එකතුවෙලා බැටින්, ෆීල්ඩින් කරානේ හොඳට. සමගිය බලය වේ. පාර්ලිමේන්තුවේ 225ට මේ කපේට එක්සත් වෙන්න බෑ. මේ පූජා නගරය ගත්තොත් එහෙම හැමතැනම පතෝල මැහි වගේ. මේක සුවඳ හමන නගරයක් වෙන්න එපැයි. පාරවල්ටිකවත් හැදිලා නෑ නේ හරියට. මෙතුමාලා එහෙමත් ගොඩාක් කල් ඉන්නවා හරියට වැඩක් කරලා නෑ. ෂෙහාන් සේමසිංහ පරපුරක් තියෙනවා නේ.  සීයා ,තාත්තා ඔයා, හොයලා බලලා වැඩ කරලා නෑ. ඉතින් මේ අපේ දෙවැනි බුදුහාමුදුරුවෝ නේ ම්හිඳු හාමුදුරුවෝ. මේ දහම සංස්කෘතිය ඇතිකරලා මිත්‍යාව නැතිකරපු. මිත්‍යාවත් එක්ක අපි කාලයක් ගියානේ. කාලි මෑණිවරු භද්‍ර කාලි, සමන් කාලි, මහා කාලි, ඔය ඔක්කොමත් එක්ක ගියානේ, බැරිවුණා නේ මේක රැකගන්න, යන්න එපා ඔය දේවාල පස්සේ, එකක් වැරදුනු තැනක් තමයි ගෝඨාභය මහත්තයාට රුවන්වැලි සෑයේ දිවුරුම් දුන්නා, මුළු විශ්වයම වන්දනා කරන්න එන තැනක් නේ. චූඩා මාණික්‍යය තිබ්බේ නෑ එතන, අනිත් එක මම දන්නේ නෑ ඒක රැවටීමක් නේ, හෘද සාක්ෂියට එකඟව වුණාද කියලා මම දන්නේ නෑ, එතන ඒකක් කළා, අගමැතිතුමා දිවුරුම් දුන්නා කැලණියේ. බුදුහාමුදුරුවොත් වැඩපු තැන් නේ මේ ඔක්කොම. ඊටපස්සේ මාලිගාවට ගිහිල්ල දිවුරුම් දෙනවා. පාර්ලිමේන්තුවට ගිහිල්ලා මිනිස්සු විතරක් නෙවෙයි සත්තුත් රවට්ට්ටලා. ගව ඝාතනය තහනම් කියලා හිටපු අගමැතිතුමා දානවා කැබිනට් පේපර් එකක්. මතු බුදුවෙන්න කියලා දැම්මා ෆේස්බුක් එකේ. දවස් දෙක තුනකට පස්සේ තව මස් කඩයක් විවෘත කළා. බැරි දේවල් කියන්න හොඳ නෑ. ඔය මහින්ද මහත්තයා 2015 ගියා නම් අද පිළිරුවක් තියලා වඳිනවා, නමුත් ඒ දේ නැතිකරගත්තානේ ඊයේ පෙරේදා. රජකම් කරත් කළකම් පලදෙනවා. ඒ තැනට ගෙනාවා නේ. දැන් බනින බැනිලි. ගෝඨාභය කොහේදෝ ඉඳලා කුණකට කරගහලා හිටපු කට්ටිය කරපු වැඩ හින්දානේ රටෙන් තොරොංචිවෙලා යන්න සිද්ධවුණේ. නිලමේතුමා ඔය මාලිගාවේ උතුම් දළඳා හාමුදුරුවෝ හැබැයි භාරව ඉන්නේ ඒ මනුස්සයාත් අර කාලි පස්සේ යනවා. ඊළඟට නම් අපි ඡන්දේ දෙන්නේ නෑ එයාට, එම සමස්ථ රට ලෝකෙම ගෞරව කරන තැන. ඔයිටත් වඩා අපිට වස්තුවක් තියෙනවා ද. ඒවා ගැලපෙන්නේ නෑ අපිට, කවුරු කරත් අපි විරුද්ධයි ඕවට, මේ ඔක්කොම හිටපු නායකයෝ, ඉන්න නායක නායිකාවෝ එක්කාසු වෙමු. රටට ආදරේ නම් මාස 06ක් ඇතුළත මහ මැතිවරණයකට යන්න, ඔබතුමාලා පොරොන්දු වෙන්න. මහ නායක හාමුදුරුවෝ කිව්වා, එහෙම නොවුණොත් මහා බැංකු අධිපතිතුමාත් කිව්වානේ අරගලයක් එයි කියලා, ඒ ආර්ථික දැනුමත් එක්ක නේ එතුමා කියන්නේ. එහෙම වුනොත් මේ එන අරගලය නවත්වන්න බැරිවෙයි,”

SendShareShare
Previous Post

තර්ජනීගේ තර්ජනෙන් ආසියාවටම එක වුණු අපේ කෙල්ලෝ…

Next Post

තීන්දුව ප්‍රකාශයට පත් කරයි! ලසන්ත ඝාතනයට ශ්‍රී ලංකා ආණ්ඩුව වැරදිකරු ‌බව ජාත්‍යන්තර සංවිධානයක් තීන්දු කරයි! (VIDEO)

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.