• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැලඹිලි රැසක්! විපක්ෂය හිස ඔසවයි! ජනතාව ප්‍රතිචාර දරුණු වෙයි! ජ්‍යොතිෂවේදිනී හේරත් මැණිකෙගෙන් අනාවැකි රැසක්…!

September 21, 2022
in Astrology, Exclusive, News
Reading Time: 3 mins read
A A
කැලඹිලි රැසක්! විපක්ෂය හිස ඔසවයි! ජනතාව ප්‍රතිචාර දරුණු වෙයි! ජ්‍යොතිෂවේදිනී හේරත් මැණිකෙගෙන් අනාවැකි රැසක්…!
Share on WhatsAppShare on Facebook

විවිධ දේශපාලන පෙරළි සමග අපේ රට මේ ගමන් කරමින් තිබෙන්නේ ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් පසුකරමින් බව සියලු දෙනාටම වැටහෙන කරුණක්. වසංගත, ආහාර හිඟය, අධි උද්ධමනකාරී තත්ත්වය, ජන අරගල ආදී මෙකී නොකී විවිධ ගැටලු ජනතාවගේ කර මත පැටවී ඇති කාලක් ලෙසත් මෙය හඳුන්වන්නට පුළුවන්. එවන් පීඩාකාරී සමයක රටේ ඉදිරිය කොයි වගේ වේවිද? මේ දුෂ්කරතාවලින් අත්මිදෙන්න ජනතාවට තව කොතරම් කාලයක් ගතවේවිද? රටේ පාලකයන්ට ඉදිරියේදී සිදුවන්නේ කුමක්ද? නුදුරේදීම සිදුවන දේශපාලන පෙරළි මොනවාද? මේ සියලු ප්‍රශ්න පිළිබඳ ජ්‍යොතිෂ විද්‍යාත්මක විග්‍රහයක යෙදෙන්නට ප්‍රවීණ ජ්‍යොතිෂවේදිනී කල්‍යාණි හේරත් මැණිකේ මහත්මිය සූදානමින් සිටිනවා. ඇයගේ මෙම ජ්‍යොතීර් විද්‍යාත්මක පැහැදිලි කිරීම අප උපුටාගත්තේ Vishwa Pansala යූටියුබ් චැනලයෙන්. එතුමියගේ විග්‍රහයට අපි දැන් යොමුවෙමු.

අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රවි ග්‍රහයා ග්‍රහ මණ්ඩලයේ පියා සැප්තැම්බර් 17 වැනිදා තමන්ට අයිති රාශි වූ සිංහයෙන් බුධට හිමි කන්‍යා රාශියට සැපත් වෙනවා. ඉන් පස්සේ එතැනදී ඇතිවෙන බලපෑම ලංකා කේන්දරයට අනුව රටේ දේශපාලන තත්ත්වයට කොහොමද බලපාන්නේ කියලා අපි බලමු. ඇයි මේ රවි ග්‍රහයා පිළිබඳ අපි ඒ වගේ එළඹුමකට එන්නේ? රවි හඳුන්වන්නේ රාජ්‍යකාරක ග්‍රහයා වශයෙන්. රටේ පාලන තන්ත්‍රයට බෙහෙවින් බලපෑම් කරන ග්‍රහයෙක් විදියට තමයි අපි රවි ග්‍රහයා හඳුන්වන්නේ. 1948 පෙබරවාරි 04 වැනිදා නිදහස ලබාගත්තාට පස්සේ ලංකා කේන්දරය සකස් වෙනවා. රාජාණ්ඩු ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයකට ඇතුළු වෙද්දී නැවත වතාවක් අලුතින් උත්පත්තිය ලැබුවා හා සමාන ක්‍රමයකට හිතලා මේ කේන්දරය සකසද්දී එදා ජාතික කොඩිය ඔසවන වෙලාවේදී උදාවූ ග්‍රහචාරයට අනුව කුම්භ ලග්නය තමයි ලංකාවේ ලග්නය ලෙස සැලකෙන්නේ.

කුම්භ ලග්නයේ මේ සැප්තැම්බර් 17 ඉඳන් ඔක්තෝබර් 17 දක්වා රවි ගමන් කරන්නේ 08 වැනි භාවයේ. රවි 08 වැනි භාවයේ ගමන් කරන විට එය දේශපාලන කටයුතු කෙරෙහි මොන විදියටද බලපවත්වන්නේ? මෙතැනදි අපට රවි ගැන විතරක් කතා කරන්න බෑ. දේශපාලන පෙරළි, පාර්ලිමේන්තුවේ ඇතිවන කටයුතු කොයි විදියටද සකස් වෙන්නේ කියන එක නිවේදනය කරන්නේ යුරේනස් කියන ග්‍රහයාගෙන්. යුරේනස් ගොඩක් ඈත ඉඳන් තමයි තමන්ගේ කිරණ විහිදුවන්නේ. මේක තනි තනි පුද්ගලයන්ට වඩා රටක් ලෝකයක් වශයෙන් බලනකොට යුරේනස්, ප්ලූටෝ, නෙප්චූන් වගේ ග්‍රහයන්ගේ බලපෑම ඇතිවෙනවා. මේ අවස්ථාවේදී යුරේනස් ග්‍රහයා ගමන් කරන්නේ කොහෙද? යුරේනස් ග්‍රහයා ගමන් කරන්නේ තුන්වැනි භාවයේ. තුන්වැනි භාවයෙන් නිවේදනය වෙන්නේ මොන මොන වගේ දේවල්ද? රටේ ගමනාගමනය, තාක්ෂණික දේවල්, විදුලි පණිවුඩ හා ඒ හා සමාන දුම්රිය වැනි දේවල් නිවේදනය වන්නේ යුරේනස් ග්‍රහයාගෙන්. යුරේනස් ග්‍රහයා තුන්වැන්නේ ගමන් කරද්දී අටවැන්නේ ගමන් කරනවා රවි ග්‍රහයා. රවිගෙන් අටවැන්නේ තමයි යුරේනස් යන්නේ. කේන්දරයේ අටවැන්නේ තමයි රවි ගමන් කරන්නේ. අටවැන්න සාමාන්‍යයෙන් සැලකෙන්නේ එච්චර යහපත් ස්ථානයක් විදියට නෙවෙයි.

මේ අවස්ථාවේදී රවි මෙතැන ගමන් කරද්දී කොහොමද රටේ දේශපාලන කටයුතු මෙහෙයවීම සිදුවෙන්නේ? එතැනදී අපට බලන්න සිද්ධ වෙනවා අනෙක් ග්‍රහයන් කොහොමද සකස් වෙන්නේ කියලා. ආණ්ඩුව නිවේදනය වෙන්නේ මේ කොටු දොළහේ දහවැන්නෙන්. දහවැන්න තමයි රජය ගැන කතා කරන්නේ. රජය ගැන කතා කරන කුජ ග්‍රහයා මේ අවස්ථාවේදී ගමන් කරන්නේ හතර වැන්නේ. හතර වැනි භාවයෙන් නිවේදනය වෙන්නේ විපක්ෂය. විපක්ෂය නිවේදනය කරන ස්ථානයේ රජය පිළිබඳ කටයුතු, පාර්ලිමේන්තුවෙන් කරන කටයුතු ගැන, රාජ්‍ය පාලනය ගැන කටයුතු ගැන නිවේදනය කරන ලංකා කේන්දරයට අනුව කුජ ග්‍රහයා සිවුවැන්නේ ගමන් කරනවා. රාජ්‍ය පාලනය, රටේ නායකයා ගැන කියැවෙන ග්‍රහයා තමයි රවි. රවි අටවැන්නේ ගමන් කරනවා. දේශපාලන කටයුතු පිළිබඳ නිවේදනය කරන්නා වූ යුරේනස් ග්‍රහයා ගමන් කරනවා තුන්වැන්නේ. එතකොට මේ සංයුතිය කොහොමද සිදුවෙන්නේ?

මේ අවස්ථාවේදී රවි සමග බුධ ග්‍රහයා එනවා බුද්ධියට අධිපති විදියට. මෙතැනදී රවි බලවත් වෙලා බුධ වක්‍ර වෙලා ගමන් කරන්නේ. බලය තියෙන්නෙ රවිට. ඇත්ත වශයෙන්ම දේශපාලන කටයුතුවල සාධනීය ප්‍රතිඵල මහජනතාවට ලබාගන්න තරම් හොඳ ග්‍රහ පිහිටීමක් මේ සංයුතිය තුළ ඇතිවෙන්නේ නෑ. මේ අවස්ථාවේදී රාහු ගමන් කරන්නේ කුම්භ ලග්න කේන්දරයේ තුන්වැන්නේ. තුන්වැන්නේ රාහුත් සමග ගමන් කරන අනෙක් ග්‍රහයො දෙස බලනකොට විශේෂයෙන් රාහු යන්නේ සතුරු බලයේ. තුන්වැනි භාවය කියන ස්ථානය නිවේදනය කරන්නේ රටේ වික්‍රමාන්විත බව, හමුදාව, පොලිසිය වගේ දේවල්. රටක් පාලනය කරන කොට ජාතික ආරක්ෂාව ගැන කතා කෙරෙන්නේ තුන්වැන්නෙන්. ජාතික ආරක්ෂාව ගැන කතා කරන තුන්වැනි භාවයේ හිස නයි පෙණයක් විදියට හඳුන්වන ඡායා ග්‍රහයෙක් වෙච්ච රාහු එතැන ගමන් කරනකොට සතුරු බලයෙන්, ඔබට හිතාගන්න පුළුවන් ජාතික ආරක්ෂාවට සිදුවෙන්නේ මොකක්ද කියලා. ජාතික ආරක්ෂාව නිවැරැදි විදියට මෙහෙයවන්න බැරි වෙද්දී රාජ්‍යකාරක රවි අටවැන්නේ අයහපත් විදියට ගමන් කරද්දී, රවිගෙ තුන්වැන්නේ රාහුත් එක්ක යුරේනස් එකතු වෙලා ගමන් කරද්දී මොකක්ද සිදුවෙන්නේ? කම්කරු විප්ලව නැවත ආරම්භ වෙන්න පුළුවන්. ඇත්ත වශයෙන් පසුගිය කාලසීමාවේ තිබුණේ අරගල. ඒ අරගලය බොහොම සාධනීය තත්ත්වයක තිබුණේ. ඒ අරගලය රටේ මධ්‍යම පන්තිය, බුද්ධිමතුන්, තරුණ ජවයෙන්, රටේ ජීවනාලියෙන් මෙහෙයවුණේ. ඒක නිර්පාක්ෂික සහ අවිහිංසාවාදී එකක්. නමුත් මෙදා පොටේ මේ රවි අටවැන්නේ ගමන් කරද්දී ආරම්භයක් වශයෙන් ඇතිවෙන්න පුළුවන් ඉතා ප්‍රචණ්ඩකාරී දේවල්. වැරැදි විදියට හිතන්න එපා. මම කියන්නේ මිනිස්සු අවි ආයුධ ගන්නවා කියන එක නෙවෙයි. තමන්ගේ පීඩනය ඉතා ද්වේශසහගත මට්ටමට ඉදිරිපත් වෙන්න පුළුවන්. කම්කරුවන් පාරට බහින්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය ජනතාව, දිළිඳු ජනතාව පෙරට වඩා ඉදිරියට ඇවිත් සටන්කාමී විදියට කටයුතු කරන්න ඉඩ තිබෙනවා.

පාර්ලිමේන්තුවේ එක පක්ෂයක් නෙවෙයි පක්ෂ ගණනාවක් නියෝජනය වෙනවා. ආණ්ඩු පක්ෂය ගත්තොත් පක්ෂ ගණනාවක් තියෙනවා. විපක්ෂයෙත් එහෙමයි. එක එක කණ්ඩායම් ඉන්නවා. 2020 අගෝස්තු 05 වැනිදා පාර්ලිමේන්තුව ඇතුළට යද්දී තිබිච්ච තුනෙන් දෙකේ බලය අද හීන වෙලා තියෙනවා. මේ තත්ත්වය තවදුරටත් පහළට ගමන් කරන්න ගත්තාම ආණ්ඩු බලයට කුමක් වෙයිද කියන ප්‍රශ්නාර්ථයක් ජනතාවට ඇතිවෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම රවි අටවැන්නේ ගමන් කරන අවස්ථාවේදී අපට පැහැදිලි වන දෙයක් තමයි ජනතාවගේ නැගීසිටීම ප්‍රබල වෙලා ජනතා කැමැත්තෙන් ව්‍යවස්ථාදායකට පත්වෙච්ච අය කෙරෙහි ඇතිවන දැඩි අප්‍රසාදය විවිධාකාරවලින් ප්‍රකාශයට පත්වෙන්න පුළුවන්. ඒ නිසා රටේ කැලඹිලි බොහොමයක් ඇතිවෙන්න පුළුවන්. රාජ්‍ය සේවය කෙරෙහි මහජනතාවගේ බලවත් අප්‍රසාදයක් ඇතිවෙන්නත් පුළුවන්. ඒකට බලපාන හේතු රැසක් තියෙනවා. ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමට තරම් රාජ්‍ය නිලධාරීන්ට හැකියාවක් ඇතිවෙන්නෙ නෑ. රාජ්‍ය නිලධාරීන්ගේ ඒ හැකියාව ඇති නොවෙන්නේ ඔවුන්ට විධායකයේ බලය ක්‍රියාත්මක කරවීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය කිරීමේ කාර්යභාරය නිවැරැදි ආකාරයට නිසි වෙලාවට කරගැනීමට තරම් ශක්තියක්, හැකියාවක්, දැනුමක් මේ පාර්ලිමේන්තුව ඇතුළේ ආණ්ඩු බලය තියෙන අයගෙන් ඉදිරිපත් නොවන නිසා. රාජ්‍ය සේවයේ ඉහළම නිලධාරියාගේ සිට පහළම ඉන්න කාර්යාල කාර්ය සහායකයා දක්වාම ජනතාවට සේවයක් කරන්න බැරි තත්ත්වයට පත්වෙනවා. එතැනදී තමන්ට සේවය ලබාගැනීමට නොහැකි වීමෙන් පීඩාවට පත්වෙන්නේ මහජනතාව. කැපවීම සිදුවිය යුත්තේ මහජනතාව වෙනුවෙන්. මහජනතාවට අවශ්‍ය දේ කරන්න තරම් පාර්ලිමේන්තුවට ශක්තියක් නැත්නම් ඒක අකර්මණ්‍ය වුණොත් රටේ දේශපාලන කටයුතුවලට සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක ඔබම තීරණය කරගත යුතුයි.

තේජෝ ගුණයෙන් යුත් රවි ග්‍රහයා ගමන් කරන්නේ අටවැන්නේ. රවි ගිනි ග්‍රහයෙක් විදියටයි හඳුන්වන්නේ. කුජ ගමන් කරන්නේ හතරවැන්නේ. විපක්ෂයෙත් බොහෝ විරෝධතා මතුවෙන අවස්ථාවක්. හතරවැන්න කියන්නේ මහජනතා නියෝජනය වෙන තැන. මේ වෙනකොට සෙනසුරු ගමන් කරන්නේ දොළොස්වැන්නේ. සෙනසුරු සම්පූර්ණයෙන්ම ඉන්නේ මහජනතාවගේ පැත්තේ. ප්ලූටෝත් එක්ක එකතු වෙලා තියෙන්නේ. මේ වෙද්දී තුන්වැනි ලෝක යුද්ධයේ ආරම්භයත් සිදුවෙලා තියෙනවා. මෙවැනි සංයුතියක් ඇතුළත මේ සැප්තැම්බර් 17 වැනිදා සිට ඔක්තෝබර් 17 වගේ මාසයක් පුරා ගමන් කරන්නා වූ රවිගෙන් දේශපාලන ක්ෂේත්‍රයේ මහා කැලඹිලිකාරී තත්ත්වයක් නිර්මාණය වන බව පැහැදිලි කරන්න පුළුවන්. ඔබට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි. බුද්ධිමත් පිරිසක් පාලන තන්ත්‍රයට තෝරා ගැනීමට මහජනතාව අපොහොසත් වීම තුළ, එහෙම නැත්නම් මහජනතාව බලවත් රැවටිල්ලකට හසුවීම තුළ මේ පීඩාව ඔබ කරා, මා කරා ඇවිත් තියෙනවා. ඒ නිසා අපි කළ යුත්තේ හැඟීමට වහල් නොවී බුද්ධියට අනුකූලව අනාගතය සකසා ගැනීමට සුදුසු අය නිර්මාණය කිරීමට හොඳ පරිසරය අප විසින්ම සකස් කරගැනීමයි. මෙහිදී වැදගත් වෙන්නේ ඔබ, ඔබගේ ආධ්‍යාත්මය ශක්තිමත් කරගන්න එකයි. විශ්ව බලය තුළින්වත් ආධ්‍යාත්මික නායකයෝ බලගැන්වීම සඳහා අපගේ ආධ්‍යාත්මය ශක්තිමත් කරගත යුතුයි. ඒ නිසා ඔබ බිය වෙන්න එපා. භීතියෙන් කිසි දෙයක් කරන්න ඕනෙ නෑ. මොකද ඔබ ණයට කෑවේ නෑ, ණය කිසිම දෙයක් ගත්තේ නෑ. ඔබ නිසා මේ රට අගාධයට වැටුණේ නෑ, ඔබට නිවැරැදි තීරණය ගන්න පුළුවන් ප්‍රතිපත්ති ඔබගේ මනසට ඇතුළු නොවුණ නිසයි මේ වැරැද්ද සිදුවුණේ. ඔබට හරි දැක්මක් නොලැබුණු නිසා. ඒක දැන් ඔබ තේරුම් ගන්න. ඒක තේරුම් අරගෙන මෙවැනි ග්‍රහචාර තුළින් ඇතිවෙන්නා වූ අනාගත වෙනස නිවැරැදි විදියට සකස් කරගෙන හරි පාලනයක් කරා ගමන් කිරීමට නම් ඔබ, ඔබේ ආධ්‍යාත්මය ශක්තිමත් කරගන්න. ඔබගේ ආධ්‍යාත්මය ශක්තිමත් කරමින් ඔබ විශ්වයත් එක්ක ගනුදෙනු කරන්න. කුසල් සිතක් නිර්මාණය කරගන්න. කාටවත් වරදක් නොවන ආකාරයේ චේතනාවල් ඔබේ සිතේ පැලපදියම් කරගැනීමත්, එවැනි ආකාරයට හැම කෙනෙක්ම තනි තනිව හිතලා තමන්ට අවංකව හරි දේ කරනවාය යන චේතනාව ප්‍රමුඛ කරගත්තොත් අනාගතයේදී නිවැරැදි දේශපාලන සංස්කෘතියක් බිහි වෙයි කියලා අපට ලොකු විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්.



සැකසුම – චානක ලියනගේ

SendShareShare
Previous Post

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සාලිය කුලරත්නගේ දම්රුවන් සාර සංග්‍රහය…

Next Post

ඇහැට දාන බෙහෙත හොයාගන්න නැතිව තාත්තා කෙනෙක් මාස 3ක් රස්තියාදු වෙයි! තිබ්බේ එකම තැනකයි! එතනත් 12,000ක්! වේලක් කන අපි කොහොමද මහත්තයෝ ඒ ගණන්වලට බෙහෙත් ගන්නේ! බෙහෙත් නැතිව අම්මලා තාත්තලා විඳින දුක මෙන්න! (VIDEO)

MORE NEWS

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

Load More
බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම කාන්තා සහකාර අධිකාරිවරිය ලෙස දිස්නා කාරියවසම් මහත්මිය පත්කර තිබේ.Sri Lanka Latest News දශක තුනකට ආසන්න කාලයක් පුරා...

Read more
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.