ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මීට සුළු වේලාවකට පෙර දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහයට වෙස්ට්මිනිස්ටර් ශාලාවේදී අවසන් ගෞරව දැක්වා තිබේ.
එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා තානාපතිනි සරෝජා සිරිසේන මහත්මිය ද එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට (19) දින වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේ දී සිදුකිරීමට නියමිතය.