• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අදානිට විදුලි බල මණ්ඩලය බාල්දියක් පෙරළයි!

September 18, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
මහා ආන්දෝලනයක් වී තිබෙන අදානිගෙ මන්නාරම් සූර්ය බලශක්ති ව්‍යාපෘතියට ජනාධිපති දාපු කැබිනට් සංදේශය මෙන්න!
Share on WhatsAppShare on Facebook

උතුරේ පූනරීන් ප්‍රදේශයේ සුළං විදුලි බලාගාරයක් පිහිටුවීම සදහා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් ඉන්දියාවේ අදානී සමාගමට ලබා දී තිබෙන තාවකාලික අනුමැතිය නීතිවිරෝධී බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ලිඛිත ප්‍රකාශයක් නිකුත් කරමින් ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන්ත අබේසේකර මහතා පවසන්නේ මෙගවොට් 234 ක සුළං බල ව්‍යාපෘතියක් ඉදිකිරීම සදහා අදානී සමාගමට ලබා දී තිබෙන අනුමැතිය 2007 අංක 35 දරන සුනිත්‍ය බලශක්ති පනත උල්ලංඝණය කරන බවයි.

ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයට මුහුණ දී තිබුණු පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී එවකට මුදල් අමාත්‍යවරයා වූ බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා ඉන්දියාවේ සහාය අපේක්ෂා කළ අතර අදානි සමාගමට පූනරීන් හී සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීම සදහා අවසර දීම පිළිබද සාකච්ඡාව කරලියට ආවේ ඒ සමගයි.

ජූලි හත් වන දා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල මහතා විසින් ව්‍යාපෘතිය සදහා අදානි සමාගමට මූලික අනුමැතිය ලබා දී තිබුණි.

මීට පෙර අවස්ථාවක දී ද දේශපාලනඥයන්ගේ මැදිහත් වීම මත මෙවැනිම නීති විරෝධී පූර්ව අනුමැතියක් ලබා දෙන ලෙස බලකර තිබුණු අවස්ථාවක එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපතිවරයාව සිටි සුලක්ෂණ ජයවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්විය.

මෙවැනි ව්‍යාපෘතියක් දියත් කිරීම සදහා තාවකාලික අනුමැතිය අතිශයින්ම වැදගත් ය. කෙසේ වෙතත් ඒ සදහා ව්‍යාපෘති අනුමත කිරීමේ කමිටුවේ අනුමැතිය අවශ්‍යය.

2007 අංක 35 දරන සුනිත්‍ය බලශක්ති අධිකාරී පනතට අනුව එවැනි සාම්ප්‍රදායික නොවන පුණර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සදහා ලබා දිය යුත්තේ තාවකාලික අනුමැතියක් පමණක් වන අතර ඒ සදහා ව්‍යාපෘති අනුමත කිරීමේ කමිටුවේ අනුමැතිය අවශ්‍යය.

සුනිත්‍ය බලශක්ති අධිකාරී පනතට අනුව පහත සදහන් ආයතන වල ඉහළ නිළධෘරීන්ගෙන් සමන්විත ව්‍යාපෘති අනුමත කිරීමේ කමිටුවක් පත් කළ යුතුය.
මුදල් අමාත්‍යංශය
ලංකා විදුලි බල මණ්ඩලය
සුනිත්‍ය බලශක්ති අධිකාරිය
මධ්‍යම පරිසර අධිකාරිය
වාරිමාර්ග දෙපාර්තමේන්තුව
ජල සම්පාදන මණ්ඩලය
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
ඉඩම් කොමසාරිස් ජනරාල්
වනජීවී දෙපාර්තමේන්තුව
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව.

සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ඉහල නිළධෘරියෙක-ු පවසන්නේ ව්‍යපෘති අනුමත කිරීමේ කමිටුව මෙම ව්‍යාපෘතිය සදහා තාවකාලික අනුමැතිය ලබා දී නැති බවයි.

ව්‍යාපෘති අනුමත කිරීමේ කමිටුව අදාල ව්‍යාපෘතිය සදහා තාවකාලික අනුමැතිය ලබා දීමට පෙර සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් කොන්දේසි ගණනාවක් සපුරාලිය යුතු ය.

පළමුව සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් අදාල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් කළ යුතුව ඇති නමුත් එය ද සිදුකර නැති බව පැවසේ.

එමෙන්ම ව්‍යාපෘති අනුමත කිරීමේ කමිටුවේ අනුමැතියට යොමු කිරීමට පෙර එවැනි දැවැන්ත ව්‍යාපෘතියකින් නිපදවන විදුලිය ජාතික විදුලි පද්ධතිය අවශෝෂණය කිරීමේ තාක්ෂණික හැකියාව සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයෙන් වාර්තාවක් ලබා ගත යුතුය.

එය සංකීර්ණ ඉන්ජිනේරු අධ්‍යයනයකින් පසුව නිකුත් කළ යුතු වාර්තාවක් බව පැවසේ. කෙසේ වෙතත් එවැනි වාර්තාවක් සුනිත්‍ය බලශක්ති අධිකාරිය ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලා නැත.

ඒ හේතුව නිසාම අදාල ව්‍යාපෘතිය සදහා පූර්ව අනුමැතිය ලබා දීම විදුලිබල මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

SendShareShare
Previous Post

පත්තර ගහලා තිබ්බ අලි බොරුවක් ගැන ජනපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! CIDයටත් පැමිණිල්ලක්!

Next Post

ලංකා ලෙජන්ඩ්ස්ලයි දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස්ලයි අද හැප්පෙයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.