කෑම පාර්සලයක් රුපියල් 450 ඉක්මවා ගොස් ඇති හෙයින් පාරිභෝගිකයින් ආපන ශාලා වෙත පැමිණීම ඉතා අඩු වී ඇති බව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආපන ශාලා හිමියන් පවසයි.
පාන් පිටි කෑම වල මිල ද අධික වීම නිසා එම කෑම විකිණෙන්නේ නැති බව ද ඔවුන් පැවසීය.
මේ හේතුවෙන් ආපන ශාලා නඩත්තු කිරීම අපහසු වී ඇති හෙයින් ආපන ශාලා වැසී යාමේ තත්ත්වයක් උදා වී ඇති බව ඔවුන් වැධිදුරටත් සඳහන් කරයි.
තවද අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල කුකුළු මස් කිලෝව රුපියල් 1600ට විකුණන ආකාරයක් දැක්නට තිබෙන බවත් මේ හේතුවෙන් තමන් පීඩාවට පත්ව ඇති බව ජනතාව පවසයි.
කුකුළු මස් කිලෝවක් ගැනීමට රුපියල් 1600ක් වියදම් කරන්නට මේ දිනවල ආර්ථික අපහසුතා තිබෙන බව ඔවුන් පවසයි.
කුකුළු මස් වලට පාලන මිලක් අවශ්‍ය බවත් සමහර ප්‍රදේශ වල කුකුළු මස් විකිණෙන්නේ කිලෝව 1400ට බවත් ඔවුන් පෙන්වා දෙයි.










