විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක, සමගි ජන බලවේගයෙන් හුස්මක් වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ජන සුවය ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 52 වැනි පියවර ලෙස රුපියල් තිස්පන් ලක්ෂයක් වටිනා’ Dialysis යන්ත්‍රයක් අම්පාර රෝහලට ඊයේ (15) පරිත්‍යාග කරනු ලැබීය.
රට අරාජික වී ඇති මොහොතක රටේ ජනතාව ජීවත් කරවීම වෙනුවෙන් තමන්ට පැවරී ඇති සමාජ වගකීම ‘හුස්ම’ වැඩසටහන හරහා නොපිරිහෙළා ඉටුකරන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී සඳහන් කළේ.



















