• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෙරදිග ධාන්‍යාගාරයට වෙච්ච විනාසයක්! කන්න නැති වෙන තත්ත්වයක් එනවා! ජාත්‍යන්තර ආයතන 2ක් දැනටමත් අනතුරු අඟවලා!

September 13, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
පෙරදිග ධාන්‍යාගාරයට වෙච්ච විනාසයක්! කන්න නැති වෙන තත්ත්වයක් එනවා! ජාත්‍යන්තර ආයතන 2ක් දැනටමත් අනතුරු අඟවලා!
Share on WhatsAppShare on Facebook

දුර්වල කෘෂිකාර්මික නිෂ්පාදනය, මිල ඉහළ යාම සහ පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්‍ෂිතතාවය උග‍්‍ර විය හැකි බවට ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙල අනතුරු අඟවයි.

ජනගහනයෙන් 30% කට ආසන්න ප‍්‍රමාණයක් දැනටමත් ආහාර අනාරක්‍ෂිතතාවයට පත්ව සිටින අතර හදිසි ආධාර ප‍්‍රමාදවුවහොත් ආහාර අනාරක්‍ෂිතතාවය තවදුරටත් උග‍්‍ර වනු ඇත.

ශ්‍රී ලංකාවේ මිලියන 6.3 ක ජනතාවක් මධ්‍යස්ථ මට්ටමේ සිට උග‍්‍ර මට්ටමේ ආහාර අනාරක්ෂිතභාවයකට මුහුණ දෙන බවත් බවත් ප‍්‍රමාණවත් ජීවිතාරක්‍ෂක සහ ජීවනෝපාය ආධාර ලබා නොදුනහොත් ඔවුන්ගේ තත්වය වඩාත් බැරැරුම් විය  හැකි බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ ලෝක ආහාර වැඩපිළිවෙල (WFP) නව වාර්තාවක් නිකුත් කරමින් අද ප‍්‍රකාශ කරන ලදි.

ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙල සිදුකරන ලද ඒකාබද්ධ ආහාර භෝග සහ සුරක්ෂිතතාව පිලිබඳ තක්සේරු මෙහෙයුම් (CFSAM) වාර්තාවට අනුව, ආසන්න වාර දෙකක බෝග අස්වැන්න අසාර්ථක විම හේතුවෙන් ආහාර නිෂ්පාදනය 50%ක් පමණ පහත වැටුනු අතර, විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ආහාර සහ ධාන්‍ය ආනයනය අඩු විය.

විශේෂයෙන්ම මධ්‍යස්ථ මට්ටමේ සිට උග‍්‍ර මට්ටමේ ආහාර අනාරක්‍ෂිතතාවයට පත්ව සිටින පවුල් වලට පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීමේ හැකියාව ලැබෙන පරිදි පවතින සමාජ ආධාර යාන්ත‍්‍රණ ද ඇතුළුව  හදිසි ආහාර ආධාර සහ ජීවනෝපාය වැඩ සටහන් වහාම කි‍්‍රයාත්මක කළ යුතුව ඇතැයි වාර්තාව සඳහන් කරයි. ප‍්‍රධාන ආහාර වර්ග වල විශේෂයෙන්ම වී අස්වැන්න අඩු වීමත් පවතින ආර්ථික අර්බුදයත් නිසා අධාර ලබා දීමක් සිදු නොවුන හොත් 2022 ඔක්තෝබර් සිට 2023 පෙබරවාරි අතර කාලය තුළ ඔවුන්ගේ ආහාර සුරක්‍ෂිතතාවය තවදුරටක් පිරිහෙනු ඇතැයි අපේක්‍ෂා කරනු ලැබේ.

“ආහාර සුරක්‍ෂිතතා තත්වයන් තවදුරටත් පිරිහීම වැලැක්වීම සඳහා සහ කෘෂිකාර්මික නිෂ්පාදනය යථාතත්වයට පත් කිරීමට සහාය විම පිණිස, කුඩා ඉඩම් හිමියන් ඉලක්ක කර ගනිමින් ජීවනෝපාය ආධාර ලබා දීම ප‍්‍රමුඛතාවයක් ලෙස සිදුකළ යුතු වන්නේය,” යනුවෙන් ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශී‍්‍ර ලංකාවේ නියෝජිත විම්ලේන්ද්‍ර ෂරන් මහතා පැවසීය.

“ජනගහනයෙන් 30%ක් පමණ කෘෂිකර්මාන්තයෙන් යැපෙන බැවින් ගොවීන්ගේ නිෂ්පාදන ධාරිතාව වැඩි දියුණු කිරීම මගින් අවසානයේදී කෘෂිකර්මාන්තයෙන් යැපීමේ හැකියාව ඉහළ නංවනු ඇති අතර, එමගින් විදේශ මුදල් සංචිතයන්ගේ හිගය නිසා ආහාර අවශ්‍යතා ආනයනය කිරීම අඩු කිරීමටත් කුසගින්න වැඩිවීම වලක්වා ගැනීමටත් හැකි වනු ඇත.” යනුවෙන්ද ඔහු පැවසීය.

“මාස ගණනාවක් තිස්සේ කඩාවැටෙමින් පවතික ආර්ථික ආර්බුදය හමුවේ බොහෝ පවුල් වලට විකල්ප නැති වෙමින් පවතී. ඔවුන් අසරණව වෙහෙසට පත්ව ඇත. පවුල් 60%කට වැඩි සංඛ්‍යාවක් ප‍්‍රමාණාත්මකව ආහාර නොගන්නා අතර ඔවුන් මිල අඩු සහ පෝෂ්‍යදායී නොවන ආහාර අනුභව කරති. මෙම මුල්‍ය බාධාවන් හේතුවෙන් පාසල් ආහාර වැඩසටහන් සහ මවුවරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට ලබා දෙන පෝෂණ වැඩසටහන් අඩු පරිමාණයකින් සිදු කිරීමට යම් අවස්ථාවකදී රජයට සිදුවනු ඇත. ලෝක ආහාර වැඩපිළිවෙලහි ප‍්‍රමුඛතාවය වන්නේ අවදානමට ලක්ව ඇති ප‍්‍රජාවගේ පෝෂණය තවදුරටත් පිරිහී යාම වැලැක්වීම සඳහා ක්‍ෂණික ආහාර සහ පෝෂණ ආධාර ලබා දීමය,” යනුවෙන් ලෝක ආහාර වැඩපිළිවෙලහි නියෝජිත සහ ශී‍්‍ර ලංකා අධ්‍යක්‍ෂ අබ්දුර් රහීම් සිද්දිකී මහතා පැවසීය.

රජයේ ඉල්ලීමට අනුව, 2022 ජූනි සහ ජූලි මාස අතර තුරදී දිවයිනේ දිස්ති‍්‍රක්ක 25 ම ආවරණය වන පරිදි ඒකාබද්ධ ආහාර භෝග සහ සුරක්ෂිතතාව පිලිබඳ තක්සේරු මෙහෙයුම් ක‍්‍රියාවලියක් සිදු කරන ලදී. මෙහිදී විශේෂයෙන්ම ප‍්‍රධාන ධාන්‍ය වර්ග ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන මට්ටම් විශ්ලේෂණය කිරීම මෙන්ම ගෘහස්ථ ආහාර සුරක්‍ෂිතතා තත්වයන් තක්සේරු කිරීමටද කටයුතු කරන ලදී.

අස්වනු සැලකිය යුතු ලෙස පහත වැටීම.

ශ්‍රී ලංකාව මුහුණ දෙන උග‍්‍ර සාර්ව ආර්ථික අර්බුදය හේතුවෙන් ආහාර, කෘෂිකාර්මික යෙදවුම්, ඉන්ධන සහ ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය නිෂ්පාදන වල උග‍්‍ර හිඟය සහ අධික ලෙස මිල ඉහළ යාම, යම් ආර්ථික දැඩි ලෙස අවධානමට ලක්කිරීම, කෘෂිකාර්මික නිෂ්පාදනයන් කෙරෙහි විශාල ලෙස බාධා පමුණුවා ඇත.

ප‍්‍රධාන ආහාරය වන වී නිෂ්පාදනය 2022 දී මෙට්ටි‍්‍රක් ටොන් මිලියන 3ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කර ඇත. එය 2017 දී නිය`ගය නිසා ඇතිවූ බලපෑම හේතුවෙන් අඩු අස්වැන්නක් ලබා ගැනීමෙන් පසු වාර්තාවන අඩුම අස්වැන්න වනු ඇත. මෙම තත්වයට හේතු වී ඇත්තේ පොහොර යෙදීම අඩුවීම බව වාර්තාව අනාවරණය කරයි.

සත්ව ආහාර ලෙස බහුල වශයෙන් භාවිතා කරන බඩ ඉරිඟු නිෂ්පාදනය පසුගිය වසර පහක සාමාන්‍යයට වඩා 40%කින් අඩුවී ඇති අතර එය කුකුළු මස්, බිත්තර සහ අනෙකුත් පශු නිෂ්පාදන කෙරෙහි අහිතකර ලෙස බලපෑම් ඇති කරයි. එමෙන්ම, එළවළු, පලතුරු, තේ, පොල්, රබර් සහ කුළු බඩු වැනි අපනයන බෝග නිෂ්පාදනයද සාමාන්‍ය මට්ටමට වඩා බෙහෙවින් අඩු පට්ටමක පැවතීම පවුල් වල ආදායමේ සහ අපනයන ආදායමේ සැලකියයුතු අඩුවීමක් ඇති කිරීමට හේතු වී තිබේ.

බොහෝ ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් 2021 අවසාන කාර්තුවේ සිට ක‍්‍රමිකව ඉහළ යමින් තිබෙන අතර 2022 අගෝස්තු මාසයේදී වාර්තාගත ඉහළ මිල මට්ටම් කරා ළඟා වූ අතර, ආහාර උද්ධමනය වසරක් තුළ 94%කින් ඉහළ ගොස් ඇත.

2022 වසරේ මුළු ධාන්‍ය ආනයන අවශ්‍යතාවය මෙට්ටි‍්‍රක් ටොන් මිලියන 2.2 ලෙස ගණන් බලා ඇත. 2022 පළමු මාස හය ඇතුලත ධාන්‍ය මෙට්ටි‍්‍රක් ටොන් 930,000 කට වැඩි ප‍්‍රමාණයක් ආනයනය කර ඇත. ආනයනික අවශ්‍යතාවය සපුරා ගැනිම සඳහා තවත් මෙට්ටි‍්‍රක් ටොන් මිලියන 1.27ක් ආනයනය කළ යුතුව ඇත. පවතින සාර්ව ආර්ථික අභියෝග ශමුවේ ඉතිරි ආනයන අවශ්‍යතාවය සපුරාලීමට නොහැකි වීමේ ඉහළ අවදානමක් පවතින්නේය.

මෙහෙයුම් නිර්දේශ

ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහ ලෝක ආහාර වැඩපිළිවෙලහි ඒකාබද්ධ මෙහෙයුමෙහි ප‍්‍රධාන නිර්දේශ වන්නේ ගැබිණි සහ මව් කිරි ලබා දෙන මව්වරුන්, කාන්තා මූලික පවුල් සහ ආබාධිත පුද්ගලයින් ඇතුළු අවදානමට ලක්විය හැකි සහ ආන්තික ප‍්‍රජාවන්ට ඔවුන්ගේ ආහාර සහ පෝෂණ අවශ්‍යතාවයන් සපුරා ගැනිම සඳහා ක්‍ෂණික ද්‍රව්‍යමය සහ/හෝ මුදල් පදනම් කරගත් ආධාර සැපයීමයි. කුඩා ඉඩම් හිමියන් කෙරෙහි අවධානය යොමු කරමින් පොහොර ඇතුළු කෘෂි යෙදවුම් කඩිනමින් ලබා දීමටද වාර්තාව නිර්දේශ කරයි. ආහාර බෝග ඵලදායක ලෙස වගා කිරීම, අස්වනු නෙලීම, සැකසීම සහ ප‍්‍රවාහනය සහතික කිරීම සඳහා ප‍්‍රමාණවත් ඉන්ධන ප‍්‍රමාණයක් ලබා දෙන අතරම, ඔවුන්ගේ පෝෂණ තත්වයන් ඉහළ නැංවීම සඳහා ගෙවතු වගාව ස්ථාපිත කිරීමට සහාය වීමේ අවශ්‍යතාවය ද වාර්තාවෙන් පෙන්වා දී ඇත.

ආහාර හිඟයේ බලපෑම අවම කිරීම සඳහා පශූ සම්පත් හිමිකරුවන්ට, විශේෂයෙන්ම එළකිරි, කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදනය සිදු කරන්නන්ට ඉහළ පෝෂණ තත්වයෙන් යුතු සත්ව ආහාර, එන්නත් සහ පශූ සෞඛ්‍ය කට්ටල සහන මිලට ලබා දීමට ද වාර්තාව යෝජනා කරයි. අරමුදල් හිඟකමින් නැවතී ඇති පාසල් ආහාර වැඩසටහන වැනි ජාතික පෝෂණ වැඩසටහන් නැවත ආරම්භ කිමට සහ අඛන්ඩව පවත්වා ගෙන යාමට සහාය දැක්වීමද ප‍්‍රමුඛතාවයක් ලෙස ඉස්මතු කර දක්වා ඇත.

SendShareShare
Previous Post

පළාත් පාලන ඡන්දය තියන්නම වෙනවා! ජනාධිපතිට, අගමැතිට, ඇමැතිට කල්දාන්න බලයක් නෑ! අධිකරණයත් ඡන්ද කල් දාන්න ඉඩ දෙන්නෙ නෑ! අපිට බලය එනවා ඡන්දය ප්‍රකාශයට පත් කරන්න! ඡන්ද කොමිසමෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්! (VIDEO)

Next Post

උඹලා මොන දේශපාලඥයොද? දමිතා වගේ කෙනෙක් හිරේට දාපු උඹලා බයගුල්ලෝ! අපි සටන නවත්වන්නේ නෑ! පීටර් ඩි. අල්මේදා ඉදිරියට එයි! (VIDEO)

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.