1970-77 සමයේ පැවැති ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්නට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට දක්ෂ මැති ඇමැතිවරු කණ්ඩායමක් සිටි බව සමගි ජන බලවේගවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා.
එදා සිටි රණසිංහ ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, රොනී ද මෙල්, ගාමිණී දිසානායක වැනි දක්ෂයන් කණ්ඩායමක් සමගි ජන බලවේගය වටා අදද එකතු වී සිටින බවත්, රට යළි ගොඩනැගීමේ හැකියාව එත්තේ එම කණ්ඩායමට පමණක් බවත් එස්.එම්. මරික්කාර් මහතා අද (12) පැවැති ජන හමුවක් අමතමින් අවධාරණය කර සිටියා.