• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

IMF එකෙන් ගොඩයන්න රටට පුළුවන්ද? ගොඩහේවා සරල සිංහල භාෂාවෙන් කරපු විග්‍රහය…

September 13, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
IMF එකෙන් ගොඩයන්න රටට පුළුවන්ද? ගොඩහේවා සරල සිංහල භාෂාවෙන් කරපු විග්‍රහය…
Share on WhatsAppShare on Facebook

“IMF කියනවා ණය ප්‍රතිව්‍යුහගත කරන ආකාරය ගැන ණය හිමියන් හා එකඟතාවකට පැමිණිය යුතුයි. සමහර ණය හිමියෝ දැනටම අපට විරුද්ධව විදේශ රටවල නඩු දාලා..’ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

ඒ මහතා මෙසේ කීවේ ‘නිදහස ජනතා සභාව’ රටට හඳුන්වාදීම සඳහා පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ඔහු තවදුරටත් මෙසේ කීවේය.

‘අද මේ රටේ සියලු දෙනා බලාගෙන ඉන්නේ ආණ්ඩුව මොන විදියටද ජනතාව මුහුණ දී තිබෙන ආර්ථික ගැටලුවලට විසඳුම් දෙන්නේ කියලා. නමුත් අවාසනාවකට වගේ තාමත් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා නෑ. අපි බලාගෙන හිටියේ අතුරු අයවැයෙන් ආණ්ඩුව ‍රටට ලෝකයට දෙන පණිවුඩය කුමක්ද කියලා. අයවැය ඉදිරිපත් කරමින් මුදල් ඇමැති වත්මන් ජනාධිපතිතුමා කීවේ IMF ණය ගැනීම සඳහා අවශ්‍ය වන මූලික රාමුව මේ අයවැය තුළින් සකස් කරනවා කියලයි. අයවැය යෝජනා දිහා බැලූ විටත් ප්‍රමුඛතාව දී තිබුණේ රාජ්‍ය දේපළ විකුණා හෝ ණය කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවටයි. අයවැය විවාදය පුරාම ආණ්ඩුව පුරාජේරු කතා කළේ අපි IMF ආයතනය සමග ණය ලබාගැනීම සඳහා මූලික එකඟතාවකට එන්න ඔන්න මෙන්න කියලයි. මාධ්‍ය නිවේදන ට්විටර් පණිවුඩ හරහා ආණ්ඩුවේ ලොක්කො ජනගත කරන්න හැදුවේ IMF ආයතනයෙන් ණයක් ලැබිල රටේ සියලු ප්‍රශ්න විසඳනවා වාගෙයි. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කරුණු විමසා මෙහි සත්‍ය අසත්‍ය බව තේරුම් ගන්න කියා. මම ඔබට කරුණු දෙකක් කියන්නට කැමැතියි මේ සම්බන්ධයෙන්. පළමුවැන්න තමා IMF ස්ටාෆ් ලෙවෙල් ඇග්‍රිමන්ට්, එහෙමත් නැත්නම් මූලික එකඟතාව යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි පනවා තිබෙනවා කියන එකයි. ඒ තමයි අලුතින් ණය පහසුකමක් දෙන්නට පෙර දැනට ආපසු ගෙවන්න තියෙන ණය ප්‍රතිව්‍යුහගත කරන ආකාරය ගැන ණය හිමියන් හා එකඟතාවකට පැමිණිය යුතුයි කියා. සමහර ණය හිමියෝ දැනටම අපට විරුද්ධව විදේශ රටවල නඩු දාලා. ඉතින් මේකට තව කොපමණ කාලයක් ගතවෙයිද? ඔවුන් එවැනි එකඟතාවකට ඇත්තටම පැමිණෙයිද? මේවා තවමත් නොවිසඳුණු ගැටලු. දෙවැනි කාරණය තමා IMF ආයතනය දෙනවා යැයි කියන ණය මුදලේ සැබෑ ස්වරූපය. ඔවුන් කියන්නේ අපට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක් වසර 4ක් තුළ කොටස් වශයෙන් දෙනවා කියායි. ඒ මුළු මුදලම අපට එකවර දෙන්නේ නෑ. එතකොට අපේ ප්‍රශ්නය විසඳෙනවද? ලංකාවේ මේ 2022 වසර තුළ පමණක් පැහැරහැර තිබෙන ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3කට වැඩියි. ඊට අමතරව ඉදිරි වසර ගණනාවක් අපට වසරකට ඩොලර් බිලියන 5කට වඩා ණය ගෙවන්නට තිබෙනවා. එතකොට වසර 4කට ඩොලර් බිලියන 2.9 ලැබිලා අපට අඩු ගානේ දැනට ගෙවන්නට තියෙන ණය ටිකවත් ගෙවාගන්නට පුළුවන්ද?

එහෙම නම් ආණ්ඩුවට සිද්ධ වෙනවා IMF ආයතනය සමග ඇතිකරගත් එකඟතාව පෙන්නලා තවත් ණය ගන්න. ණය ගන්න ගන්න අපි අමාරුවේ වැටෙනවා. මේ වන විටත් ශ්‍රී ලංකා රජයේ සමස්ත ණය බර රුපියල්වලින් කිව්වොත් ටි්‍රලියන 17.5කට වැඩියි. ඒ කියන්නේ ඊයේ ඉපදිච්ච කිරි දරුවත් රුපියල් ලක්ෂ 8ක් පමණ ලෝකයට ණයයි. අපේ සමස්ත අනාගත පරම්පරාවම මේ විදියට ණය කරලා ණය ගැනීමේ හැකියාව ගැන ආණ්ඩුව කයිවාරු ගහනවා නම් අපට ජනතාවට කියන්නට තියෙන්නේ මේ ‘ණය ගන්න අපේ විරුවා’ ගැන ඕනෑවට වඩා විශ්වාසය තැබීම අනාගතයට එතරම් හිතකර නොවෙන්න පුළුවන් කියන කාරණයයි.

අපි අද දකිනවා ආණ්ඩුව ආර්ථිකය සංකෝචනය කිරීමේ සැලැස්මක් ගැන කතාකරනවා. ඔවුන් කියන්නේ පරිභෝජනය වැඩිවීම නිසා ඇතිවී තිබෙන උද්ධමනය පාලනය කරගැනීමට බැංකු පොලී අනුපාතයන් ඉහළ දැබූ බවයි. මේ ආකාරයට පොලී අනුපාතයන් ඉහළ දැමීම අද සමස්ත ව්‍යාපාරික ක්ෂේත්‍රයටම බලපා තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විශාල ප්‍රමාණයක් පවත්වාගෙන යන්නට බැරි තත්ත්වයක් අද ඇතිවෙලා තියෙනවා. අපි දන්නවා රටේ වැඩකරන ජනතාවගෙන් ලක්ෂ 25ක් පමණ රැකියාව කරන්නේ මේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල. තවත් ලක්ෂ 25ක් පමණ ස්වයං රැකියා කරනවා. ආණ්ඩුව ආර්ථිකය සංකෝචනය කරන්න පොලී අනුපාත ඉහළ දැමීම නිසා මේ සියලු දෙනාටම තම ජීවනෝපාය පවත්වාගෙන යන්නට බැරි තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. මේ තත්ත්වය නිසා ඉදිරියට විරැකියාව තවත් වැඩිවෙයි. එතකොට කුමක්ද වෙන්නේ? දැනටමත් අපේ තරුණ පරපුර තුළ විරැකියාව 25%කටත් වඩා වැඩියි. මේ අය වෙනුවෙන් ආණ්ඩුවේ වැඩපිළිවෙළක් තියෙනවද කියා අපි අහනවා.

උද්ධමනය වැඩි වෙන්නේ පරිභෝජනය වැඩි වීම නිසා කියලා කවුරු හරි කියනවා නම් අපට එය පිළිගන්න බෑ. මම ඊයේ ගම්පහ තරුණ ළමයි ටිකක් එක්ක කතා කරනකොට එක ළමයෙක් කිව්වා ‘සර් අවුරුද්දකට විතර කලින් අපි ගමේ ක්‍රිකට් ගහන්න ටෙනිස් බෝලයක් ගත්තේ රුපියල් 250කට විතර. දැන් ටෙනිස් බෝලයක් ගන්න රුපියල් 1,300ක් විතර යනවා’ කියලා. ඉතින් අපි අහනවා මේ ටෙනිස් බෝලයේ මිල වැඩිවෙලා තියෙන්නේ ළමයි දැන් වැඩිපුර ක්‍රිකට් ගහන නිසාද කියලා. ඇත්ත කතාව ඒක නෙමෙයි. වර්තමාන උද්ධමනයට ප්‍රධාන හේතුව පරිභෝජනය වැඩි වීම නෙවෙයි. එයට මූලික හේතුව ආනයනය කරන සෑම භාණ්ඩයකම වගේ මිල විශාල වශයෙන් ඉහළ යාමයි. ඒ නිසා තමයි ආහාර උද්ධමනය 90% ඉක්මවලා තියෙන්නේ. ඒ නිසා තමයි ප්‍රවාහන උද්ධමනය 140%කින් විතර ඉහළ ගොස් තිබෙන්නේ. ඒ මිස මිනිස්සු වැඩියෙන් කෑම කන නිසාවත් වැඩියෙන් ගමන් බිමන් යන නිසාවත් නෙවෙයි. ඇත්ත කතාව අද ජනතාවගෙන් බහුතරයක් ඉන්නේ හාමතේ.

ආනයනික භාණ්ඩවල මිල ඉහළ යන්නේ ප්‍රධාන වශයෙන්ම රුපියල අවප්‍රමාණ වීම නිසයි. අපේ විදේශ වියදම් හා ආදායම් අතර පරතරය වැඩි වෙන්න වෙන්න රුපියල දුර්වල වෙනවා. එහෙම නම් රුපියල ශක්තිමත් කරන්න නම් මේ පරතරය අඩු කරගන්න ඕනේ. ඒකටයි අපට වැඩපිළිවෙළක් අවශ්‍ය වෙන්නේ.

අපි සරලව මේ ප්‍රශ්නය තේරුම් ගනිමු. පසුගිය වසර කිහිපය තුළ අපේ සංචාරක ව්‍යාපාර හා විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් එන ප්‍රේෂණවල අඩුවීම පමණක් වසරකට ඩොලර් බිලියන 5ක් පමණ වෙනවා. ඊට අමතරව වසරකට ඩොලර් බිලියන 5ක් පමණ ණය ගෙවන්නට තිබෙනවා. එහෙම නම් ඉදිරි වසරවල අපට වසරකට ඩොලර් බිලියන 10ක පමණ පරත‍රයක් පියවීමේ අභියෝගය තිබෙනවා. අපි අහනවා ආණ්ඩුවෙන් කෝ අයවැයේ මේ සඳහා පැහැදිලි යෝජනා? ඒකයි අපි කියන්නේ ‘ණය ගන්න අපේ විරුවා’ මානසිකත්වයෙන් IMF හෝ වෙනත් යම් ආකාර ණය ගැන පමණක් කතා කරමින් ඉන්නේ නැතුව ආණ්ඩුව කඩිනමින් අපේ රටේ විදේශ ආදායම් වැඩි කරගන්නට කටයුතු කළ යුතුයි. ඒ සඳහා අපට සිදුවෙනවා සංචාරක ව්‍යාපාරය කඩිනමින් යථා තත්ත්වයට ගෙන එන්නට. අපට අවශ්‍ය වෙනවා නිශ්චිත වැඩපිළිවෙළක් විදේශ ශ්‍රමිකයන්ගෙන් එන ප්‍රේෂණ යළි වැඩි කරගන්නට. තොරතුරු තාක්ෂණය වැනි ක්ෂේත්‍රවලින් ලබාගත හැකි ආදායම් කඩිනමින් ඉහළ නංවා ගැනීමට පැහැදිලි වැඩපිළිවෙළක් අපට අවශ්‍ය වෙනවා. ඉතා මන්දගාමීව වර්ධනය වන අපේ භාණ්ඩ අපනයනයන් ඉහළ නංවා ගන්නට වැඩපිළිවෙළ කුමක්ද? අපේ ආර්ථිකයෙන් 70%කට වඩා දායකත්වය ලබාදෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මත තව තවත් බදු බර පටවා ඉහළ පොලී අනුපාතයන් නිසා ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන යන්නට බැරි කරන්නේ නැතුව ඉන් හැකිතාක් පිරිස් අපනයන ක්ෂේත්‍රයන්ට යොමුකරන්නෙ කෙසේද? ලංකාවේ ජනතාවගෙන් 30% අදත් නිරතව සිටින කෘෂිකර්මාන්තය තාක්ෂණය උපරිම ලෙස භාවිත කරන, ව්‍යවසායකත්වයට මුල්තැන දෙන අපනයන කෘෂිකර්මාන්තයක් ලෙසට වෙනස් කරන්නේ කෙලෙසද? ආණ්ඩුව කතා කළ යුත්තේ ආර්ථික අර්බුදයට මෙවැනි ප්‍රායෝගික විසඳුම් ගැනයි. කාලය වැය කළ යුත්තේ ඒවා සැලසුම් කොට ක්‍රියාත්මක කරන්නටයි. නමුත් මෙතෙක් අපට ආණ්ඩුව තම ප්‍රමුඛතා හඳුනාගෙන ඇති බවක් නම් පෙනෙන්නට නෑ….’

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්

SendShareShare
Previous Post

එජාපයයි, ශ්‍රීලනිපයයි, පොහොට්ටුවයි, ගිලගත් පවුල් ගහ…

Next Post

ආසියානු කප් එකත් අරන් අපේ කොල්ලෝ ටික ලංකාවට ගොඩබහී! මගුල් බෙර ගසා මහ ඉහළින් කටුනායකදී පිළිගනී! (LIVE VIDEO)

MORE NEWS

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News
Exclusive

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන ඔක්කොම කතා කරනවා දැන්! ඉස්සෙල්ලාම කිව්වේ සජිත්! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

Load More
හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News
Exclusive

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

අගමැතිනිය බොරු කී බවට විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයෙන් චෝදනා - විදුහල්පති වැටුප් විෂමතා ගැන නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවට අධ්‍යාපන...

Read more
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එල්-නිනෝ ගැන ඔක්කොම කතා කරනවා දැන්! ඉස්සෙල්ලාම කිව්වේ සජිත්! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.