ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට මලලසේකර මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවෙසට ගොස් ඇත.
පසුගිය සදුදා දිනයේදී මෙම හමුව සිදුව ඇති බව දැනගන්නට තිබේ.
මෙහිදී දෙදෙනා අතර කෙටි සාකච්ජාවක් පැවැත්වී ඇති අතර ඉදිරියේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසා ඇති බවද වාර්තා වේ.