• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

75 වන නිදහස අභිමානවත්ව සමරන්න රනිල් උපදෙස් දෙයි! සාර්ක් විදේශ ඇමැතිවරුන්ටත් ආරාධනා! දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට පාපැදි සවාරියක්! ගෙවල් 1996ක්! (PHOTOS)

September 8, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
75 වන නිදහස අභිමානවත්ව සමරන්න රනිල් උපදෙස් දෙයි! සාර්ක් විදේශ ඇමැතිවරුන්ටත් ආරාධනා! දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට පාපැදි සවාරියක්! ගෙවල් 1996ක්! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

පවතින ආර්ථික තත්ත්වය හමුවේ වූව ද 75 වන නිදහස් දින උත්සවය සුවිශේෂී සංධිස්ථානයක් කරගනිමින් අඩු පිරිවැයකින් අභිමානවත් අයුරින් සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

75 වන නිදහස් දින සමරු උළෙල සංවිධාන කමිටු පළමු රැස්වීම ඊයේ (07) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අවස්ථාවේ දී මෙම උපදෙස් ලබා දුන්නේය.

විවිධ සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විතව ඉතා විචිත්‍රවත් අයුරින් 75 වන ජාතික නිදහස් දින උළෙල කොළඹ, ගාලුමුවදොර දී පෙබරවාරි 04 වන දින සවස් කාලයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ පෙළපාළි සහ උත්තමාචාරවලට අමතරව ශ්‍රී ලාංකේය අභිමානය විදහා දැක්වෙන සංස්කෘතිකාංග හා යෞවනයට ගැළපෙන කලා අංග ඊට එක් කර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

පළාත් 09 නියෝජනය වන පරිදි සංස්කෘතික කලා හා ආගමික වැඩසටහන් එම පළාත්වල දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් පැවැත්වීමටත්, පළාත් මට්ටමින් හා ජාතික මට්ටමින් පාසල් දරුවන් මූලික කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විවිධ තරග කිහිපයක් සංවිධානය කිරීමට හා තරුණ තරුණියන්ගේ සෞන්දර්යාත්මක රසවින්දය වෙනුවෙන් කලා හා සංගීත වැඩසටහන් පළාත් මට්ටමින් පැවැත්වීමටත් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි තීරණය කෙරිණි. මේ සෑම වැඩසටහනක්ම මහජනතාවට සහභාගී විය හැකි සහ රසවිඳිය හැකි අයුරින් අර්ථවත්ව සංවිධානය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

ජාත්‍යන්තර සහයෝගීතාව වැඩිදියුණු කර ගැනීමේ අපේක්ෂාවෙන් නිදහස් උළෙළේ විශේෂ ආරාධිත අමුත්තන් ලෙස සාර්ක් රටවල විදේශ අමාත්‍යවරුන්ට ආරාධනා කිරීමට ද තීරණය කෙරිණි.

ඒ ඒ පළාත්වල ප්‍රධාන රාජ්‍ය ශ්‍රවණාගාර, රංග ශාලා සහ කොළඹ නෙළුම් පොකුණ රඟහල, ටවර් හෝල්, එල්ෆින්ස්ටන් සහ ජෝන් ද සිල්වා රඟහල නම් කරන ලද කාලසීමාවකට ඉතා සුවිශේෂී මිලකට ලබාදීමට අවශ්‍ය පසුබිම සකස් කරන ලෙසත් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.

නිදහස් දිනයට සමගාමීව අඩු ආදායම්ලාභි පවුල් සඳහා නිවාස 1996ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර පෑලියගොඩ, දෙමටගොඩ, මොරටුව, මහරගම සහ කොට්ටාව ප්‍රදේශවල මෙම නිවාස ඉදි කිරීමට නියමිතය. කලාකරුවන් වෙනුවෙන් කොට්ටාවේ ඉදිවන නිවාස සංකීර්ණය වෙන් කෙරේ.

මෙම සියලු නිවාස දේශපාලන පදනම හෝ හිතවත්කම් මත නොව, ප්‍රමුඛතාව සහ නිසි අවශ්‍යතාවය මත පදනම්ව පමණක් ලබාදීමට අවශ්‍ය ක්‍රමවේදය වහාම සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.

‍5 නිදහස් දිනයට සමගාමීව සියලුම පළාත් මූලික කරගනිමින් විවිධ තේමාවන් යටතේ ප්‍රදර්ශන පැවැත්වීමටත්, දෙවුන්ද‍රතුඩුව සහ පේදුරුතුඩුව යා කරමින් ප්‍රදර්ශනාත්මක පාපැදි සවාරියක් සංවිධානය කිරීමටත් ජනාධිපතිවරයා යෝජනා කරන ලදී.

එමෙන්ම එදින මූලික කරගනිමින් සීමිත පිටපත් සංඛ්‍යාවක් සහිත සුවිශේෂී මුද්දරයක් නිකුත් කිරීමටත්, 1948 නිදහස් දින උළෙලට සමගාමීව පුවත්පත්වල පළ වූ ලිපි, වාර්තා ආදිය යළි ජනගත කරමින් නිදහස් දිනය පිළිබඳ ජනතාව තුළ අභිමානයක් ඇති වන අයුරින් වැඩසටහනක් දියත් කිරීමටත් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සැලසුම් කර තිබේ.

මීට අදාළ අනුකමිටු, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ ජනාධිපති ලේකම්වරයාගේ මූලිකත්වයෙන් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්ද, සුසිල් ප්‍රේමජයන්ත්, විදුර වික්‍රමනායක, කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේගුණවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකානායක ,කොළඹ පුරපති රෝසි සේනානායක , රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. පී.කේ මායාදුන්නෙ, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් එච්.එල්.වී. ලියනගේ , ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් එස්.කේ පතිරණ , නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, පොලිස්පති සී. ඩී වික්‍රමරත්න , ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධර්මතිලක යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

SendShareShare
Previous Post

රට බංකොලොත් වෙච්ච වෙලාවක රාජ්‍ය ඇමැතිවරු 37ක් පත් කරලා රට ප්‍රපාතයටම තල්ලු කරලා! සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව විරෝධය පළකරයි!

Next Post

ජලාශ පිරිලා! දෙසැම්බර් වෙනකම් විදුලි කප්පාදුවක් නෑ -සභාපති ජනක රත්නායක! පැය 8ක් කරන්ට් කපන්න ‌වේවි -ඇමැති කංචන!

MORE NEWS

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

Load More
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) ඒකක 50.23කින් ඉහළ ගොස්, ගනුදෙනු අවසානයේ 22,436.14ක් ලෙස සටහන්ව තිබෙනවා.Sri Lanka...

Read more
CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.