කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අලුත් පක්ෂයක් පිහිටුවාගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව එහි සභාපතිවරයා ලෙස මහින්ද අමරවීර මහතාම පත්ව ඇති බවද දැනගන්නට ඇත.
අමරවීර මහතා මෙසේ පක්ෂයක් පිහිටුවාගෙන ඇත්තේ ශ්‍රීලනිප ස්ථාවරයට පිටින් යමින් ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක් ගැනීම හේතුකොටගෙන ඒ මහතා පක්ෂයෙන් නෙරපා හැරීමට සැලසුම් කොට ඇති බවට අනාවරණය වීමත් සමගය.
එමෙන්ම පසුගිය සතියේදී ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පක්ෂ ව්‍යවස්ථාව තවත් ශක්තිමත් කරමින් ව්‍යවස්ථා සංශෝධනයක්ද සිදුකළ අතර ඒ හරහාද පක්ෂ ස්ථාවරයට පිටින් යන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට හැකියාව සභාපතිවරයා වෙත පවරාගෙන තිබිණ.










