රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ නේවාසිකව සිටින දරුවන්ගේ ආහාර වේලේ ප්‍රෝටීන් ප්‍රමාණය අඩුවෙමින් පවතින බැවින් පරිත්‍යාගශීලීන් වෙතොත් වහාම ඉදිරිපත් වන්නැයි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
දරුවන්ගේ ආහාර වේල තුළ මස්, මාළු සහ බිත්තරවල හිඟය මේ වන විට මතුවෙමින් පවතින බවත් ඊයේ (05) දිනයේදී බිත්තර ලබාදිය යුතු වුවත් ඒ වෙනුවට ලබාදී ඇත්තේ කරවල බවත් වෛද්‍ය සේනාපති මහතා පැවසුවේය.
ආහාරවල මිල ඉහළ යාමත් සමග සැපයුම්කරුවන් ඒවා ලබාදීම අවම කර ඇති නිසා මෙම ගැටලුව පැනනැගී ඇති බවත්, මේ වන විට පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන ආධාරයන් පවා අඩුවෙමින් පවතින බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම තත්ත්වය යටතේ පරිත්‍යාගශීලීන්ගේ ආධාර නැවත අවශ්‍යව ඇති බැවින් ඒ සඳහා දායකවිය හැකි අය ඇත්නම් රෝහලේ දුරකතන අංකය ඔස්සේ සම්බන්ධ විය හැකි බවද වෛද්‍ය සන්තුෂ් සේනාපති මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
lankasara










