අධික වර්ෂාවත් සමඟ මහ ඔය ආශ්රිත පහත් බිම් ප්රදේශ කිහිපයක් වෙත ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව එම නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන සහ දංකොටුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහ ඔය ආශ්රිත පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය.
ඒ අනුව එම ප්රදේශවල මහජනතාව සහ එම ප්රදේශ හරහා ගමන්ගන්නා රියදුරන්ගෙන් දැඩි සැලකිලිමත්භාවයකින් කටයුතු කරන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.










