• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාව ඇතුළේ ඉඳන් ඉන්දියාවයි චීනයයි කරන ට්විටර් යුද්ධයෙන් කවුරු දිනයිද?

September 6, 2022
in Exclusive, News
Reading Time: 6 mins read
A A
ලංකාව ඇතුළේ ඉඳන් ඉන්දියාවයි චීනයයි කරන ට්විටර් යුද්ධයෙන් කවුරු දිනයිද?
Share on WhatsAppShare on Facebook

‘දේශපාලනය කියන්නෙ තනිකරම කුණු ගඳගහන මඩ ගොහොරුවක්’ යැයි ජනප්‍රිය ටෙලිනාට්‍ය නළු ගයාන් වික්‍රමතිලක ‘මව්රට’ කතිකාවකට පැමිණි මොහොතක කීවා මතකය. ජනප්‍රිය චිත්‍රපට නළු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකද වතාවක් දෙවතාවක්ම කතා කරන්නට මයික් එකක් ලැබුණු අවස්ථාවල කියා සිටියේ ‘දේශපාලනය කියන්නේ මල්ලි හොරු රැලක් එකට එකතු වෙලා කරන කැත ඩීල් එකක්’ කියලාය. සමහර කලාකරුවෝ නම් දේශපාලනය ගැන ප්‍රශ්න අහනකොටත් දුරකතන සම්බන්ධතාව විසන්ධි කරති.

කලාකාරයෝ විතරක් නොවේය. බොහෝ දෙනා දේශපාලනය කියන විෂය ඉතා තදින් හෙළාදකිති. හරියටම කියනවා නම් දේශපාලනය මරේ මරු ජොබ් එකක් වන්නේ චූන් එකේ ඉඳගෙන සැප විඳින තනතුරෙන් සමුගෙන ගිය පසුව බින්දු පේළියක් සහිත ඉලක්කම් ගණනක විශ්‍රාම වැටුපක් අතට ගෙන ගෙදරට වෙලා ඉන්න පුළුවන් බව දන්නා දේශපාලකයනට විතරය.

ඇත්තටම දේශපාලනය කියන්නේ ගඳ ගහන මඩ ගොහොරුවක්ද?

බොහෝ විට සමස්තයක් ලෙස ගත් කල ඒක එහෙමය. එලෙසම යහපත් විදියට පහත් පෙළේ වාසි නොතකා හෝ තමන්ව පාර්ලිමේන්තුවට යවපු ජනතාවට අවැසි සහනය සලසමින් කටයුතු කරන්නේ නම් දේශපාලනය යනු සමාජමය මෙහෙවරකින් අනූන වූ මහත්මා ගතියෙන් යුතු උසස් මට්ටමේ රස්සාවක් බවද මෙහිදී නොකියාම බැරිය.

තවත් අතකට කියනවා නම් මොන විදියට කළත් දේශපාලනය සමහර විටෙක කොයි වෙලේ හෝ පුපුරා හැලෙන්නට ආසන්න ගිනි කන්දකටද සමාන කරන්නට පුළුවන. එහෙම කියන්නේ විවිධාකාර වූ බහින්බස්වීම්, ඇනකොටා ගැනීම් සහ අමනාපකම් එහි අඩුවක් නැතිව තිබෙන නිසාය. එම ඇනකොටා ගැනීම් සහ වාග් ප්‍රහාරයන් එකම පාර්ලිමේන්තුවකට සීමා නොවී එක් දේශයක් සමග තවත් දේශයක් ගැටෙන අවස්ථාවන් කරා පැමිණීම වඩාත් භයානකය. අවදානම්සහගතය.

එහෙව් අවදානම්සහගත ගැටුමක් මේ දවස්වල ශ්‍රී ලාංකේය දේශපාලනය මුල්කොට ගෙන ඇවිළ යමින් පවතී. ඒ ඇවිළීම කොහොමටත් සුළුපටු නැත. එයට හේතුව පොරයට මැදිව සිටින්නේ දිගින්ද පළලින්ද කියුමෙන් කෙරුමෙන්ද ඉහළ තැනක සිටින රාජ්‍යයන් දෙකක් පොරයට මැදිව සිටීමය.

රටවල් ලෙස නම් කරනවා නම් ඒ චීනය සහ ඉන්දියාවය. පුද්ගලයන් ලෙස ගන්නවා නම් බහින්බස් වීමට මැදිව දෙපැත්තේ ඉඳගෙන සීතලට යුද්ධය ශ්‍රී ලාංකේය දේශපාලනය මුල්කොට අරඹා තිබෙන්නේ චීන තානාපති කී ෂෙන්ග් හොන්ග් සහ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේය. බහින්බස් වීමද සුළුපටු නැත. එය සුළඟට ඔහේ ගසාගෙන යන කට වචනවලට පමණක් සීමා නොවූ ‘ට්විටර්’ බහින්බස් වීමකි. ලෝකයටම මුදාහැරෙන ලෙස ඒ බහින්බස් වීම පටන්ගත්තේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙනි. කෝන්තරයට හේතුව නැවක පලහිලව්වකි. නැවට අරක්ගත් නම ප්‍රසිද්ධව ඇත්තේ ‘යුවාන් වැන්ග් 5’ යන වචනවලින්ය.

සිදුවීම සරලව කියනවා නම් චීන රජය වෙනුවෙන් තානාපති තැන ප්‍රකාශ කරන හැටියට විද්‍යාත්මක පර්යේෂණ සංචාරයක් සඳහා පැමිණි එම නෞකාවට ලංකාවට පැමිණීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව විසින් නිල වශයෙන් සියලු අවසර ලැබී තිබිණි. නමුත් යුවාන් වැන්ග් 5 නෞකාව වරායට සේන්දු වීමට ආසන්නව තිබියදී අතර මඟකදී ලංකා රජය හදිසියේ තම තීරණය වෙනස් කරපු නිසා චීන නෞකාවට දවස් 5ක් පමණ මුහුද මැද කල් මරන්නට සිදුව තිබිණි. ඒ ගැන චීන රජය හිත් අමනාපයක් ඇතිකරගෙනද?

හිත් අමනාපයක් නම් මොකද? චීන රජය ලංකා රජය ගැන දැඩි කලකිරීමකට වාගේම තද බල කෝපයකට පත්වෙලා තියෙනවා නැව දවස් පහක් මුහුද මැද තිබ්බාට. අනෙක චීන රජය වැනි බලසම්පන්න රජයක් සමග ඇතිකර ගත්ත වැදගත් ඩීල් එකක් මැදට ඒ වාගේ හදිසි බැරියරයක් දාපු එක ඒ අය සුළුවට ගනීවිද? චීන තානාපති ‘කී ෂෙන් හොන්ග්’ තමාට ඇතිවූ හිතේ අමාරුව ප්‍රකාශ කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසව හොයාගෙන ගියා. සජිත් සමග විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ද එම කතිකාවට සහභාගිවී තිබුණා.

‘සිදුවූයේ යහපත් දෙයක් නෙවෙයි. මෙය චීන රජයට සහ ඔවුන් සමග ඇති කරගත් සුහද ගනුදෙනුවලට ලැජ්ජාවක්….’ කී ෂෙන් හොන්ග් සජිත් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන්ට කියා සිටියා.

ඉන්දීය රජය මේ ගනුදෙනුවට සම්බන්ධ වුණේ කොහොමද?

චීන රජය මෙන්ම චීන තානාපතිවරයාද හිතාගෙන ඉන්නේ ඉන්දියාවේ මැදිහත් වීම මත ලංකා රජය මේ හදිසි බැරියරය දැම්මා කියලයි. ඒ කාරණය නිසා කී ෂෙන් හොන්ග් ඉන්දියාවට දෙහි කපන්නට ගත්තා. ඒ අතර ඔහු ඉන්දියානු තානාපතිට හීනියට වැදෙන ආකාරයට චීන නැව මුහුද මැද නතර කරපු ඇබැද්දියට ඉන්දියාව හවුල් වග කියන සාක්ෂිද ඉදිරිපත් කළා. ඒ සාක්ෂියෙහි ප්‍රබලම සාධකය වුණේ මුහුද මැද නතරවී තිබෙන චීන නැව ඉන්දීය චන්ද්‍රිකා 3ක් මගින් නිරීක්ෂණය කර ඇතැයි කියන කාරණයයි.

‘මේ කවුද? මොනවද කරන්නේ…?’ යන තියරියට අනුව නැවේ පුළුල් ක්‍රියාකාරිත්වය ගැන සහ වෙනත් වංහුං ගැනත් එම චන්ද්‍රිකා නිරීක්ෂණය මගින් විමසා බලා ඇති බව ආරංචි බවත්, එම චන්ද්‍රිකා නිරීක්ෂණයේදී නැවේ සංඥා පද්ධතියට යම් යම් බාධා එල්ලවී ඇති බවත් කී ෂෙන් හොන්ග් කළ ප්‍රකාශයෙහි අඩංගු වී ඇත.

චීන තානාපති එම භාරදූර ප්‍රකාශය කර ඇත්තේ සම්පූර්ණ වගකීමෙන්ද?

ඔව්. චීන තානාපති හොන්ග් කියා සිටින්නේ තමා ඉතා වගකීමෙන් සියල්ල ප්‍රකාශ කළ බවය.

කොයික කොහොම වුවද ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේට නහුතෙට තදවිය. පැනපු මලේ තරම කොයි තරම්ද කියනවා නම් චීන තානාපතිට ගේමක් දෙන්න බාග්ලේ තෝරාගත් ක්‍රමය වූයේ විද්‍යුත් මාධ්‍යයි. එය තියුණුය. වහා ඇවිළෙනසුලුය. එනිසාම මේ සූර මහ කොමසාරිස්වරයා තම චීන ප්‍රතිවාදියා හමුවේ ට්විටර් යුද්ධය ඉතා තියුණුව ආරම්භ කළේය. නීතිමය වචන භාවිත කර ලියනවා නම් මූලික රාජ්‍යතාන්ත්‍රික නීති උල්ලංඝනය කරමින් චීන තානාපතිවරයා සිදුකොට තිබෙන ප්‍රකාශ සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් තම තියුණු විවේචන සහිත ට්විටර් පණිවුඩ මාලාව ලොව පුරා මුදාහැර ඇති බවට නිල වෙබ් අඩවි තුළද සටහන්ව ඇත.

‘චින තානාපතිතුමා පළකර ඇති අදහස් අපේ අවධානයට නිතැතින්ම යොමුව ඇත. මූලික රාජ්‍යතාන්ත්‍රික ආචාරධර්ම උල්ලංඝනය කිරීම එතුමාගේ පෞද්ගලික ලක්ෂණයක්ද? එහෙම නැතිනම් සාමාන්‍ය ජාතික ආකල්පයක් පිළිබිඹු කරන්නක්ද…?’

ඒ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා චීන තානාපතිට ලැබුණු පළමු ට්විටර් මුදාහැරීමය.

‘ශ්‍රී ලංකාවේ අසල්වැසි හිතවතා ගැන චීන තානාපතිවරයා දක්වා ඇති අදහස් එතුමාගේ රටේ පරිසරය අනුව සැකසුණා විය හැකිය. නමුත් ඉන්දියාව යනු ඊට හාත්පසින්ම වෙනස් රාජ්‍යයක් බව ඉන්දියානුවන් ලෙස අප සහතික කරමු…’

ඒ, බාග්ලේගේ තද කෝපයෙහි දෙවැනි ප්‍රහාරයයි. දිගින් දිගටම බාග්ලේ ප්‍රමුඛ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය චීන තානාපතිට මදි නොකියන්න නෙළන්න ගත්තේ එකිනෙකට වෙනස් ට්විටර් පණිවුඩ පෙළගස්වමින්ය.

‘විද්‍යාත්මක පර්යේෂණයක් සඳහා ආවාය කියා තානාපතිතුමා පවසා සිටින නෞකාව එතුමා පළ කළ දේශපාලන සන්දර්භය නිසාම ඔවුන්ගේ සැලසුම සහ සංචාරයේ අරමුණ වෙනකක් බව ලොවට පැහිදිලි විය…’

‘ශ්‍රී ලංකාවට දැන් අවැසිව ඇත්තේ සහයෝගයේ අත්වැල සහ මිතුරු බැඳීම් මිස අනවශ්‍ය පීඩනයන් හෝ තවත් රාජ්‍යයක න්‍යාය පත්‍රයන් ඉටුකරන අනවශ්‍ය මතභේද නොවේ…’

තද අතුල් පහර කිහිපයක් ආකාරයට බාග්ලේ විසින් හදිසියේ මතුව ආ චීන ප්‍රතිවාදියාට එලෙස තම අමනාපය එම ට්විටර් පණිවුඩ හරහා එල්ල කොට ඇත.

කී ෂෙන් හොන්ග් මහත්තයට ඒ ට්විටර් අතුල් පහරවලින් තදට රිදිලද…?

බොහෝ දුරට ඒ ප්‍රහාරය ඔහුට දැනිලා. එයට ප්‍රධානම සාක්ෂිය වන්නේ මහානායක ස්වාමින්වහන්සේ හමුවීමට යෑමට දිනය සහ වේලාව වෙන්කර ගැනීමේදී එම අවස්ථාව ඉන්දීය මහ කොමසාරිස්තුමා නොපැමිණෙන වේලාවක් බලා ඔහු තම ටයිම් එක ඉතා පරෙස්සමට යොදාගැනීමය. තානාපති මිතුරන් දෙදෙන එකට එන්නට සිටි ගමන අන්තිමේදී හොන්ග් තනියම ගියේය. ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේද හොන්ග් පැමිණෙන දවස දැන තම ගමන පස්සට දැමුවේය.

‘හොඳට හිටි මිතුරන් දෙදෙනකුට ට්විටර් යුද්ධය කළ හදියක්…’

එහෙමද දැන් කතාව අවසාන වෙන්නේ?

නැහැ. තව කියන්න කාරණා ටිකක් තියෙනවා. චීන නෞකාව ආවේ විද්‍යාත්මක පර්යේෂණයකට කිව්වට එහි තව යටි අරමුණු තියෙන බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හරහා එන නිල නොවන ආරංචි මාර්ග පවසනවා.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු ගෝපාල් බාග්ලේ නැවේ හුටපටය ගැන මේ තරම් නහුතෙට කේන්ති ගත්තේ, දරුණු ට්විටර් යුද්ධයක් ප්‍රකාශයට පත් කළේ වෙනත් හේතු නිසාදැයි කියන එකත් චීන තානාපතිට ප්‍රශ්නයක් වී ඇති බවද නිල නොවන අංශ හරහා සැලවී ඇත.

ඒ සියල්ල අතර තමිල්නාඩුවේ හිටපු මහ ඇමැති කරුණානිධිගේ පුතා වන තමිල්නාඩුවේ වත්මන් මහ ඇමැති ස්ටාලින් මෙම සිදුවීම හරහා කච්චතිව් දූපත පවරා ගැනීමේ මෙහෙවර ගැන වැඩි කලබලයකට පත්වෙලා ඉන්නවාය කියලත් ආරංචියක් තියෙනවා.

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවනෙ. ඒ හින්දා බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන මොනව කරන්නද…?

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ලංකාව ගැන තවත් බය හිතෙන වාර්තාවෙක් එළියට එයි! පවුල් 5කින් 4ක්ම එක වේලක් අතහැරලා!

Next Post

සිංහරාජෙ මැද්දෙ හදපු බේබිලාගේ හෝටලේ කොහෙන් ගෙනා සල්ලි ද මේ හෝටලේට යට කළේ…

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.