මිල සූත්‍රයට අනුව අද (01) ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුවීමට නියමිතව තිබුණ ද අද දිනයේ ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදුනොවන බව අයවැය විවාදයට එක්වෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
“විශේෂයෙන් අද පළවෙනිදා.. පළවෙනිදා වෙනකොට මේ මිල සංශෝධනයක් සිදුවිය යුතුව තිබුණත් මම විශ්වාස කරන්නේ නැහැ අද තියෙන ආනයනික මිලත් එක්ක ඒ සංශෝධනය තුළින් ඉන්ධන මිලෙහි අඩුවීමක් අද දවසේ වෙයි කියලා.” යනුවෙන් ඇමැතිවරයා පැවසීය.










