• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මාධ්‍ය ‌ලොක්කන්ට ‌නොතේරුණු ‌ගෝඨා කියපු කතා

December 21, 2019
in News, Politics, Uncategorized
Reading Time: 6 mins read
A A
මාධ්‍ය ‌ලොක්කන්ට ‌නොතේරුණු ‌ගෝඨා කියපු කතා
Share on WhatsAppShare on Facebook

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව කිසිදු අවස්ථාවක ලංකාවේ මාධ්‍යයන්ට අදහස් දැක්වීමක් සිදුකළේ නැත. ඒ වෙනුවට ජනාධිපතිවරයා පළමුව කළේ ඉන්දීය මාධ්‍යවේදියකු වූ නිතින් ඒ. ගෝක්ලේ මහතා හට සිය පළමු මාධ්‍ය සාකච්ඡාව ලබාදීමය. ඉන් අනතුරුව සිය පළමු සංචාරය වූ ඉන්දියාවට ගිය ගමනේදීද ජනාධිපතිවරයා ‘ද හින්දු’ පුවත්පතට මාධ්‍ය සාකච්ඡාවක් ලබාදුන්නේය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා මීට සති දෙකකට ඉහතදී පළමුවරට මෙරට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් හමුවී සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එතැනින් නොනැවතුණු ජනාධිපතිවරයා පසුගිය සතියේදී පළමුවරට මුද්‍රිත මාධ්‍යවල කර්තෘවරුන් හා විද්‍යුත් මාධ්‍යවල ප්‍රධානීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට පියවර ගත්තේය. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති එම සාකච්ඡාවලට කර්තෘවරුන් සහ මාධ්‍යවේදීන් විශාල උනන්දුවක් දැක්වූ බවක් පෙනෙන්නට වූයේ එය ජනාධිපතිවරයා මෙරට මාධ්‍යයට ලබාදෙන පළමු මාධ්‍ය සාකච්ඡාව වීම නිසාය.

මෛත්‍රි කපපු පත්තරවලටත් එන්න කියයි

මෙහිදී දකින්නට ලැබුණු තවත් විශේෂත්වයක් වූයේ කිසිදු පංගුබේරුවකින් තොරව ඉකුත් කාලයේදී තමන්ට පහර පිට පහර දුන් ඇතැම් මාධ්‍ය ආයතනවලට පවා ජනාධිපතිවරයා මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ආරාධනා කර තිබීමය. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාලන සමයේදී පවා මෙවැනි මාධ්‍ය ප්‍රධානීන් හමු සංවිධානය වුවද ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය මඟින් ඊට කැඳවනු ලැබ තිබුණේ ජනාධිපතිවරයාට සහ මාධ්‍ය ඒකකයේ ප්‍රධානීන්ට හිතවත් මාධ්‍ය ආයතන පමණක් වූ අතර ඔවුන් අකැමැති මාධ්‍ය ආයතන කපාහැර තිබූ තත්ත්වයක් දැකගන්නට ලැබිණ. නමුත් මෙවර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තමාට සහාය දැක්වූ මෙන්ම තමාට පහරදුන් සියලු මාධ්‍ය ආයතන කැඳවා තිබූ නිසා ඉතා විශාල මාධ්‍යවේදීන් පිරිසක් ඊට සහභාගිව සිටිනු දැකගන්නට ලැබිණ.
පුවත්පත් සාකච්ඡාව ආරම්භ කිරීමට දැනුම්දී තිබූ කාලය ඉකුත් වී විනාඩි 25ක පමණ ප්‍රමාදයකින් පසුව ජනාධිපතිවරයා සාකච්ඡාවට එක්වූ අතර ආරම්භයේදීම හෙතෙම කියා සිටියේ තමන් මෙම හමුව දිවා භෝජන සංග්‍රහයක් සමඟ ඉතා විවෘතව සාකච්ඡා කිරීමට කලින් සැලැසුම් කර තිබුණත් යෙදී ඇති කාර්යබහුල කාලසටහනට අනුව හැකි ඉක්මනින් මෙම සාකච්ඡාව අවසන් කිරීමට තමන්ට සිදුව ඇති බවත්ය. එසේ කියා සාකච්ඡාව ආරම්භ කළද එම මාධ්‍ය හමුව පැය එකහමාරක් පමණ දීර්ඝ කාලයක් ඇදී යෑම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීම විය. මෙහිදී ජනාධිපතිවරයා සාකච්ඡාව ආරම්භ කළේම මාධ්‍ය සම්බන්ධයෙන් වූ සිය ස්ථාවරය එහි පැමිණ සිටි කර්තෘවරුන්ටත්, මාධ්‍ය ප්‍රධානීන්ටත් පැහැදිලි කරමිනි.

මාධ්‍ය නිදහස

“මම මුලින්ම කියන්න ඕනෙ මගෙන් මාධ්‍යයට කිසිම තහංචියක්, තහනමක් නෑ. මම උපරිම නිදහස මේ අයට දෙනවා. අපේ හොඳ කියනවා වගේව අපිව විවේචනය කරන්න. හැබැයි ඒක සාධාරණව කරන්න. මොකද විශාල මතයක් තියෙනවා. මම හමුදා නිලධාරියෙක්. සුදු වෑන් සංස්කෘතියක් මේ රටට ගෙනාපු කෙනෙක් කියලා. හැබැයි මට මේව එල්ල කරපු චෝදනා විතරයි. මම සම්පූර්ණයෙන්ම නිදහස දෙනවා ඔබතුමාලට බය නැතුව තමන්ගෙ වැඩකටයුතුවල නිරත වෙන්න” යැයි කී ජනාධිපතිවරයා ඉන් අනතුරුව කතා කළේ ආණ්ඩුව ජනතාවට ලබාදුන් සහන පිළිබඳවය.

සහන පැකේජය

“මම තනතුර භාරගත් ගමන්ම ජනතාවට විශාල සහන පැකේජයක් දෙන්න බදු ඉවත් කිරීමක් කළා. නමුත් මට දැනගන්නට ලැබිල තියෙනව ඇතැම් සමාගම් සහ වෙළෙන්දො මේ බදු සහනය ජනතාවට දීල නෑ කියලා. මේක ගැන අපි හොයන්න ඕනෙ. මෙහෙම බදු සහන දීල තියෙද්දිත් ඒ සහන ජනතාවට ලබා නොදෙන සමාගම් ගැන ඔබතුමාල රටට බය නැතුව හෙළිදරව් කරන්න. ඊට පස්සෙ රජය පැත්තෙන් වෙන්න ඕන දේ අපි කරන්නම්.” යනුවෙන් එහිදී ජනාධිපතිවරයා බදු සහන සම්බන්ධයෙන් සිය ස්ථාවරය මාධ්‍යවේදීන්ට අනාවරණය කර සිටියේය.

රාජ්‍ය සේවය

ඉන් අනතුරුව ජනාධිපතිවරයා රාජ්‍ය සේවය පිළිබඳව සිය ස්ථාවරය කර්තෘවරුන්ට පැහැදිලි කිරීමටද පියවර ගත්තේය.
“රාජ්‍ය සේවයේ ලක්ෂ පහක විතර සංඛ්‍යාවක් ඉන්න ඕනෙ වුණත් දැනට ලක්ෂ 15ක විතර සේවක සංඛ්‍යාවක් අපිට ඉන්නවා. මේ අය කාර්යක්ෂම කරන වැඩපිළිවෙළක් අපි සකස් කරන්නට ඕනෙ. මම මාධ්‍ය වෙත ඉල්ලා සිටිනවා රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමේ වැඩපිළිවෙළට උදව් කරන්න කියල. ආණ්ඩුව පැත්තෙන් අපි වෙන්න ඕනෙ දේවල් කරන්නම්. දැන් රජයේ සමහර තැන්වල පුරප්පාඩු තියෙනවා. උදාහරණයක් විදිහට රෝහල් කම්කරු රැකියාව ගත්තොත් ඒකට සාමාන්‍ය පෙළ පාස් වෙන්න ඕනෙ නෑ. හැබැයි දැන් රෝහල් කම්කරුවො ඉන්නව උසස් පෙළත් සමත් අය. එතකොට එතැන වැඬේ හරියට කෙරෙන්නෙ නෑ. ඒක නිසා මම සාමාන්‍ය පෙළ අසමත් එක්ලක්ෂ තිස්දාහක් ආණ්ඩුවේ රස්සාවලට බඳවගෙන ඒ අයට මාස හයක පුහුණුවක් දෙනවා. ඒ තෝරගන්නෙත් අන්ත දුප්පත්, විශේෂයෙන්ම සමෘද්ධිය ලබන පවුල්වල අය. සමෘද්ධිය හැමදාම ඒ පවුල්වලට ලබාදෙනව මිසක් ඒ පවුල් දුප්පත්කමින් මුදව ගන්න වැඩපිළිවෙළක් සිද්ධ වෙන්නෙ නෑ. මගේ අදහස මේ රැකියා සමෘද්ධි පවුල්වලට දීල ඒ අයව දුප්පත්කමින් මුදවගන්න.
අනෙක හැමෝම ආණ්ඩුවේ රස්සා පස්සෙ යන මානසිකත්වය වෙනස් කරන්න ඕනෙ. සමහර අංශවලට දැන් ලෝකයේ විශාල ඉල්ලුමක් තියෙනවා. සේවකයො හුඟක් ඒ අංශවලට බඳවගන්නවා. නමුත් අපේ රටේ එහෙම වෘත්තීය පුහුණුවක් දෙන්නෙ නෑ. නමුත් ඉන්දියාවේ අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව සකස් කරන්නෙ ලෝකයේ රැකියා ඉල්ලුමට ගැළපෙන විදිහට. උදාහරණයක් විදිහට දැන් වීඩියෝ ගේම්ස් හසුරුවන්න ලෝකයේ විශාල ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා ඉන්දියාව දැන් තියාම ඔවුන්ගෙ දරුවන්ට ඒ තාක්ෂණය උගන්වනවා. තව වෘත්තීය මට්ටමේ හෙදියන්ට ලෝකයේ විශාල ඉල්ලුමක් තියෙනවා. ඔවුන්ට හෙදකම සමඟ උපාධියකුත් තියෙන්න ඕනෙ. නමුත් අපේ රටේ එහෙම උපාධියක් දක්වා යන හෙද සේවයක් නෑ. එහෙම තිබ්බ නම් අපට ලෝකයේ විශාල රැකියා ප්‍රමාණයක් ලබාගන්න තිබුණ.
මේ ළඟදී මාව හම්බුවෙන්න ආව ඇමෙරිකාවේ ව්‍යාපාර කරන ලාංකික තරුණයෙක්. එයා එහෙ අයි.ටී. කොම්පැනියක අයිතිකාරයෙක්. මට එයා ගැන පැහැදිලි කළාම ඔහුගෙ දැනුම ගැන මම පුදුම වුණා. ඒ තරුණයා උසස් පෙළ අසමත්. නමුත් එයා දැනුම හොයාගෙන තියෙන්නෙ සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය පරිහරණය කරලා. මම ඇහුව ඒ තරුණයාගෙන් අපේ තරුණයන්ට මේ වගේ තැනකට එන්න නම් ගතයුතු පියවර මොකක්ද කියලා. එයා මට දුන්න උත්තරේ තමයි වෙන මුකුත් නෙමෙයි අන්තර්ජාල පහසුකම් දෙන්න කියල. ඉන්දියාවේ මේකටම අධිවේගී අන්තර්ජාලය කියලා වෙනම එකක් හඳුන්වා දී තිබෙනවා. ඒව එක්කයි මේ ඉන්දීය තරුණයන් ලෝකයත් එක්ක බැඳෙන්නෙ. අපිත් ඒ වගේ දෙයක් ලංකාවෙ තරුණයන්ට හඳුන්වා දෙන්න සැලැසුම් කරන්න ඕනෙ. යනුවෙන් කී ජනාධිපතිවරයා ඉන් අනතුරුව අදහස් දැක්වීමට පටන් ගත්තේ මේ දිනවල මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති එම්.සී.සී. ගිවිසුම හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන්ය.

එම්.සී.සී. ගිවිසුම

“මේ ගිවිසුම ගැන විවිධ මත තියෙනවා. හොඳ නරක දෙකම තියෙනවා කියනවා. ඒ නිසා ඒ සියල්ල සැලකිල්ලට අරගෙන මාව දැනුවත් කරන්න කියල මම කමිටුවක් පත්කළා. ඒක කැබිනට් අනු කමිටුවක් නම් නෙමෙයි. ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහත්තයගෙ ප්‍රධානත්වයෙන් තමයි මේ කමිටුව පත්කළේ. මම එතුමට කිව්වෙ මේ ගිවිසුමෙ මුල ඉඳන් අග වෙනකම් තියෙන සෑම අකුරක්ම බලල සම්පූර්ණ වාර්තාවක් මට දෙන්න කියලයි. මම එහෙම කළේ ඒ ගැන මත දෙකක් තියෙන හින්ද. අපි ඇත්තටම හොයාගන්න ඕනෙ මේ එම්.සී.සී. ගිවිසුම කියන්නෙ මොකක්ද කියල. ඊට පස්සෙ හොයන්න ඕනෙ ඒකෙන් රටට තියෙන වාසි මොනවාද කියලා. දෙවැනිව අපි බලන්න ඕනෙ ඒකෙන් රටට වෙන අවාසි තියෙනව නම් ඒ අවාසි ඉවත් කරල හෝ ඒ අවාසි අවම කරගන්න ක්‍රමයක් ගැන. ඒකට ඒ ගැන විශාල අධ්‍යයනයක් කරන්න ඕනෙ. ඒ වාර්තාව ආපුවහම අපිට පුළුවන් ඒ ගැන අවසන් තීන්දුවක් ගන්න.” යනුවෙන් එම්.සී.සී. ගිවිසුම පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කළ ජනාධිපතිවරයා ඉන් අනතුරුව මාතෘකාව කරගත්තේ මේ දිනවල තවත් ආන්දෝලනයට තුඩුදී ඇති ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැර ගැනීම සම්බන්ධ චෝදනාවටය. ඒ කතාව ආරම්භ කරමින් ජනාධිපතිවරයා විශේෂ තොරතුරක්ද එහිදී කර්තෘවරුන්ට හෙළිදරව් කළේය. ඒ ඊට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේ වෙනත් කාමරයක ස්විස් තානාපති පීටර් හෑන්ස් මොක් මහතා මුණගැසී කළ සාකච්ඡාවක් සම්බන්ධයෙන්ය.

ස්විස් පැහැරගැනීම

“මම දැන් ඔබතුමාලට විශේෂ දැනුම්දීමක් කරන්නම්. මම මෙතැනට එන්න ඉස්සෙල්ල ජනාධිපති ලේකම් කාර්යාලයේදීම ස්විස් තානාපතිතුමාව මුණගැසිල සාකච්ඡා කරලයි ආවෙ. මම එතුමට දැනුම් දුන්නා දැනට කරල තියෙන පරීක්ෂණ ගැන හෙළිවෙලා තියෙන තොරතුරු ගැන. මේ වෙද්දී සිදුකරල තියෙන තාක්ෂණික පරීක්ෂණවලින් ඒ කියන්නෙ සී.සී.ටී.වී.වලින්, ඌබර් රියැදුරාගේ වාර්තාවලින්, දුරකතන දත්ත පරීක්ෂණ මඟින් සනාථ වෙලා තියෙනවා ඒ කියන තැන්වල එහෙම දෙයක් සිද්ධවෙලා නෑ කියලා. නමුත් මේ පරීක්ෂණ සම්පූර්ණ කරන්න නම් මේ කාන්තාවගෙන් ප්‍රකාශයක් ගැනීම අත්‍යවශ්‍යයි. නමුත් තවම ඒ කාන්තාව අදාළ අංශවලට තානාපති කාර්යාලයෙන් එවල නෑ. සනීප නැහැ කියනවා, ස්ටේ‍රස් එක කියල කියනවා සී.අයි.ඩී.එක එතුමියගෙන් ප්‍රකාශ ගන්න සූදානමිනුයි ඉන්නෙ. ඉතින් මම ඒ සියලු කරුණු තානාපතිතුමාට පැහැදිලි කරල දුන්න. හැබැයි මම මේකත් කියන්න ඕනෙ ස්විස් තානාපති කාර්යාලයවත්, ස්විස් රජයවත්, තානාපතිතුමාවත් කිසිම වැරැදි කටයුත්තක් කරලවත් වැරැදි විදිහට හැසිරිලාවත් නෑ. ඒ අය සම්පූර්ණ වගකීමෙන් යුතුව කටයුතු කරල තියෙනවා. එහෙම සිද්ධියක් දැනගත් වහාම ඔහු වහාම අගමැතිතුමා හමුවෙලා ඒ ගැන දැනුම් දුන්නා. අගමැතිතුමත් වහාම පරීක්ෂණයක් කරන්න නියෝග කළා. ඉතින් අපි ඒ අයට දොස් කියන්නෙ නෑ. අපි ඉතාම සුහදව ස්විස් රජය සමඟත්, තානාපතිතුමා සමඟත් ගනුදෙනු කරනවා. අපි මේ ප්‍රශ්නය කොහොමද විසඳගන්නෙ කියල තමයි බලන්නෙ. ඒ වගේම ස්විස් තානාපති කාර්යාලය ගැනවත්, ස්විස් තානාපති ගැනවත් අපිට කිසිම සැකයක් නෑ කියල වගකීමෙන් කියන්න ඕනෙ. එහි නිලධාරිනිය අපිත් එක්ක සහයෝගයෙන් කතා නොකරන එක තමයි මෙතැන තියෙන ප්‍රශ්නය” යනුවෙන් කී ජනාධිපතිවරයා සියල්ලන් සමඟම සිනාසෙමින් මේ සිදුවීම හරහා තමන්ට සිදුව ඇති හානිය පිළිබඳව විස්තර කළේය.
“දැන් මේකෙ තියෙන බරපතළකම තමයි ආණ්ඩුව පත්වෙලා හුස්මක් ගන්නත් කලින් මේ වගේ සුදු වෑන් එකකින් ඇවිල්ල තානාපති කාර්යාලයේ නිලධාරිනියක් උස්සගෙන ගිහිල්ල ප්‍රශ්න කරල තියෙනව කියල ජාත්‍යන්තර මාධ්‍යවල පළවීමෙන් මට ඇවිල්ල තියෙන ප්‍රශ්නය. මොකද ඒ කාලෙ අපේ අය මටයි චෝදනා කළේ සුදු වෑන් සංස්කෘතියක් මම හැදුවයි කියල. මගේ කාලෙ උස්සගෙන ගියා කියල. ඒ චෝදනාවලට මේක ගැටගැහෙන විදිහට තමයි මේ චෝදනාවත් එල්ලකරල තිබ්බෙ. හැබැයි ලංකාවෙ මාධ්‍ය මෙතැනදී වගකීමෙන් යුතුව කටයුතු කළා. සමහර දේශපාලකයො නම් මේකෙදි වගකීම් විරහිතව කටයුතු කළා කියලත් කියන්න ඕනෙ. විශේෂයෙන්ම මගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වෙච්ච සජිත් ප්‍රේමදාස මහතා දාපු නිවේදනය ගැන මම ඇත්තටම කනගාටු වෙනවා.” යනුවෙන් ජනාධිපතිවරයා කියද්දී එක් මාධ්‍ය ප්‍රධානියකු මෙම ස්විස් සිදුවීම පිළිබඳවත්, මේ දිනවල ආන්දෝලනයට තුඩුදී ඇති සුදුවෑන් රියැදුරන් දෙදෙනා පිළිබඳවත්, හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා කර තිබූ ප්‍රකාශ පිළිබඳව ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටීමට පියවර ගත්තේය. එහිදී අදාළ මාධ්‍ය ප්‍රධානියා විමසා සිටියේ මෙපමණ චෝදනා තිබියදීත් රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට නොගන්නෙ මන්ද යැයි කියාය. ඊටද ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේ සිනාසෙමින්ය.

කිඹුල් කතාව

“නෑ ඉතින් ඔය කිඹුල්ලු කන කතාවයි, සුදු වෑන් කතාවයි ඡන්ද කාලෙදි මට වාසියක් වුණා. ඒකෙන් මට ලක්ෂ දෙකක් විතර ඡන්ද වැඩිවුණා. ඔය වගේ තව කතා දෙක තුනක් කියැවුණා නමට මට වැඩි ඡන්ද මිලියනයක් විතර ගන්න තිබ්බ. මොකද මේ දේශපාලනයේ හැටි ඔහොම තමයි. පසුගිය කාලෙම මේ අය ජනතාවට බොරුවම තමයි කවන්න ගියේ. ගොඩක් ඒක පුරුද්දටත් කරනවා. සමහරු තමන්ගේ පැවැත්මටත් ඒක කරනවා. හැබැයි මම ඒ සංස්කෘතියේ නෑ. මට ඕනෙ ජනතාවට බොරු කරනවට වඩා ජනතාවට ඇත්ත කියල රටට සේවයක් කරන්න. ඒ හින්ද ඔය දේශපාලකයො කියන ප්‍රකාශ පස්සෙ යනවට වඩා ඒ චෝදනා ගැන පරීක්ෂණ කරන එකයි වඩාත් වැදගත් වෙන්නෙ.” යන්න එහිදී ජනාධිපතිවරයා දුන්න උත්තරය විය.

මහ ඡන්දයේ සලකුණ

ඉන් අනතුරුව ජනාධිපතිවරයා කතා කළේ එළැඹෙන මහ මැතිවරණය පිළිබඳවය. ඊට හේතු වූයේ පැමිණ සිටි මාධ්‍ය ප්‍රධානීන් ඉදිරි මහ මැතිවරණය පිළිබඳවත්, එය මෙහෙයවන පුද්ගලයන් පිළිබඳවත් මහ මැතිවරණයේ සලකුණ පිළිබඳවත් ජනාධිපතිවරයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර සිටීමය. ජනාධිපතිවරයා ඊට දුන් පිළිතුරු හරහා කිසිවකුටත් නොදැන සිටි කරුණු ගණනාවක්ම පළමු වරට හෙළිදරව් වූ ආකාරයක් දැකගන්නට ලැබිණ. ඉන් එකක් වූයේ මහ මැතිවරණයේ පක්ෂයේ යාන්ත්‍රණය මෙහෙයවන තැනැත්තන් පිළිබඳවය. අනෙක සලකුණ පිළිබඳවය. අනෙක ජනාධිපතිවරයාගේ දේශපාලන පක්ෂය පිළිබඳවය.

බැසිල් ගැන කියපු කතාව

“මේ මහ ඡන්ද සටන මෙහෙවන්න වෙන කවුරුත් ඕනෙ නෑ. අද මේ රටේ ඉන්න දක්ෂම ජනප්‍රියතම දේශපාලනඥයා වන මහින්ද රාජපක්ෂ මේ ඡන්ද සටන මෙහෙයවනවා. දැන් සමහරු කියනවා මම එක එක පක්ෂවල නායකත්වයට සුදුසුයි කියලා. මම මේ වෙනකොටත් පොහොට්ටුවේ සාමාජිකත්වය අරගෙනයි තියෙන්නෙ. එහෙම සාමාජිකත්වය ගන්නෙ නැතුව කොහොමද ජනාධිපතිවරණයට ඉල්ලන්නෙ. මම සාමාජිකත්වය අරගෙන තමයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ. තව එකක් කියන්න ඕනෙ. මෙතැන හැංගි හොරා කියන්න දෙයක් නෑ. මගේ ජයග්‍රාහී මැතිවරණ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම මෙහෙයවූයේ බැසිල්. එතුමා තමයි පක්ෂය මෙහෙයවපු ප්‍රධාන චරිතය. මහ ඡන්දෙදිත් බැසිල් පක්ෂය මෙහෙයවාවි. අනෙක ඡන්ද සලකුණ පොහොට්ටුවද, පුටුවද කියල පක්ෂ නායකයො සාකච්ඡා කරල තීන්දුවක් ගනීවි. හැබැයි මතක තියාගන්න අපි දිනන ලකුණකින් තමයි මහ ඡන්දෙට ඉල්ලන්නෙ. අපි ශ්‍රීලනිපයත් එක්ක අස්සන් කරපු ගිවිසුමේ කොතැනකවත් ලකුණක් ගැන සඳහන් කරල නෑ. අපි අස්සන් කළේ සන්ධානයකින් මහ මැතිවරණයට ඉදිරිපත් වෙනව කියල විතරයි. ඒ හින්ද මහින්දයි, බැසිලුයි එකතු වෙලා ඒව ගැන තීන්දුවක් ගනීවි.” යනුවෙන් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර සිටියේය.

උතුරට දෙන විසඳුම

ඉන් අනතුරුව තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් වූයේ උතුරට ලබාදෙන දේශපාලන විසඳුම කුමක්ද යන්න සම්බන්ධයෙනි. මෙහිදී ජනාධිපතිවරයා ඊටද ලබාදුන්නේ නොසැලෙන ඍජු පිළිතුරකි. එසේම එය අනෙක් ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් සැහැල්ලු ආකාරයට වඩා බැරෑරුම්ව සිතා පිළිතුරු ලබාදුන් ආකාරයක්ද දැකගන්නට ලැබිණ.
“කට්ටියක් කියනවා උතුරට ෆෙඩරල් විසඳුමක් දෙන්න කියල. තවත් කට්ටියක් කියනව 13 ූ විසඳුමක් දෙන්න කියල. තව කට්ටියක් වෙනම රටක් ඉල්ලනවා. හැබැයි මට බොරු කියන්න බෑ. මේ රටේ මහ ජාතිය එහෙම නැත්නම් බහුතර ජනතාව ප්‍රතික්ෂේප කරන කිසිම විසඳුමක් අපිට උතුරට දෙන්න බෑ. එහෙම එකක් දීල පවතින්නත් බෑ. ඒ හින්ද සිදුවෙන්න ඕනෙ ඒක නෙමෙයි. අපි හැමෝටම සමානව ජීවත් වීමේ අයිතියයි ලබාදෙන්න ඕනෙ. ඒ අයට ජීවත් වීමේ නිදහස ලබාදෙන්න ඕනෙ. ඒ අය රටේ සංවර්ධනයේ කොටස්කාරයො කරගන්න ඕනෙ. සංවර්ධනයේ ප්‍රතිලාභ ඒ අයට ලබාදෙන්න ඕනෙ. රජයේ ව්‍යාපාරවල කොටස්කාරයො කරගන්න ඕනෙ. ඒ ඇරෙන්න දකුණේ ජනමතයට විරුද්ධව යන කිසිම විසඳුමක් අපිට ඒ අයට දෙන්න බෑ.” යන්න ජනාධිපතිවරයාගේ ස්ථාවරය විය.

ප්ලාස්ටික්වලින් වීදුරුවට

කෙසේ වෙතත් මෙම සම්පූර්ණ මාධ්‍ය හමුවේ දැකගන්නට ලැබුණු තවත් විශේෂත්වයක් වූයේ ප්ලාස්ටික්වලින් ඉවත් වූ සංකල්පයක් ජනාධිපතිවරයා අනුගමනය කර තිබීමය. මීට සති දෙකකට ඉහතදී මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී ප්ලාස්ටික් වතුර බෝතල් සියල්ලන්ම ඉදිරියේ තබා තිබුණද මෙවර ඒ සියල්ල ඉවත්කොට වීදුරුවල පානීය ජලය ලබාදීමට කටයුතු කර තිබිණ. ඒමෙන්ම ජනාධිපතිවරයා සාකච්ඡාව අවසන් කොට සියලුදෙනාම සමඟ එක්ව ඉතා සැහැල්ලුවෙන් යුතුව දිවා ආහාරය ගැනීමද මෙහිදී දැකගන්නට ලැබිණි.

SendShareShare
Previous Post

හොරු නැතිව බෑ (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

රනිල්-සජිත් චම්පික බලන්න වැලිකඩට ගිහින්

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.