• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොරු නැතිව බෑ (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

December 21, 2019
in Exclusive, Gurudawa, Uncategorized
Reading Time: 2 mins read
A A
හොරු නැතිව බෑ (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

2015 ජනාධිපතිවරණයෙන් මෛත්‍රි – රනිල් ආණ්ඩුව බලයට ආ පසු හරි අපූරු වේදිකා නාට්‍ය රැල්ලක් පටන් ගනු ලැබීය. පහත දැක්වෙන්නේ එම වේදිකා නාට්‍යවල නම්ය.
‘මාර හොරු’
‘හොරු හොඳයි’
‘සිහින හොරු අරන්’
‘හොරු සමඟ හෙලුවෙන්’
‘අලුත් හොරෙක් ඕනෑ’
‘චරිත හොරු අරන්’
‘හොරු එක්ක බැහැ’
‘හොරුත් එක්ක බොරු’
‘හොරු’
‘අන්තඃපුරය හොරු කඩයි’
මේ එම නාට්‍ය රැල්ලේ නම් කිහිපයක් පමණි. මේ නාට්‍ය රැල්ල පටන් ගත්තේ හොරු අල්ලන්න ආ මෛත්‍රි – රනිල් ආණ්ඩුව උපහාසයට ලක්කරමින්ය. මෛත්‍රි – රනිල් ආණ්ඩුව වැටුණේ බැඳුම්කරය නිසා යැයි හැමෝම කියති.
මෛත්‍රි – රනිල් ගැටුම, සහරාන්ගේ බෝම්බය වගේ තව හේතු දහසක් කියයි. හැබැයි ආණ්ඩුව වැටෙන්න පටන් ගත්තේ ඔය කිසි දෙයකින් නොව හොරු අල්ලන්න ගිහින්ය. හරියට හොරු අල්ලල හිරේ දැම්මා නම් මෛත්‍රි – රනිල් ආණ්ඩුව අදත් රට ආණ්ඩු කරයි. ආණ්ඩුව වැටුණේ බොරුවට හොරු අල්ලන්න ගිහින් සන්දර්ශන දමන්න ගිහිල්ලාය. මෛත්‍රි – රනිල් ආණ්ඩුව හිතුවේ ජනාධිපතිට ජනවරම දුන්නේ රාජපක්‍ෂ පවුලත්, රාජපක්‍ෂ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුත් අල්ලලා හිරේ දමන්න කියාය.
2015ට පෙර මෛත්‍රිලා – රනිල්ලා කීවේ නාමල් රාජපක්‍ෂගේ ඩොලර් බිලියන පනහක් ඩුබායි බැංකුවල තියෙනවා කියාය. බැසිල් රාජපක්‍ෂ ලංකාවෙන් භාගයක් සල්ලිවලට අරන් කියාය. ශිරන්ති රාජපක්‍ෂ තාජුඩීන් ඝාතනයට සම්බන්ධ යැයි කියාය. ගෝඨාභය රාජපක්‍ෂ ලසන්ත, ප්‍රගීත් එක්නැළිගොඩව ඝාතනය කළා කියාය. ඇවන්ගාර්ඞ් පාවෙන අවි ගබඩාවෙන් ගෝඨාභයත් රාජපක්‍ෂ පවුලත් මහා ධනස්කන්ධයක් හරි හම්බ කළා යැයි කියාය. යෝෂිත රාජපක්‍ෂ ඩොලර් බිලියන පනහක් සල්ලි ඩුබායි බැංකුවලින් වෙනත් බැංකුවලට මාරු කළා යැයි කියාය. මෛත්‍රිලා රනිල්ලා කීවේ මේ මුදල් සියල්ල හොයාගෙන රාජසන්තක කොට ජනතාවට බෙදා දෙනවා කියාය. මිනිස්සුත් මේ කතා විශ්වාස කළහ. හොරු අල්ලලා සල්ලි රටට හිමිකර දෙන තෙක් මිනිස්සු බලා සිටියහ.
කිව්වා වගේම බැසිල්ව අත්අඩංගුවට ගත්තේය. නාමල්ව, යෝෂිතව අත්අඩංගුවට ගනු ලැබීය. විමල්, අලුත්ගමගේ, ජොන්ස්ටන්, සජින්වාස් ඇතුළු රාජපක්‍ෂ ආණ්ඩුවේ ප්‍රබල මැති ඇමැතිවරු රාශියක් අත්අඩංගුවට ගනු ලැබූහ. මහින්දව ජනාධිපති කොමිසමට ගෙන එනු ලැබීය. කතානායක නිවෙසේදී ශිරන්තිව ප්‍රශ්න කරනු ලැබීය. ඇවන්ට්ගාර්ඞ් නැව්වලට පනිනු ලැබීය.
‘ඔන්න බඩු එළියට
එන්න පටන් ගත්තා.’
මිනිස්සුත් රෑට රූපවාහිනිය දිහා බලා හිටියේ ටෙලිනාට්‍යයක් දිහා බලාගෙන ඉන්නවා වගේය. එකිනෙකාව අත්අඩංගුවට ගනිද්දී, උසාවි ගෙනයද්දී අත්අඩංගුවට ගත් චෝදනා ටී.වී. එකේ කියවන විට මිනිසුන්ට හිනා ගියේ අත්අඩංගුවට ගෙන තිබෙන හොරකම් දෙකයි පනහේ පුංචි හොරකම් වගේ නිසාය. 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රිලා – රනිල්ලා ‘මාර හොරු’ කී අය දෙකයි පනහේ, තුනයි පනහේ සිල්ලර හොරු බවට පත්වූයේ එක රැයින්ය.
බැසිල්ව ගත්තේ මල්වානේ ඉඩමකටය. නාමල්ව ගත්තේ මුදල් විශුද්ධිකරණටය. යෝෂිතව ගන්නේ ආච්චිගේ රත්තරන් මල්ලකටය. ජොන්ස්ටන්ව ගත්තේ සතොසේ ලක්‍ෂ කිහිපයක වංචාවකටය. අලුත්ගමගේ ගෙවල් ගත්තා කියලාය. විමල් වීරවංශ ගමන් බලපත්‍රයේ වයස වෙනස් කළා කියලාය. මහින්දව ජනාධිපති කොමිසමට කැඳෙව්වේ ස්වාධීන රූපවාහිනියේ ජනාධිපති දැන්වීම්වලට සල්ලි නොදුන්නා කියාය. ශිරන්තිගේ සිරිලිය, මාධ්‍යවල නිවුස්වලට සීමා විය. අනෙකුත් හිටපු ප්‍රබල ඇමැතිවරුන් අත්අඩංගුවට ගත්තේ මේ වගේ සිල්ලර චෝදනාවලටය. අන්තිමේදී ඇවන්ට්ගාර්ඞ් ව්‍යාපාරයේ වංචාවක් වෙලා නැහැ කියා ආණ්ඩුවේම ප්‍රබල ඇමැතිවරු කියන්න පටන්ගත්තේය. ඩුබායි මැරියට් හෝටලය රාජපක්‍ෂලාගේ යැයි කී මෛත්‍රිලා, රනිල්ලා හෝටලයේ අයිතිකාරයාව ව්‍යාපාර කරන්න ලංකාවට ගෙන ආහ. හිරේට දමන අයත් ඇප අරන් එයි.
‘ඔක්කොම කණපිට…’
මිනිසුන්ට ඒ සිනමා පටයේ නම මතක් වුණාට සැක නැත. මුල් කාලයේ ජේම්ස් බොන්ඞ් වර්ගයේ චිත්‍රපයක් නරඹනවා වගේ ටී.වී. එකේ රෑට මෛත්‍රි – රනිල් හොරු අල්ලන නිවුස් බලපු මිනිසුන් ටික දවසක් යන විට මෛත්‍රි – රනිල් ආණ්ඩුව හොරු අල්ලන නිවුස් බැලුවේ චාලි චැප්ලින්ගේ විකට චිත්‍රපටයක් බලන්නා වගේය. හොරු නමට නාට්‍ය රැල්ලක් පටන්ගත්තේ මිනිසුන්ගේ මේ උපහාසය නාට්‍යකරුවන්ට ඉව වැටීමෙන් පසුවය. ඇත්තෙන්ම ආණ්ඩුව වැටෙන්න පටන් ගත්තේ එතැනින්ය. හොරු අල්ලනවා කියල කරන්නේ රටේ ප්‍රශ්න වහන මාධ්‍ය සන්දර්ශනයක් යැයි මිනිසුන්ට තේරෙන්න වැඩි කලක් ගතනොවීය. අනෙක හොරු අල්ලනවා කිය කියා ආණ්ඩුවට තර්ජනයක් වන රාජපක්‍ෂ පවුල සහ ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් දඩයම් කරනවා යැයි මිනිස්සු බොහොම ඉක්මනට තේරුම් ගත්හ.
‘ආණ්ඩුව කරන්නේ රට පාලනය කරන එක නොවේ පළිගන්න එක…’
මේ එදා මහින්ද ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂය කී කතාවය. මිනිස්සු ඒ කතාව විශ්වාස කළහ. හොරු අල්ලන අස්සේ සිද්ධ වුණු බැඳුම්කර වංචාව ඇතුළු වංචාවන් නිසා මිනිසුන්ට ආණ්ඩුව තිත්ත විය. එදා ඒකාබද්ධ විපක්‍ෂය කීවේ බැඳුම්කරය ලෝකයේ ලොකුම වංචාව කියාය. ලංකාවේ ලොකුම මංකොල්ලය කියලාය. මහ දවල් මහ බැංකුව බින්දා කියාය. එපමණක් නොව ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් ටොප් ටෙන් යන නමින් හඳුන්වා රනිල්ද ඇතුළුව ප්‍රබල ඇමැතිවරු 10 දෙනෙක්ට එරෙහිව මහ පරිමාණ දූෂණ චෝදනා 10ක් අල්ලස් කොමිසමට ඉදිරිපත් කළහ.
‘මුන් ඔක්කොටම වැඩිය කම්බ හොරුනේ’
මිනිස්සු හිතන්න පටන් ගත්හ.’
‘රාජපක්‍ෂලා එක්ක ලේසි වෙන්නෙත් නැහැ. බොන්ඞ් හොරුයි, ටොප් ටෙන් හොරුයි කුදලාගෙන එයි…’
මිනිස්සු තැන් තැන්වල කියන්න පටන් ගත්හ. පාස්කු බෝම්බය ගියේ මේ අතරතුරය.
‘පාස්කු බෝම්බය පිටිපස්සේ රිෂාඞ්, හිස්බුල්ලා, අසාද් සාලි ඔක්කොම ඉන්නවා…’
ඒකාබද්ධ විපක්‍ෂය කියද්දී මිනිස්සු විලම්බීත වූහ.
‘මොන හෙණ ගහන අපරාධයක්ද? බලන්නකෝ රාජපක්‍ෂලා ආවාම මුන් ඔක්කොම ගස්…’
පාස්කු බෝම්බයෙන් විපතට පත් කතෝලිකයන්ටත් වඩා එහෙම කීවේ සිංහල බෞද්ධයන්ය.
2019 නොවැම්බර් 16 මිනිස්සු උදේම ඡන්ද පොළට ගියේ දෙන්නම් බැටේ කියාගෙනය. ජනාධිපතිවරණය අවසන් වී මාසයක් ගෙවුණා පමණි. මිනිස්සු ටී.වී. එක දිහා බලාගෙන හිටියේ බැඳුම්කර හොරු කුදලාගෙන එන තෙක්ය. ටොප් ටෙන් හොරු පෝලිමේ ගෙන යන තෙක්ය. පාස්කු බෝම්බකරු සහරාන්ට උදව් කළ මැති ඇමැතිවරුන් ගෙවල්වලට ගිහින් මහ පාරේ ඇදගෙන එනතෙක්ය. පහුගිය 18 වැනි දින රාත්‍රියේ ටී.වී.එකේ බ්‍රේකින් නිවුස් දමද්දී මිනිස්සු ටී.වී.එක වටා එක්රොක් වූයේ කඩි රැළක් සේය.
‘2016 සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් චම්පික රණවක අත්අඩංගුවට ගෙන ඇත.’
මිනිස්සු හිතන්න ඇත්තේ ටී.වී. එක කොළොප්පන් කරනවා කියා විය යුතුය.
‘2016 චම්පිකගේ වාහනයේ රිය අනතුර බැඳුම්කරයටත් සහරාන්ගේ බෝම්බයටත් වඩා මහ විනාශයක් වුණේ කෙසේද?’
ඒ අනෙකක් නිසා නොව 2015 මෛත්‍රි – රනිල් ආණ්ඩුවට උපදෙස් දුන් වඳුරෝ රැළක් කඩුව තියාගෙන මේ ආණ්ඩුව වටේත් කැරකෙන නිසාය. චම්පික කියන්නේ නිකම්ම නිකමෙක් නොවේ. 2014 මහින්දගේ ආණ්ඩුවේ ලෙන්දොර බින්දේ ඔහුය. මහින්දගේ ලෙන් දොර හැදුවේත් ඔහුය. 1989 ප්‍රේමදාස ආණ්ඩුව ජවිපෙ මර්දනය කළාට පසුව ශ්‍රීලනිපය හිටියේ පාන් කියාගන්න බැරිවය. මැතිනියයි, චන්ද්‍රිකායි, අනුරයි තරගයට ගහගත්හ. මන්ත්‍රිවරු ඒ තුන්දෙනා වටේ සංගීත පුටු තරග පවත්වමින් සිටියහ. මහින්දව ඉස්සරහට අරගෙන තිලක් කරුණාරත්නලා, ජිනදාස නියතපාලලා එක්කලා චම්පික ශ්‍රීලනිප හෙළ උරුම කල්ලිය බිහි කළේ ප්‍රේමදාස ආණ්ඩුවට එරෙහිව මහජනතාව පාරට ගන්නටය. කණ්ඩලමට එරෙහිව, ඇමෙරිකානු හඬට එරෙහිව ජනතාව පාරට ආවේ එහි ප්‍රතිඵලයක් වශයෙන්ය. ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න, රණවිරුවන් ඝාතනය වී අවමංගල්‍ය පැවැති දින ප්‍රේමදාස ආණ්ඩුවට එරෙහිව බොරැල්ල කනත්ත යුද පිටියක් කළේ චම්පිකලාය. ලලිත් ඝාතනය වී ඒ අවමඟුල් පෙරහැර වීදි සටනක් බවට පත්කළේ චම්පිකලාය. 1994 එජාපයේ වසර 17ක පාලනය පෙරළා දමන ගල උඩ සටන වූ දකුණු පළාත් සභා ඡන්දයේදී චන්ද්‍රිකාව දිනෙව්වේ චම්පිකලාගේ ජනතා මිතුරෝ සංවිධානයය. එය එවකට අගමැති රනිල් පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය. චන්ද්‍රිකාගේ ජයග්‍රහණය පිටුපස ඉන්නේ ජනතා මිතුරෝ යැයි ඔහු කීවේය. චන්ද්‍රිකා බලයට පත්විය. චම්පිකලාත් හෙළ උරුමය සහ ජනතා මිතුරෝ අතරමං විය. හේතුව ඔහු හිටියේ මහින්ද එක්ක නිසාය. එහෙත් චම්පිකලා අත ඇරියේ නැත. 2000 චන්ද්‍රිකාගෙ ආණ්ඩුවේ පැකේජයට එරෙහිව ඔහු යළි මහින්දව කරළියට ගෙන ආවේය. 2004 මහ මැතිවරණයෙන් පසුව මහින්දට අගමැති ධුරය දිය නොහැකි යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන කොටස්කාර පක්‍ෂය වූ ජ.වි.පෙ. කියද්දී මහින්දව අගමැති කරන්න සහාය දෙන්න චම්පිකගේ හෙළ උරුම හාමුදුරුවරුන්ගේ ඡන්දය අරන් දෙන්න චම්පික පොරොන්දු විය. මහින්ද අගමැති විය. 2005 මහින්දට ජනාධිපති අපේක්‍ෂකත්වය අරන් දෙන්න චන්ද්‍රිකා 2006ට තල්ලු කරන්න ගිය ජනාධිපතිවරණය 2005ට අරගන්න උසාවි ගියේත් චම්පිකලාය. මහින්දට අපේක්‍ෂකත්වය ලැබුණේත් එහි ප්‍රතිඵලයක් වශයෙන්ය. මහින්ද යුද්ධය දිනන්න යද්දී ජවිපෙ ආණ්ඩුවෙන් ඉවත් වුවත් මහින්දව ආරක්‍ෂා කළේ චම්පිකලාය. 2015 මහින්දගෙ ගල්ලෙන බිඳගෙන පළමුව එළියට ආවේත් චම්පිකය.
චම්පික කවුද කියන්න මේ ආණ්ඩුව දනී. මෙවර ජනාධිපතිවරණයේදී තමන් එකට එකතු කළ සිංහල බෞද්ධ බලවේග තමන්ට එරෙහිව පාවිච්චි කරවන් පුළුවන් එකම ජගතා චම්පික බවද ආණ්ඩුව දනී. ඒ වගේම කැඩී බිඳී විසිරී ගිය විපක්ෂයක් එකට එකතු කරන්න පුළුවන් න්‍යායාචාර්යවරයාද චම්පික බව ආණ්ඩුව දනී.
‘ඉතින් ඇයි දැන දැනම ආණ්ඩුව චම්පිකව හිරේට දමල වීරයෙක් කරන්න හදන්නේ?’
සාජහන් රජ්ජුරුවෝ ටජ්මහල හදපු ගෘහ නිර්මාණ ශිල්පියාගේ අත කපල දැම්මේ ඔහුට තවත් රජ කෙනෙක් වෙනුවෙන් ටජ් මහලක් හදන්න බැරි වෙන්නය. ලංකාවේ සිංහල බෞද්ධ බලය එක්කරන නායකයන් හදන චම්පිකව දේශපාලනයෙන්ම කපල ඉවර කරන්න ආණ්ඩුවට ඕනෑද කියන්න දන්නේ නැත.

උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සිරිපා ගමනේ නොඇසූ තොරතුරු

Next Post

මාධ්‍ය ‌ලොක්කන්ට ‌නොතේරුණු ‌ගෝඨා කියපු කතා

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.