2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂයේ ලංකාවේ සජීවී දරු උපත් සංඛ්‍යාව සැලකිය යුතු අගයකින් පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලින් අනාවරණය වේ.
2020 වර්ෂයේ සජීවී දරු උපත් සංඛ්‍යාව 301,706කි.
නමුත් 2021 සජීවී දරු උපත් සංඛ්‍යාව 284,848කි.
ඒ අනුව 16,858කින් 2021 වර්ෂයේ දරු උපත් සංඛ්‍යාව අඩුවී ඇති බව දැකගැනීමට පුලුවන.










