හය වරක් අසාර්ථක වුණු රනිල් වික්‍රමසිංහ මහතා, අසාර්ථක ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සමග රට ගොඩනගන්නට යෑම විහිළුවක් බව සමගි ජන බලවේගය පවසනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (25) පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ අසාර්ථක නායකයකු වන රනිල් වික්‍රමසිංහ මහතා රටට ඩොලර් ගෙන ඒම පසෙකින් තබා රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීමේ නිරතව ඇති බවයි.










