අතුරු අයවැය සහ රටේ මුදල් තත්වය සම්බන්ධයෙන් ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ආණ්ඩුවේ සහ විපක්ෂයේ සියලුම මන්ත්රීවරුන්ට පාර්ලිමේන්තුවේදී ලබන 30 වැනිදා සවස විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය.
එදින සවස 2.00 සිට 4.00 දක්වා මෙම දේශනය පැවැත්වෙනු ඇත.
පාර්ලිමේන්තු ප්රධානීහු පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (24) පෙරවරුවේ පැවැත්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව පක්ෂ නායකයන්ට දැනුම් දුන්හ.










