• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දහස් ගණන් එකතු වෙච්ච බිමේ පිරී තිබුණෙ හිස් දැන් කවුරුත් නොමැති වෙලේ ගෝල්ෆේස් බිමම හිස්…

August 24, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
දහස් ගණන් එකතු වෙච්ච බිමේ පිරී තිබුණෙ හිස් දැන් කවුරුත් නොමැති වෙලේ ගෝල්ෆේස් බිමම හිස්…
Share on WhatsAppShare on Facebook

සියල්ල නිමාවී වෙහෙස නිවනා ගෝල්ෆේස් පිටිය දෙස පහුගිය දිනෙක අහසින් බැලූ පින්තූර කිහිපයක් අපට හමුවිය. ඒවායේ තිබුණේ ගෝල්ෆේස් පිට්ටනියේ හිස් හතරැස් කොටු අතර කිසිවකු නැති ආකාරයකි. ගෝල්ෆේස් පිට්ටනිය මීට වසර කිහිපයකට පෙර සම්පූර්ණයෙන්ම මිනිසුන්ගෙන් පිරී කූඩාරම් ඉදිවී අරගලකරුවන්ගේ නවාතැන්පළක් බවට පත්ව තිබුණේ නැත. එදා ගෝල්ෆේස් පිට්ටනියේ ආගිය අය විනෝද වන්නට, සරුංගල් යවන්නට, පාපන්දු සෙල්ලම් කරන්නට වැනි විවිධ දේ සඳහා එය යොදාගත්තේය. නමුත් ඉතිහාසයේ ගෝල්ෆේස් පිටියේ කතන්දරය මේ තරම් විසිතුරු නැත. බොහෝ තැන්වල ගෝල්ෆේස් පිට්ටනිය ගැන කියැවෙන්නේ දේශපාලනික අරගලකරුවන්ගේ නවාතැනක් ලෙසය. නමුත් එය ස්ථිර නවාතැනක් හෝ මාස ගණනක දින ගණනක නවාතැනක් බවට පත්වූයේ නැත. මෙවර වුණේ ඒ සියල්ලටම වඩා වෙනස් කතන්දරයකි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට අරගලකරුවන් සඳහා භූමියක් වෙන් කරන්නට පහුගිය ආණ්ඩුව පියවර ගත්තේය. ඒ, මෙවැනි අරගලයක් සඳහා නොව, සාමාන්‍යයෙන් උද්ඝෝෂකයන් සඳහා උද්ඝෝෂණ ස්ථානයක් ලෙසය. එය මුලින් අපට පෙනුණේ යම් විහිළුවක ආකාරයෙනි. මක්නිසාද යත් කිසිවෙක් සිදුකරන බලපෑමක් ජනතාවට දැනෙන ආකාරයෙන්, ආණ්ඩුවකට බලපෑමක් සිදුවන ආකාරයෙන් කරන්න අවශ්‍ය පරිසරය නිර්මාණය වියයුතු නිසාය. නමුත් මේ ස්ථානයේ කිහිප වතාවක්ම විවිධ ආකාරයේ අරගල සිදුවූ අතර, ඒවාටද පොලිසියෙන් මැදිහත් වනු දක්නට ලැබුණේය. නමුත් ‘ගෝඨා ගෝ ගම’ ආරම්භ වීමත් සමග එයට මැදිහත් වන්නට කිසිදු දේශපාලකයකුට නොහැකි වන තරමෙන් ‘ගෝඨා ගෝ ගම’ ශක්තිමත් විය. මේ ශක්තිමත්කම නිසාම බලධාරීන් ‘ගෝඨා ගෝ ගමට’ මැදිහත් වන්නට බිය වූ බවක් අපට පෙනුණේය. විශේෂයෙන්ම එවක පැවැති ආණ්ඩු තමන්ගේ හෙලුව වහගන්නට විවිධ උපක්‍රම භාවිත කළද, ගෝඨා ගෝ ගමට අත තියන්නට බැරි වන තරමට ගෝඨා ගෝ ගම අතිශය ප්‍රබල ජනතා ශක්තියක් බවට පත්විය. ගෝඨා ගෝ ගමට දස දෙසින් ජනතාව පැමිණියේය. ගෝඨා ගෝ ගමට නොගියා නම් ඒ නොයෑමම වරදක් ලෙස හිතන තරමට ගෝඨා ගෝ ගම රට පුරා ප්‍රචලිත විය. ගෝල්ෆේස් පිටිය සමහර දිනෙක අතුරු සිදුරු නැතිව මිනිසුන්ගෙන් පිරී ඉතිරී ගියේය. ඒ මිනිසුන් අතර ඇතැමුන් කොළඹට ඉතා දුර බැහැර සිට දුම්රියකින් හෝ බස් රථයකින් පැමිණි අය විය. ඔවුන්ගේ පැය ගණනාවක එකක්. සමහර විට ඒ අය දවස් ගණන් මේ ස්ථානයේ රැඳී සිටියේය. ඒ වෙනුවෙන් විවිධ කූඩාරම් ඉදිවිය. සමහර තැන්වල කූඩාරම්වල දරුවෝද, මවුපියෝද, පවුල් පිටින් නතර වී සිටියහ. සමහර විට ඒක විලාසිතාවක් බවට පත්විය. සමහරු විනෝදයට ගෝල්ෆේස් ආහ. ඇතැමුන් ගෝල්ෆේස් ආවේ මේ දේශපාලන ක්‍රමය සහ ආර්ථික සංස්කෘතික රටාවට එරෙහිවමය. ඒ වන විටත් ජනතාව මත සියලු බර පැටවූ දේශපාලකයෝ සිය ස්වයං වින්දනය උදෙසා රටත්, ජාතියත් පාවිච්චි කරමින් සිටියහ. සියලු දේපළ තම තමන් සතුකර ගනිමින්, සියලු සුඛ විහරණයන් කරමින් දේශපාලකයෝ සිය ජීවිත ගතකරද්දී ජනතාවට තෙල් පෝලිම්වල දුක් විඳින්නට සිදුවිය. ගෑස් පෝලිම්වල නිදාගන්නට සිදුවිය. කන්නටත්, බොන්නටත් නැතිවිය. කොළඹ මිනිසුන්ට බත් උයාගන්නට ගෑස් නැතිවෙද්දී, අනුරාධපුර, පොළොන්නරුවේ ඈත වැව් ගම්මානවල මිනිසුන්ට ගොවිතැන්බත් කරගන්නට අවශ්‍ය පොහොර ටික නැතිවිය. පොහොරත් ගෑසුත් දෙකම නැති මිනිසුන් අතර තෙල් නැතිව පාරේ දවස් ගණන් දුක් විඳින මිනිසුන්ද සිටියේය. සමහර වෙලාවට දවස් හයකින් හතකින් තෙල් ආවේ නැත. තෙල් මිල වැඩිවිය. පාන් මිල වැඩිවිය. සියලු පාරිභෝගික ද්‍රව්‍යවල මිල වැඩිවිය. මිල වැඩිවී හෝ බඩු මිලදී ගන්නට හැකියාවක් නැති තැනට රට පත්විය. පාසල් පවත්වාගන්නට බැරි තැනකට ආවේය. අන්තිමට පාසල් වැහුවේ පාසල් පවත්වන්නට බැරි නිසාය. කඩදාසි හිඟය තවමත් අවසන් වී නැත. කඩදාසි මත පැටවූ ශ්‍රී ලාංකිකයාගේ ජීවන බර තවමත් හෑල්ලු කරන්නට මේ ආණ්ඩුවටවත් හැකිවී ඇද්දැයි අපට ඉන්තේරුවෙන් කිව නොහැකිය. ඒ තරමටම රට දැන් තියෙන්නේ බරපතළ අරාජික තත්ත්වයකය. මීට පෙර මේ අරාජික තත්ත්වය ගෝල්ෆේස් අරගලය ආරම්භ වෙද්දී තිබුණේ ඉතා නරක මට්ටමකය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවද ඔහුට කළ හැක්කක් තිබුණේ නැත. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස සිටියද ඔවුන්ට කිසිවක් කරන්නට අවශ්‍ය බව පෙනුණේද නැත. මේ අනවශ්‍යතාවත්, කළ නොහැකි බවත් දෙකම එකට මුසු වූ විට ජනතාවට එය දරා සිටින්නට බැරි විය. ඒ නිසා සියල්ල දරාගත නොහැකි මිනිසුන් ගෝල්ෆේස් එකේ කූඩාරම් ඇතුළේ හිඳ අරගලය පටන්ගත්තේය. නිරන්තරව ‘ගෝඨා ගෝ ගමෙහි’ කුමන හෝ විරෝධතාවක් පැවැත්විණි. එයට කලාකරුවෝ ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රබල මිනිසුන් එකතු වන්නට විය. දේශපාලකයෝ මල් වට්ටියට අත ගසන්නට ගොස් කිහිප විටක්ම ගුටි කෑවෝය. නමුත් මේ සියල්ල උඩු යටිකුරු කරමින් මහින්ද රාජපක්ෂගේ අරලියගහ මන්දිරයට පැමිණි බත් බැලයෝ සිය දේශපාලන නායකයන්ගේ වහසි බසට රැවැටී ‘ගෝඨා ගෝ ගමට’ එක් දිනෙක හසිසියේම පැන පහර දුන්හ. ඒ පහරදීමත් සමග රට ගිනි ජාලාවක් බවට පත්විය. නොවිය යුතු බොහෝ දේ සිදුවිය. මිනිසුන්ගේ දේපළ කඩාබිඳ දමා විනාශ කොට තවමත් සමහර විට එදා ඒ කලහකාරී ලෙස හැසිරුණු අය ඉන්නේ රිමාන්ඩ් බන්ධනාගාරගතවය. ඒ නිසා එදා වූ දේ හරි යැයි කිව නොහැකිය. නමුත් පළමු වරද කළේ ගෝඨා ගෝ ගමට පහරදුන් රාජපක්ෂ බත් බැලයෝය. එය කිසිසේත්ම අපට අමතක කළ නොහැකිය. එදා එසේ පහර දුන් අයගේ බස් බේරේ වැවට දැමූ මිනිසුන් ඒ පහරදීමට පැමිණි යැයි සැක කළ කුරා කුහුඹුවාගේ සිට සියලු දෙනාට පහර දුන්නේය. ඒ පහරදීම් අප කිසිසේත් අනුමත නොකරන නමුත් ගෝල්ෆේස් අරගලය එතැනින් මුවහත් විය. තව තවත් ශක්තිමත් විය. දරුවෝත් මවුපියෝත් සියල්ලෝම එතැනට නොගිහින් සිටිනවා නම් එය වැරැදි යැයි සිතන තැනට පත්විය. කෑම බීම වැසි වැස්සේය. ඕනෑම අයකුට අවශ්‍ය පහසුකම් ලබාදෙන්නට සියලු හැකි උපරිම ආකාරයෙන් මැදිහත් විය. ඒ නිසා ගෝඨා ගෝ ගම ඉතා සරුසාර එකක් බවට පත්විය. මිනිසුන්ගේ හිත් පිරී ගියේය. පුස්තකාල ඉදිවුණේය. පොත්පත් තිබුණේය. නීති ආධාර කාර්යාල තිබුණේය. ඒ සියල්ල අතර බේත් හේත් කෑම බීම සෞඛ්‍ය පහසුකම් ඇතුළු සියල්ල අතර ගෝඨා ගෝ ගම ඉතා සුරක්ෂිත ආකාරයෙන් නිර්මාණය විය. නමුත් ඒ ගෝඨා ගෝ ගම අද නැත. අද ඇත්තේ පරණ පුරුදු පොල් රුප්පා අතර හැන්දෑවේ ඉර බැහැගෙන යන ගෝල්ෆේස් පිට්ටනියයි. සමහර තැන්වල තණකොළ මියගොස් යළි ඉපදෙන්නට බලා සිටිනා විට හිස් කොටු අතර මතකයන් ඉකිබිඳිමින් සිටී. ඒ මතකයන් අතර තරුණ අරගලකරුවෝත්, වයස්ගත දේශපාලන කියවීම් ඇති මිනිසුනුත්, ජීවිතයේ හැන්දෑවේ සමුගෙන යන්නට පෙර තමන් විසින් සිදුකළ වැරැදි නිවැරැදි කරගන්නට පැමිණි මහලු මිනිසුනුත් එකට එක්ව ගී කියූ තැන් තවමත් එසේම ඉතිරිවී තිබේ.

රැයක් දවාලක් නැතිව දේශපාලන, ආර්ථික, සමාජයීය රටා ගැන කතා කරමින් සිටි, කවි නළු රසටත්, තරුණ තරුණියෝ නවාතැන්ගත් කූඩාරම්වල නටබුන් මතකයන් තවමත් එහි ඉතිරිවී තිබේ. ඒ හතරැස් කොටු අතර මිනිසුන්ගේ ජීවිතවල හුස්ම රැඳී තිබුණු බව පමණක් අද සිහිවටනයක් ලෙස මතක් වෙයි. ෂැංග්‍රිලා හෝටලයේ උඩු මහලේ සිට බලනා විට ගෝල්ෆේස් පිට්ටනියේ එක එකාගේ ආදර සැමරුම් රැඳුණු හතරැස් කොටු තවමත් එහෙමම ඉතිරිව තිබේ. නමුත් ගෝල්ෆේල් පිටියට අහිමි වූයේ ආදරයත්, ප්‍රේමයත්, මනුෂ්‍යත්වයත්, ගුණයහපත්කමත්, අරගලයත් පමණි. කිසිවෙක් කිසිවක් හොරකම් කළ බවක් අප දන්නේ නැත. මතක සටහන් පමණක් ඉතිරිවී තිබේ. පා සටහන්ද දැන් මැකී ගොස් අවසන්ය. සමහර විට ෆේස්බුක් පිටුවල තම ගොඩ වැඩි කරගන්නට දඟලන පිරිස ගෝල්ෆේස් පිටියේ බොහෝ දේ නැතිවී ඇති බවට පින්තූර පළකරන විට අපට නම් පේන්නේ පෙර පින්තූරයේ ඇති පිට්ටු බම්බු දෙකත් සමහර හෝටල් ගොඩනැගිලිත් පහළ පින්තූරයේ නැති බවය. විශ්වාසයෙන් කිව හැක්කේ ඒ කිසිවක් අරගලකරුවන් රැගෙන නොගිය බවය. පින්තූර එහෙන් මෙහෙන් සෙප්පඩ විජ්ජා කොට ජනතාව රවටන්නට යෑමෙන් තවදුරටත් වැඩක් නැත. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය පුරා ගෝල්ෆේස් අරගලය වන් අරගලයක් නිර්මාණය වී නැත. අරගලයෙන් ගොඩ යන්නට දැඟලූ අය අරගලය නිසා නමට ලකුණු එකතු කරගත් අය, අරගලයෙන් පසු දේශපාලනයට එන්නට හීන දකින අය, අරගලයේ වීරයෝ ලෙස නම් ලැබූ අය ගැන අප ලියන්නට නොයන්නේ මෙය කිසිවකු කිසිවකු උදෙසා කළ අරගලයක් නොවන නිසාය. මේ අරගලය ජනතා අරගලයකි. ඉන් ලකුණු දාගන්නට ආ නළු නිළියෝත්, සමහර ෆේස්බුක් ප්‍රබලයෝත්, සමහර සමාජ ක්‍රියාකාරීන් යැයි කියාගන්නා අයත් අදද කරන්නේ අරගලයේ නාමයෙන් තම තමන්ගේ ගොඩවල් වැඩිකර ගන්නා එකය. සමහරු මිල මුදල් හොයන්නට ගොස් මාට්ටු වූ බව අප අසා තිබේ. නමුත් මේ කිසිම වාසියක් නොතකා කිසිම ලාභයක් නොතකා කිසිම දේශපාලන වුවමනාවක් නැතිව අරගල බිමේ රැය පහන් කළ අරගලය වෙනුවෙන් ආගිය අරගලය වෙනුවෙන් නිදිවැරූ අරගලය වෙනුවෙන් ගුටි කෑ ලෙයින් කඳුළින් අරගල බිම තෙත් කළ අරගල බිම ආදරයෙන් පිරවූ අහිසංක ජනතාවට අපි අපේ උත්තමාචාරය මෙසේ පුද කරමු. අරගලයට ජය වේවා….

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පොලිසිය මාධ්‍ය හමු තියන තැන්වලට පැනලා හොයන එරංග එළියට ඇවිත් කියපු කතාව මෙන්න! (VIDEO)

Next Post

ලංකාවේ ලොකුම ව්‍යාපෘති දෙකකට අත දැමූ අදානි මාධ්‍යයටත් අත තියයි!

MORE NEWS

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News
Exclusive

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News
Exclusive

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

සජිත් අභයාරාමයට ගිහින් හදිසියේම මුරුත්තෙට්ටුවේ හිමියන් හමුවූයේ ඇයි? කතා කළේ මොනවද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ගැන විපක්ෂනායක සජිත්ගෙන් X පණිවුඩයක්! I Sri Lanka Latest News

Load More
විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News
Exclusive

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම...

Read more
කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.