• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාරට බහින කොටම ගහන්න බලාගෙන ඉන්නෙ! කියන්නෙ ටිල්වින්! (VIDEO)

August 20, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
මේ අරගලය දේශපාලනිකයි! මේක නිර්දේශපාලනීකරණය වෙන්න බෑ! පාගමනකින් කොළඹට ඇවිත් අපි මේ අරගලයේ දේශපාලන නායකත්වය ගන්නවා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

අත්අඩංගුවට ගෙන සිටින විරෝධතාකරුවන් හැම දෙනාම කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. ඔහු කියන්නේ රනිල් වික්‍රමසිංහ යනු රාජපක්ෂවරුන්ගේ කොන්ත්‍රාත්කරුවෙකු බවයි. මේ පාලනය ඉවත් කරන්න අයිතියක් ජනතාවට තිබෙන අතර ඊට නායකත්වය දෙන්න ජනතා විමුක්ති පෙරමුණත් ජාතික ජන බලවේගයත් සූදානම් බවයි ඔහු සඳහන් කරන්නේ..

“රාජපක්‍ෂවරුන්ට වගේම රනිල් වික්‍රමසිංහටත් ජනතාව එක්ක කෝපයක් තිබෙනවා. මහින්ද රාජපක්‍ෂට ජනතා උද්ඝෝෂණ නිසා අගමැතිකම නැතිවී ගෝඨාභය රාජපක්‍ෂට ජනාධිපතිකම නැතිවුණා. බැසිල් රාජපක්‍ෂට මන්ත්‍රීකමත් නැතිවුණා. රාජපක්‍ෂවරු වටේ හිටිය හොරාකන අයගේ අවස්ථා නැතිවුණා.

මේ සම්බන්ධයෙන් ඔවුනට ජනතාව එක්ක තිබෙන කෝපය රනිල් වික්‍රමසිංහට ජනාධිපතිකම දීලා පිරිමහ ගනිමින් ඉන්නවා. අදත් රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපති නෙවෙයි. රාජපක්‍ෂරුන්ගේ කොන්ත්‍රාත්කරුවෙක්. ජනතාව රනිල් වික්‍රමසිංහට ඡන්දය දීලා නැහැ. ඔහුට ඡන්දය දීලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ටිකක්.

මේ නිසා පවතින බරපතළ තත්වය හොඳින් තේරුම් ගෙන පරාද කරන්න ඕනෑ. සැප්තැම්බර් මාසයේ ජිනීවා නුවර මානව හිමිකම් කොමිෂන් සභාව රැස් වෙනවා. එහිදී මේ මර්දනය නිසා ලංකාව පරාජය කරන්න ඉඩ තිබෙනවා. එහෙත් එයින් පරාජය වෙන්නේ රනිල් නෙවෙයි; මේ රටේ ජනතාවයි. උද්ඝෝෂණ මැඩ පවත්වන්න විශාල පොලිස් කණ්ඩායම් යොදවලා පළිගැනීමේ ස්වභාවයකින් කරගෙන යන්නේ රනිල් වික්‍රමසිංහලා අතිශය දූෂිත පාලනයක් ස්ථාපිත කරගන්නයි. මේ තත්වය පරද්දන්න අපිට විශාල සටනක් තිබෙනවා. ජන වරම අහෝසි වී තිබෙන බව අපි විතරක් නෙවෙයි හිටපු මැතිවරණ කොමසාරිස්වරයා පවා ප්‍රකාශ කර තිබෙනවා. ජනවරම අහෝසි වුණු ආණ්ඩුවට රට පාලනය කරන්න සදාචාරමය අයිතියක් නැහැ. දේශපාලනමය අයිතියක් නැහැ. ව්‍යවස්ථාවේ තිබෙන නීතිරීතිවලින් රැකුණත් ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගත්තොත් කිසිම අයිතියක් නැහැ.

ජනතාව දස දහස් ගණන් පාරට බැහැලා කීවේ මේ පාලනය එපා කියලා. ජනතාව විසින් ජනාධිපතිවරයා පළවා හැරියත් ව්‍යවස්ථාව පාවිච්චි කර ගනිමින් ආණ්ඩුව බලයේ ඉන්නවා. ජනතාවගේ ප්‍රශ්න විසඳන්න අසමත් ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කළ මේ ආණ්ඩුවේ කණ්ඩායම තවදුරටත් රට පාලනය කරන්න අයිතියක් නැහැ. ඒ නිසා වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඕනෑ. තමන් කැමති පාලනයක් පිහිටුවා ගන්න ජනතාවට අවස්ථාව දෙන්න ඕනෑ. මේ ආණ්ඩුවෙන් අයිතිවාසිකම් ඉල්ලලා කිසිම තේරුමක් නැහැ. සහන ඉල්ලන ජනතාවට මර්දනයෙන් උත්තර දෙන දුෂ්ට පාලනය පළවා හැරිය යුතුයි. ඔවුන් ඉල්ලා අස්වී ජනතාවට කැමති පාලනයක් පිහිටුවා ගන්න මැතිවරණයක් වෙනුවෙන් හඬ නගන්න සිදුවී තිබෙනවා. ජනාධිපති පලවා හැරිය උද්ඝෝෂණවලින් පසුව කිසියම් නිහැඬියාවක් දැන් තිබෙනවා. කිසියම් මොහොතක ජනතාව නැවත නැගී සිටිනවා. ජනතාව පීඩා විඳින සියලු ප්‍රශ්න එසේම තිබෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදීව නැගී සිට මේ පාලනය ඉවත් කරන්න අයිතියක් ජනතාවට තිබෙනවා. එය හරියටම ඉලක්ක ගතව කරන්න ඕනෑ.

ඒ සටනට නායකත්වය දෙන්න ජනතා විමුක්ති පෙරමුණත් ජාතික ජන බලවේගයත් සූදානම්. ජනතාව පීඩාවට පත්කරන, මර්දනය කරන පාර්ලිමේන්තුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් දැවැන්ත උද්ඝෝෂණ මාලාවක ආරම්භය 20වැනිදා උද්ඝෝෂණ පෙළපාළියකින් සහ විරෝධතා රැලියකින් ලබා ගන්නවා. ආණ්ඩුවට ජනතාවගේ ශක්තිය පෙන්වා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස බල කරන්න ඕනෑ. තමන්ගේ පාලනයක් පිහිටුවා ගන්න ජනතාවට අවස්ථාව ඕනෑ. අරගලයේ ජන බලය පෙන්වන පා ගමන සහ රැලිය සාර්ථක කරගන්න අරගලයට පණ පොවමු කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මර්දනකාරිත්වය නැවැත්වීමටත් අත්අඩංගුවට ගෙන සිටින හැම දෙනාම කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස අපි බලකර සිටිනවා.

SendShareShare
Previous Post

මමත් ඇමැතිකමක් අරන් ආණ්ඩුවට යනවද කියලා අපේම අය කෝල් කරලා අහනවා! දිනුවත් පැරදුණත් අපි ප්‍රතිපත්තියක් ඇතිව දේශපාලනය කරන මිනිස්සු! කබීර් ගමේ ජන්දදායකයන් ඉදිරියේ පොරොන්දුවක් දෙයි! (VIDEO)

Next Post

IMF එක ණය දෙන්න අලුත් කොන්දේසියක් දමයි!

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.