ජනාධිපති රනිල් වික්රමසිංහ ලබන මාසයේදී ජපානයේ සංචාරය කිරීමට සැලසුම් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කොට ඇත.
එම සංචාරයේ මූලික අරමුණ ජපාන අග්රාමාත්යවරයා සමග සාකච්ඡා කිරීම බවත්, එහිදී ශ්රී ලංකාවේ ණය ප්රතිව්යුහගත කිරීම් ගැන වැඩි අවධානයක් යොමුවෙනු ඇති බවත් දැනගන්නට තිබේ.
ඊට සමගාමීව චීනය සහ ඉන්දියාව ඇතුළු ණය ලබාදෙන්නන් සමග ද ශ්රී ලංකාවේ ණය ප්රතිව්යුහගත කිරීමේ සාකච්ඡා ද සිදුකෙරෙනු ඇති බව වැඩිදුරටත් අනාවරණය වී තිබේ.










