එක්සත් ජාතීන්ගේ සංවර්ධන සම්බන්ධීකරණ කාර්යාලයේ ආසියා ශාන්තිකර කලාපීය අධ්‍යක්ෂ David McLachlan-Karr මහතා හා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී සිදුවිය.
එහිදී විශේෂ කරුණු රැසක් පිළිබඳව එහිදී සාකච්ඡා කරනු ලැබීය.
ඉදිරියේදී ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවල කටයුතු මෙහෙයවන එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන සහයෝගීතා රාමුව (UNSDCF) 2023-2027 දියත් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් අදාළ සාකච්ඡාව පැවැත්විණි.
ශ්‍රී ලංකාව මුහුණ දෙන ගැටලු කිහිපයක් පිළිබඳව ද අවධානය යොමු කළ අතර ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් ආහාර අනාරක්ෂිතභාවයට මෙන්ම ආන්තික කණ්ඩායම් ආරක්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමේ අවශ්‍යතාවයද අවධාරණය කරනු ලැබීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ විධිමත්ව මෙන්ම ධනාත්මකව සම්බන්ධ වීමේ වැදගත්කම පිළිබඳව ද එහිදී අවධානයට ගනු ලැබීය. David McLachlan-Karr මහතා මේ දිනවල නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටී.
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මියද එම අවස්ථාවට එක්ව සිටියා ය.










