ඛනිජ තෙල් සංස්ථාව තුළ සිදුවන අක්‍රමිකතා රැසක් සමගි සන්ධාන ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය විසින් හෙළිදරව් කළේය.
එහි සභාපති ආනන්ද පාලිත මහතා පෙන්වා දුන්නේ ඉන්ධන මිලදී ගැනීම, බෙදාහැරීම ඇතුලු සියලු කටයුතුවලදී සොරකම් කොට ඇති බවකි.
එමෙන්ම පවතින මිල අනුව අද රාත්‍රියේ රුපියල් 70කින් පමණ ඉන්ධන මිල අඩු කළ යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.
හොරා කන ආණ්ඩුව සමග එක්වී කුමන සර්ව පාක්ෂික ආණ්ඩුදැයි ඒ මහතා විමසා සිටියේය.










