පළාත් කිහිපයකට නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයක් මතුව ඇති බවක් දැනගන්නට තිබේ.
සක්‍රීය දේශපාලනයේ යෙදෙන චරිත කිහිපයක් ආණ්ඩුකාරවරුන් වශයෙන් පත් කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර තිබීම ඊට හේතුව වී ඇති බව දැනගන්නට ඇත.
මෙතෙක් පැවැති සාමාන්‍ය සම්ප්‍රදාය වූයේ සක්‍රීය දේශපාලනයේ නොසිටින, දේශපාලනයෙන් විශ්‍රාම ගිය ගරුකටයුතු පුද්ගලයකුට හට ආණ්ඩුකාර ධූර ලබා දීමය.
නමුත් මෙවර එම සම්ප්‍රධායෙන් පිට පනිමින් ජනාධිපතිවරයා තවමත් සක්‍රීය දේශපාලනයේ නිරත චරිත කිහිපයක් හට ආණ්ඩුකාර ධූර ලබා දීමට තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ.










