යුරෝපා කොමිසමේ තානාපතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ජා කිරීමට පියවර ගෙන ඇත.
එහිදී විශේෂ කරුණු 3ක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ බව එම කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එම නිවේදනය මෙසේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අද ඵලදායී හමුවක් පැවැත්විණි. යුරෝපා කොමිසම අභියෝගාත්මක කාලවල හවුල්කරුවෙකි. අපට, සිවිල් සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම, සියල්ලටත් වඩා ප‍්‍රකාශනයේ නිදහස සහ විසම්මුතියට ඇති අයිතිය, අතිශයින් වැදගත් වේ. ලංකාව නැවත මාර්ගයට ගෙන ඒමට දැන් ඒකාබද්ධ සහ ඇතුළත් ක්‍රියාමාර්ග අවශ්‍ය බව අපි එකඟ වෙමු.
විදේශ කටයුතු සම්බන්ධයෙන්, දැනට පවතින ප්‍රධාන ක්‍රියාදාමයන් 3ක් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස යුරෝපා සංගමය ජනාධිපතිවරයා දිරිමත් කළේය.
1️⃣GSP+
2️⃣ IMF
3️⃣ මානව හිමිකම් කවුන්සිලය
මෙම ක්‍රියාවලීන් සාර්ථක කර ගැනීම සඳහා රජය විසින් ස්ථිර පියවර ගනු ඇතැයි යුරෝපා සංගමය බලාපොරොත්තු වේ.