ආණ්ඩුව මහජන විරෝධතා මර්දනය කරන බව කියමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් බත්තරමුල්ල ජයන්තිපුර පාර්ලිමේන්තු පිවිසුම අසල අද විරෝධතාවයක් කළහ.
සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මන්ත්‍රීවරු මෙම විරෝධතාවයට සහභාගී වූහ.
“රාජ්‍ය මර්දනය නවත්වනු ,හදිසි නීතිය අහෝසි කරනු “යන ප්‍රධාන තේමාව මුල් කර ගනිමින් ඔවුහු උද්ඝෝෂණය කළහ.
උද්ඝෝෂණයෙන් පසු එම මන්ත්‍රීවරු පාර්ලිමේන්තු රැස්වීමට පැමිණියහ.
ජායාරූපය ලංකාදීප අනුග්‍රහයෙනි.










