ජල ගාස්තු ද ඉහළ දැමීමට ජල සම්පාදන අමාත්‍යංශය තීරණය කර ඇත.
ජල ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇති අතර ගාස්තු වැඩි වන ප්‍රතිශතය කැබිනට් මණ්ඩලයෙන් තීරණය කිරීමට නියමිතව තිබිණි.
සමෘද්ධිලාභීන්ට ,කුලී නිවැසියන්ට ආගමික ස්ථාන හා පාසල් ආදි විශේෂිත කාණ්ඩ සඳහා, නිශ්චිත පරිභෝජන සීමාවක් දක්වා සහන සැලසීමට ද අමාත්‍යංශය යෝජනා කර ඇත.
මේ අතර විදුලි බිලද මේ සතියේ සිට ඉහළ නැංවීමට නියමිතය.










