එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවති 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ කිලෝ ග්‍රෑම් 57 කාන්තා මල්ලවපොර ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් නෙත්මි අහිංසා පෝරුතොට අද අලුයම දිවයිනට පැමිණියා.
ඇය පිළිගැනීම වෙනුවෙන් ගුවන් තොටුපොල විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී පිළිගැනීමේ උත්සවයක් සංවිධාන කර තිබූ අතර නෙත්මිගේ මව්පියන් ඇතුළු ඥාතීන් සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ඊට එක්ව සිටියා. එහිදී ඇය මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.










