බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එකතු වී හෙට දින කොළඹ විහාරමහාදේවි උද්‍යානය පැවැත්වීමට නියමිත විරෝධතාවක් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළා.
කුරුදුවත්ත පොලීසිය විසින් කළ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා මෙම නියෝගය නිකුත් කළා.
මෙම විරෝධතා වලදී යම් සාමය කඩවීම ක්‍රියාවක් හෝ දේපළවලට හානි කිරීමක් සිදු වූවොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලීසියට බලය තිබෙන බවත් මහේස්ත්‍රාතවරයා අවධාරණය කර සිටියා.










