පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දොළහට අදාළ නඩු විභාගයෙන් තමා නිදහස් කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කළ යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ලිඛිත දේශන ඉදිරිපත් කරමින් කොළඹ අගරදගුරු හිමිපාණන් ප්‍රකාශ කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම නඩු කටයුතුවලින් කිසිසේත්ම නිදහස් කළ නොහැකි බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මූලික අයිතිවාසිකම් කඩවීමට හේතු වූ විවිධ ක්‍රියා හෝ අතපසුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් 8 වැනි වගඋත්තරකරු ලෙස ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක පාර්ශවකරුවෙකු බවට පත් කර තිබුණි.
57 වැනි වගඋත්තරකරු ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ගේ වඩාත් අගතියට පත් පාර්ශ්වය නියෝජනය කරන කොළඹ අගරදගුරු හිමිපාණන් නම් කර ඇත.










