• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සනත් ගුණතිලක හිරේ ඉන්න රන්ජන් රාමනායකට ලියුමක් ලියයි!

August 3, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
සනත් ගුණතිලක හිරේ ඉන්න රන්ජන් රාමනායකට ලියුමක් ලියයි!
Share on WhatsAppShare on Facebook

සම්මානනීය නළ සනත් ගුණතිලක මහතා විසින් සිරගතව සිටින නළු රන්ජන් රාමනායක මහතා වෙත ලිපියක් යොමු කොට තිබේ.

එම ලිපිය පහත පරිදිය.

අද 2022.06.14,

ඔබ නිදහස් දිනය දවසේ එළියට එයි කියලා සිතුණත්, එය සිද්ධ නොවූ විට වෙසක් පොහොයටවත් එළියට එයි කියල හිතුවා. එහෙත් ඔබ පොසොන් එකටවත් එළියට එව්වේ නෑ.ඔබ තවම ඇතුලේ.අපි ඉන්නවා එළියේ.මේක ගේම් එකක්ද? ඇත්තටම දැන් සිද්ධ වෙන දේවල් වල හැටියට ඇතුළෙ ඉන්න එකද හොද එළියේ ඉන්න එකද හොද කියන එකත් ප්‍රශ්නයක්.ඇතුළෙ ඉන්න ඔබ දැන් ශාස්ත්‍රවේදී උපාධිය හදාරමින් සිටිනවලු.එහි මූලික කටයුතු අවසන් කර දැන් විභාගයට ත් පෙනී සිටිනවලු .නියමිත වෙලාවට ඇවිදිනව වගේ ශරීර අභ්‍යාස කරනවලු. මේවා තමයි මට ආරංචි වුණේ.ඔබ කාලසටහනකට වැඩ කරනවානේ.අපි එළියේ හිටියත් මේ තියෙන තත්ත්වය හැටියට කොහොමද කාලසටහනකට වැඩ කරන්නේ.වැඩ කරන්න බැරි බව ඔබටත් ආරංචි වෙනවා ඇතිනේ.ඒ අතින් බලන කොට ඔබ වාසනාවන්තයිනේ.සනත් අයියා හදන්නේ මාව හැමදාම ඇතුළේ තියන්නද කියලත් ඔබට හිතෙයිද දන්නෙ නෑ.ඔබට නොහිතුනත් මම ඒ විදියට හිතනවා කියලා හිතන අපතයොත් නැතුව නොවෙයි .

නමුත් සිර ගෙයක් ඇතුළෙ දඩුවම් විදිනකොට එතැන තිබෙන “රසය”දන්නෙ ඇතුළෙ ඉන්න මිනිහ විතරයි කියලා මට නොතේරෙනව නොවෙයි .එතන තිබෙන කටුක බව ,දුක්ඛිත තත්ත්වය ,අඩුපාඩු ඔබට දැනෙන කොට මම මේ කියන්නේ මොන විකාර කතාවක් ද කියලා ඔබ කනගාටු වෙන්නත් පුළුවන් .කුරුල්ලෙකු ට වුණත් නිදහසේ පියාඹමින්ගත කරන ජීවිතය ,මොන තරම් රස බොජුන් ලැබුණත් කූඩු කර සිටියදී ලැබෙන්නේ නැති බව පරම සත්‍යයක් .නමුත් ඔබේ සිත හයියයි.ඒ හයිය තව තවත් වැඩි දියුණු කර ගන්න .

කොහොම ත් දැන් ඔබව විසිට් කරන්න විවිධ අය එන බැවින් ඔබට එය එක්තරා විදියක සැනසීමක් වෙන්න ඇති.ඒ අය එන්නේ ඇත්තටම ඔබව සනසන්නටද නැත්නම් ඔබ සමඟ එකතුව ඔවුන්ගේ සැනසීම හදාගන්නද කියලා දන්නෙ නෑ.එතැනත් තියෙන්නේ ගේම් එකක්ද ?නමුත් පෙරටවඩා දැන් හිතලා මතලා වැඩ කරන්න පුරුදු වෙලා ඉන්න ඔබට මේ ගේම් අවබෝධ කර ගන්න අපහසු නෑ කියලා මම හිතනවා .දේශපාලන වශයෙන් ,සමාජ යතාර්ථය වශයෙන් ,නෑ හිතමිතුරන් වශයෙන් ඇති සබඳතා කෙතරම් දුරට සත්‍යයට නැඹුරු ද?වටිනාකම් සහිතද?රහිතද?වංක ද අවංක ද?යන්න තේරුම් ගැනීමට මේ හිටිය කාලය ඔබට හොදටම ඇති කියලා මම විශ්වාස කරනවා.ඔබේ අනාගත සැනසීම සදහා කළයුතු දේත්,වැනසීම සදහා නොකර ගත යුතු දේත් ඔබට දැන් කියලා දෙන්න අවශ්‍ය නෑ.සිතට වඩා වචනය ඉස්සර කර ගතයුතු නැති බව ඔබ දැන් හොදට ම තේරුම් අරන් යැයි මම හිතනවා .(මෙහෙම පණ්ඩිත කතා කිව්වට අපිටත් හැම වෙලේම වෙන්නෙ අනවශ්‍ය විදියට කට ඉස්සර වෙන එකයි) ඔබ කරේ වැරැද්දක් ද නැත්ද යන්න මම කියන්න යන්නේ නෑ.ඔබ කලබල වෙලා ඔබටම වැරැද්දක් කර ගත්තද කියලා කියන්න මම දන්නෙ නෑ.හැබැයි අහිංසක කම්කරුවන්ගේ සිට ප්‍රභූ පැළැන්තියේ ධනපතියා දක්වා වැඩි ප්‍රතිශතය ක් පක්ෂ පාට ජාති කුල මල භේදයකින් තොරව ඔබ දේශපාලන ය සම්බන්ධව කියූ දේ හරි යැයි පිළිගත් අවස්ථා පසුගිය කාලය තුළ විවිධ මාධ්‍ය ඔස්සේ මම දැක්කා.ඒ අය ඒක ප්‍රකාශ කළේ කාගෙවත් බල කිරීමට නොවේ.අවංකව සත් භාවයෙන්.ඒක කෙනෙකුට තමන්ගේ ජීවිත කාලය තුළ ලබාගන්න පුළුවන් විශාල ජයග්‍රහණයක් .ආශිර්වාදය ක්.එළියේ හිටියත් ඇතුලේ හිටියත් ඒක නම් නැති කර ගන්න එපා සහෝදරයා .

ඔබට බනින අයත් තාම ඇති .(දැන් මේවා කීවා කියලා බලමුකෝ හෙට අනිද්දා මාව පතුරු ගහන හැටි)ඔබ දැන් කියවන පත පොත ලෝකයේ වර්තමාන යතාර්ථය ගැන ,දේශපාලන ඉතිහාසය ගැන ,විවිධ රටවල් වල විවිධ ජාතීන් ,විවිධ අවස්ථා වල බලය සදහා විවිධ දේ කරපු හැටි වැනි දේවල් වලින් දැනුම ලබා ගන්නවා ඇති.ඒවායින් ඔබේ ජීවිතය ,ආධ්‍යාත්මික ජීවිතය තව තවත් පරිපූර්ණ වෙයි කියලා මම විශ්වාස කරනවා . මම දවසක් කිව්ව වගේ ඔබට වැරැදි කරන අයට සමාව දීපං. අපිට කරන්න බැරී දෙයක් උඹ කරල පෙන්නපං. හැබැයි සහෝදරයා තව එක දෙයක් කියන්න ඕන . හිතට වඩා වචනය ඉස්සර කරගෙන ඔබ කරපු යම් යම් ප්‍රකාශ කිහිප දෙනෙකුට තද බල ලෙස වේදනාවක් ගෙන දුන්න බව ඔබ දන්නවද නැත්ද මම දන්නෙ නෑ. මම නම් ගම් කියන්න යන්නෙ නෑ. ඔබ අතින් ඒ වැරැද්ද සිද්ධ වෙලා තියෙනවා . ඒ ගැනත් අවධානය යොමු කළොත් එය ඔබේ ඉදිරි ජීවිතය ට ගොඩාක් වැදගත් වෙයි . ඔබ කරන ලද සමහර දරුණු ප්‍රකාශ ,සමහර චෝදනා වල පදනමක් හෝ සත්‍ය තාවයක් නොමැති බැවින් සිත වේදනාවට පත්කර ගත් සමහර තැනැත්තන්, තැනැත්තියන් තවමත් එය විදවනවා ඇති. මම මේක කියන්නේ මගේ අත්දැකීමෙන් . නොකරන වැරැදි වලට ඇහෙන් දැක්කා වගේ ප්‍රකාශ නිකුත් කරමින් මට අසත්‍ය චෝදනා පැමිණි යුගයේදී මා පමණක් නොව මගේ නැගණිය ත්, ඇයගේ දරුවනුත් වින්ද වේදනාව සුළු පටු නොවේ . කාලයා විසින් මම ඒවාට සමාව දී හිත හදා ගත්තත් ඒක හැමෝම කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. (බොහෝ විට මෙවැනි අසත්‍ය ප්‍රචාර වලට මුල් වී කටයුතු කරන්නේ පාඩුව හෝ අලාභය වින්ද කෙනා නොවෙයි. එම සිද්ධිය අවස්ථාව ක් කර ගෙන එයට ප්‍රචාරය දෙමින් සමහර විට පොත් පවා මුද්‍රණය කර ගනිමින් මුදල් හම්බ කර ගත් අදටත් සාන්තුවරයන් වගේ වර්තමාන ප්‍රශ්න වලට ජනතාව වෙනුවෙන් උත්තර හොයන බව පෙන්වන කට්ට කෛරාටික කාලකණ්ණි සිටින බව ඔබ දන්නවා ද? ඒ කාලකණ්ණි සමඟ දැන හෝ නොදැන එකට සාකච්ඡා කරන ඔබේ දේශපාලන සගයන්ගේ අනාගතය ගැනත් අපට තබන්න පුළුවන් විශ්වාස ය කුමක්ද ? මෙය මෙම ලිපියට අනවශ්‍ය කරුණක් ලෙස සමහර විට ඔබට පෙනෙන්නට පුළුවන් . ඒත් අවංකව ඔබට තිබෙන හිතවත් කමට පරිස්සම් වීමට දෙන අවවාදයක්.

මම මේ කිව්ව ටික වෙන කවුරුත් ඔබට කියන එකක් නෑ. නමුත් මම කියන්නේ අවංකවමයි. ඔබම පැත්තකට වෙලා පොඩ්ඩක් හිතලා බලන්න .ඔබ කිව්ව සියලුම දේ පදනම් සහිතද පදනම් රහිතද කියලා . (මම මේ කියන්නේ දේශපාලන ය ගැන නොවෙයි . විශේෂයෙන් අපේ ක්ෂේත්‍රය ට සම්බන්ධ අය ගැන ) ඔබ කියූ සමහර කතා පදනම් සහිත සත්‍ය ඒවා විය හැකි නමුත් ,ඒවා ඔබ ප්‍රකාශ කළ අන්දම මීට වඩා සුමට වෙන්න තිබුණා. සමාජයේ හැමෝම ඔබට හොදයි කියනවා කියලා මුසාවක් කියනවට වඩා ඔබ විසින් සිත් රිදවූ අයත් තවම ඒ කම්පනයෙන් යම් සුළු පීඩාවක් හෝ විදිනවා කියලා සත්‍ය ප්‍රකාශ කිරීම මම ඔබට කරන ලොකු උදව්වක් ලෙසයි සලකන්නේ . ඔබ එය කොයි විදියට බාර ගත්තත් එදත් අදත් හෙටත් මම කිව යුතු දේ පිළිබඳ පැකිලෙන්නේ නෑ.

ඒ වගේම ඔබ ගොඩාක් ආදරය කරන ,ඔබ අදහන ඔබේ විජය මාමා අතින් නම් ඒ වැරැද්ද කවදාවත් වුණේ නෑ. ඔහුගේ දේශපාලන යට විරුද්ධ මත දැරෑ ක්⁣ෂේත්‍රයේ කිසිම කෙනෙකුට ඒ පිළිබඳ කිසිදු දොසක් කිව්වේ නෑ.චෝදනා කලෙත් නෑ.හැබැයි වැරැද්දක් දුටු තැන කියන්න තියෙන දේ ශිෂ්ට විදියට ඉතා තදින් මුහුණටම කිව්ව .ඒක හොදට දන්නවා වගේම මම විදලත් තියෙනවා . ඇත්ත කියන්න එපෑ. ඒවායින් මම හැදිලත් තියෙනවා . මට විස්තර කියන්න බෑ.ඔබ නැවත සිවිල් සමාජයට ආ දිනකදී ඔබේ කතා බහ හැසිරීම ,වැඩ කිරීම ,අදහස් ප්‍රකාශ කිරීම , අන්‍යයන් ට සවන් දීම වැනි දේ මුළු මහත් සමාජයට මෙන්ම වැඩිපුරම අනික් තරුණ දේශපාලඣයන්ට ආදර්ශයක් වන්න කියලා මම ඉල්ලනවා.

දැන් ඔබ කෙරේ ජනතාව තුළ ඇති කැමැත්ත ,ආදරය ,අනුකම්පාව එතකොට දස දහස් ගුණයකින් වැඩි වේවි. ඔබ අමරණීය පුද්ගලයෙක් වෙයි. ඒක ලේසි නෑ රන්ජන් . ඒක ලේසි නෑ.එදාට එය දකින්නට අහන්නට මම ජීවත් වුණත් නැති වුණත් ඒ සතුට මගේ ආත්මය සොයාගෙන යයි. (අපි කොයි වෙලේ මේ ලෝකෙට ආවද කියලා දන්නෙ නෑ වගේම අපි යන වෙලාවත් අපිම දන්නෙ නෑනේ රන්ජන් . ඔබ නැවත ආව දිනයක , එදා ඔබ ආදරයෙන් සැලකූ විල්සන් කරූ අයියා වත්, චිත්‍රපට නිෂ්පාදිකාවක් සහ ජේෂ්ඨ නිළියක ලෙස ඔබ ඇසුරු කළ සුමනාවත් ඔබට හමුවෙන්න බැරි බව අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඒක තමයි දෛවය)

මම ප්‍රධාන පක්ෂ දෙකට අමතරව වෙනත් පක්ෂ වලද ප්‍රධාන පෙලේ දේශපාලඣයන් කිට්ටුවෙන් ආශ්‍රය කරලා තියෙනවා . ඒක මගේ කරුමය ද උරුමය ද කියලා කියන්න මම දන්නෙ නෑ. නමුත් අරුමය කියන්නේ තමන් ගැන නොහිතා පෞද්ගලික වාසි නොතකා රට සහ ජනතාවගේ අභිවෘද්ධිය සදහා පමණක් කටයුතු කල දේශපාලනඣයෙක් ඉන්නවාදැයි ඔබ ඇසුවොත් ,මගේ පිළිතුර වන්නේ මම දන්න එහෙම කෙනෙක් හිටියා . ඒ ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා .අනික් අය එහෙම නෑ කියලා මම කියන්නේ නෑ. ඔවුන් ස්වල්ප දෙනෙක් අතරත් මේ ගුණය අඩු වැඩි වශයෙන් පිහිටා තිබූ බව මම කියන්න කැමැතියි .ඒ බොහෝ අය අද ජීවතුන් අතර නෑ.

කලාව හා දේශපාලන ය මිශ්‍ර කර ගත් අප පිරිස් අතරේ ඔබද එවැන්නෙක්. ඒ අය අතරින් වැඩිදෙනාගේ හෝ මා පැමිණි දේශපාලන ගමනට වඩා ඔබගේ දේශපාලන ගමන රටට ඵලදායී , වැඩදායී අර්ථවත් තත්වයට පත්කර ගත හැකි නම් එය ඔබ මේ භවයේදී මනුශ්‍යයෙක් වශයෙන් ලබන විශාලතම ජයග්‍රහණය යි. මම එහෙම කියන්නේ තමන්ගේ කලා ජීවිතය ටත් වඩා දේශපාලන ය තමාගේ ජීවිතය ට කිට්ටු කර ගත් ස්වල්ප දෙනාගෙන් ඔබත් එක්කෙනෙක් බැවිනි.ඒ නිසාම ඔබ බොහෝ විට සිතුවිලි වලට වඩා වචන ඉක්මන් කළා.එහෙම කරපු එකේ වැරැද්දක් නෑ . එහෙම ඉක්මන් වෙන්නත් ඕන . නමුත් වචන කියලා කියන්නේ තවත් කෙනෙක් ⁣වෙත එල්ල කරන මල් වගේම ගල්. ඒත් ඔබ දැන් ඉස්සර ට වඩා වෙනස් යැයි මම සිතනවා . ඒ නිසා කලයුතු සුදුසුම දේ කුමක්ද කියා තේරුම් ගැනීමට ඔබට අමුතුවෙන් කිව යුතු නෑ. මම මේ ලිපිය ලියුවේ ජූනි 14වැනිදා පොසොන් පෝය දාය. මේක ඔබ අතට දෙන්නේ කවදාද කියා මම තවම තීරණය කරලා නෑ. නමුත් තව දවස් දෙකකින් තිරගත වෙන ඔබේ චිත්‍රපටය ට මම සුබ බතනවා. එහි සාර්ථකත්වය අපේ සිනමා කර්මාන්තයේ (මේතියන අර්බුද කාරී තත්ත්වය මැද්දේ වුවද ) ඉදිරි ගමන ට විශාල රුකුලක් වනු ඇතැයි මම විශ්වාස කරනවා.

මා නැවත කියා සිටින්නේ මා මේ ලිපිය ලියන මොහොතේ එනම් 14.06.2022 අපි ඉන්න එළියට වඩා ඔබ ඉන්න ඇතුළ හොදයි කියාය . යමකු ජීවත් වන කාලයේ තමාගේ අනාගතය සදහා යම් දැනුමක් ලබා ගැනීමට හැකි අධ්‍යාපනය ක් සදහා කාලය මිඩංගු කිරීමට වාසනාවක් තියෙනවා කියන්නේ විශාල භාග්‍යයක් . අන්න ඒ හැගීමෙන් ඔබ කටයුතු කරන්න .ඔබේ ජීවිතය වඩාත් නිවැරැදි කර ගන්න . ඒ නිවැරැදි තාවයේ එළිය ඇතුළේ ඉන්න ඔබට ලැබුණට මෙම අවාසනාවන්ත කාලයේ එළියේ ඉන්න අපට ලැබුණේ නැති බව නිරන්තර මතක් කර ගනිමින් ධෛර්යමත් වන්න.

ඔබට වාසනාවන්ත ඉදිරි ජීවිතයක්!

සනත් ගුණතිලක

පසුව ලියමි.

2022.06.21

මේ ලිපිය කෙලින්ම ඔබට ලැබෙන්න සැලැස්සුවේ එය මාධ්‍ය කට හෝ වෙනත් කෙනෙකු දැකීම සුදුසුද නැත්ද යන්න නිශ්චය කර ගත නොහැකි වූ නිසා. මේ ලිපියෙන් මට ලකුණු දා ගන්න ඕන වුණේ නෑ.ඔන වුණේ ඔබේ ඉදිරි ජීවිතය ට ලකුණු වැටෙන විදියට මේ ලිපිය සලකුණක් කිරීම පමණි . ලිපිය ට කළ යුතු දේ ඔබට බාරයි. මෙහි එක් පිටපතක් මමත් තියා ගන්නම් . සුබ ගමන් සහෝදරයා !

නැවත පසුව ලියමි.

2022.07.07

අනිත් කරුණ නම් ඔබව බලන්න එන්නේ නැතුව මෙහෙම ලියලා එව්වේ , බලන්න ආව නම් අපේ සුහදකම අනුව ඉහත කී කරුණු එකක් වත් මට ඔබට කියා ගන්න බැරි වෙයි. ඒ වෙනුවට අපි විහිලු කරමින් ඔබව සතුටින් තියමින් සුහදව විසිර යෑම සිදුවේ. ඔබට ප්‍රයෝජනවත් දෙයක් කිරීමට , කීමට මට තිබුණු අවංක උනන්දුව මත මේ ලිපිය ලියූ බව විශ්වාස කරන්න .

~සනත් අයියා.

SendShareShare
Previous Post

ඩීසල් නැවකට ඊයේ සල්ලි ගෙව්වා! අද බාන්න පටන් ගත්තා!

Next Post

චීනය තායිවානය වට කරද්දී අමෙරිකානු කතානායිකාව තායිවාන පාර්ලිමේන්තුවට යයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.