• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම හැදුවෙ ණය ගෙවලා රට බේරගන්න! IMF එකට ගිය බොහෝ රටවල් විනාශ වුණා! හිටපු මහබැංකු අධිපති කබ්රාල් පිටු 37ක දිවුරුම් ප්‍රකාශයක් උසාවියට දෙමින් කියයි!

August 2, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මුදල් අවභාවිත කළ බවට චෝදනා! කබ්රාල්ට රට යාම උසාවියෙන් තහනම් කරයි!
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි එම් එෆ්) සහාය පැතීම අප රටේ සියලු ප්‍රශ්නවලට විසඳුම් දෙනු ඇතැයි විශ්වාස කිරීම මිත්‍යාවක් බවත් එකී අරමුදලින් සහාය ලබාගත් බොහෝ රටවල් විනාශවී ඇති බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පිටු 37ක දිවුරුම් ප්‍රකාශයක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට කියා සිටියේය.

එකී අරමුදලේ සහය ලබාගැනීමට නම් බදු වැඩි කිරීම, ජනතාවට ලබාදෙන සහන සහ සුබසාධන කටයුතු වෙනුවෙන් වෙන් කෙරෙන මුදල් අවම කිරීම හා සම්පූර්ණයෙන්ම පාහේ කපා හැරීම්, විශ්‍රාම වැටුප් කපා හැරීම වැනි රටේ අසරණ ජනතාව පීඩාවට පත්කරන අහිතකර කොන්දේසි රැසකට අවනතවීමට රජයට සිදුවන බව හිටපු මහ බැංකු අධිපතිවරයා සිය දිවුරුම් ප්‍රකාශය මගින් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලට පෙන්වා දී තිබේ.

රට ආර්ථික අගාධයකට ඇද දැමීමට පාදකවූ තීරණ ගත් වගකිවයුත්තන්ට එරෙහිව නිසි විමර්ශනයක් සිදුකර නීතිමය පියවර ගැනීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා ඇතුළු පිරිසක් විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, විජිත් කේ. මලල්ගොඩ, එල්. ටී. බි. දෙහිදෙනිය හා මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී හිටපු මහ බැංකු අධිපතිවරයා එලෙස පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස තමා සැමවිටම කටයුතු කළේ මහ බැංකුවේ වගකීම නීතියට අනුව හා මහ බැංකුවේ මූලික අරමුණ ඉෂ්ට කර ගැනීමේ පරමාර්ථයෙන් බවත් තමන් ඉටුකළ කාර්ය අනුව පැමිණිලිකරුවන්ගේ කිසිදු මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වී නොමැති බවත් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මගින් ඉදිරිපත් කළ එම දිවුරුම් ප්‍රකාශය මගින් හෙතෙම කියා සිටී.

2022 ජනවාරි වනවිට රජයේ ප්‍රතිපත්තිය වූයේ ණය ගෙවීම පැහැරහැරීම නොව ණය ගෙවීම බවත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 ජනවාරි 18 වැනිදා සෛවරි බැඳුම්කර ණය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ගෙවනු ලැබුවේ එකී පදනම මත බවත් හෙතෙම සිය දිවුරුම් ප්‍රකාශය මගින් පවසයි. රාජ්‍ය ණය ගෙවීමේ වගකීම ඇත්තේ රජයට මිස රජයේ නියෝජිතයා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා මහ බැංකුවට නොවන බවත් ඒ බව හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2021.12.10 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාවෙන් හා 2022.04.12 වැනිදා රජය නිකුත්කළ නිවේදනයෙන් තහවුරු වී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටී.

රට මෙවන් අගාධයකට වැටීමට හේතුවී ඇත්තේ එම මූලික අයිතිවාසිකම් පෙත්සම්වලින් 3 වැනි වගඋත්තරකරු ලෙස නම්කොට ඇති බැසිල් රාජපක්ෂ හා 7 වන වගඋත්තරකරු ලෙස නම්කොට ඇති අජිත් නිවාඩ් කබ්රාල්ගේ අදූරදර්ශී ක්‍රියා කලාපය නිසා බවද පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා ඊයේ (01දා) විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

එංගලන්තෙ ඇමැතිලට එරෙහිව ලංකාවේ ඇමැතිලා! කතිකාචාර්යවරයෙක් මාර සන්සන්දනයක් කරයි! (VIDEO)

Next Post

අත්අඩංගුවට ගත් රැට්ටා ඇතුලු කණ්ඩායම බලන්න ෆීල්ඩ් මාෂල් කොල්ලුපිටිය පොලිසියට යයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.