අසත්‍ය පුවත් පළ කරන මාධ්‍ය වෙත තවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අජිත් මාන්නප්පෙරුම මහතා ප්‍රහාර එල්ල කළ ආකාරයක් දැකගත හැකි විය.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර සිටියේ විපක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වන බව කියමින් අසත්‍ය පුවත් පළ නොකොට ආර්ථික-දේශපාලන අර්බූදයක් පවතින මේ මොහොතේ වගකීමෙන් යුතුව මාධ්‍ය හැසිරිය යුතු බවකි.










