ගාලු මුවදොර අරගල භූමියේ අනවසරයෙන් රැඳී සිටින පුද්ගලයින්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු වන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, නාගරික සංවර්ධන අධිකාරිය, වරාය අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන සතු අදාල ඉඩම්වල අනවසර ඉදිකිරීම් සහ අනවසරයෙන් රැඳී සිටිමේ චෝදනා යටතේ, ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි.
එම ආයතන මගින් එම කටයුතු සඳහා උපදෙස් දී ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේ ය.
අදාල ප්‍රදේශවල ආරක්ෂිත කැමරා දර්ශන සහ වීඩියෝ දර්ශන ද පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා යොදා ගැනෙනු ඇති.
මේ අතර අරගලය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන පුද්ගලයින්ගේ දුරකතන සංවාද සහ බැංකු ගිණුම් පරීක්ෂාවට පියවර ගන්නා බව ද මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, ජනාධිපති කාර්යාලය ඇතුළු හඳුනා ගත් ස්ථානවල දැනට සිදුවන විමර්ශන පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කණ්ඩායම් කිහිපයකින් ක්‍රියාත්මක බවය.









