ලංකා රජය සිය විදේශ ණය ගෙවීම පැහැර හැරීමෙන් පසු නැව් තැනීමේ කොන්ත්‍රාත්තුවක් අහිමි වූ බව කොළඹ ඩොක්යාඩ් ආයතනය සදහන් කරයි.
කොළඹ ඩොක්යාඩ් ආයතනය ජපානයේ ඔනොමිචි තටාකාංගනයේ ඒකකයක් ලෙස කටයුතු කරයි.
කෙසේවෙතත් ලංකා රජය විදේශ ණය ගෙවීම් පැහැර හැරීමත් සමග නොර්වේ රජයෙන් ලබා දී තිබූ නෞකා දෙකක් තැනීමේ ගිවිසුම අවලංගු කිරීමට පියවර ගෙන ඇත.
නෝර්වේ එඩ්ඩා වින්ඩ් ඒඑස් විසින් මෙම ආධාරක මෙහෙයුම් යාත්‍රා දෙකක් (සීඑස්ඕවී) තැනීමේ කොන්ත්‍රාත්තුව ලබා දී තිබිණ.
“රටේ පවතින අස්ථාවර ආර්ථික හා මූල්‍ය තත්ත්වය හේතුවෙන් මෙම තීරණයට එළැඹීමට සිදු වූ බව” කොළඹ ඩොක්යාර්ඩ් ආයතනය පෙන්වා දී තිබේ.
කෙසේවෙතත් නෝර්වේ කොන්ත්‍රාත්තුව අවලංගු කර තිබියදීත්, දැනට පවතින යුරෝපීය සහ ස්කැන්ඩිනේවියානු ගනුදෙනුකරුවන් සඳහා නැව් තැනීමේ ව්‍යාපෘති හතක් කිසිදු බාධාවකින් තොරව සිදුකරන බවද දැනගන්නට ඇත.










