මේ තිබෙන වාතාවරණය අනුව ඉතාම සුදුසු දේ මැතිවරණයකට යාම බව මල්වතු පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික පූජ්‍ය දොරණෑගම රතනපාල හිමියෝ කියා සිටියා.
මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ සුමංගල හිමියන හමුවීමට පැමිණි අවස්ථාවේදී හිමියන් මේ බව ප්‍රකාශ කර තිබුණා.
”අටපිරිකර අරගෙන වට වන්දනාවේ ගිහිල්ලා කුලපති තනතුරු දීලා අපේ ආශිර්වාද ගන්න එනවා මිසක් රටේ දියුණුවට මොනවත්ම කරන්නේ නැහැ. කළත් අවම මට්ටමකින් තමයි කරන්නේ. දැන් රටේ ලොකු වෙනසක් කරන්න ඕනේ. මේ තියෙන වාතාවරණය අනුව අපට නම් පෙනෙන්නේ, ඉතාම සුදුසු දේ තමයි මැතිවරණයකට යන එක. මිනිස්සු ප්‍රතික්ෂේප කරපු අය තමයි දැන් තනතුරු දරන්නේ. කැබිනට් එකේ සංයුතිය දිහා බැලුවත් එහෙමයි. සර්වපාක්ෂික හෝ අන්තර්වාර පාලනයකට යන බවක් පෙනෙන්නත් නැහැ.
මේ අය තම තමන්ගේ තනතුරු තහවුරු කර ගත්තා. ජනාධිපති කම, අගමැති කම, මැති ඇමතිකම් තහවුරු කර ගත්තා, දැන් ඒ අයගේ තියෙන්නේ මන්දගාමී ස්වභාවයක්. මිනිසුන්ට එවැනි දේකට යනවා කියල විශ්වාසයක් ගොඩ නැගෙන්න ඉදිරි පියවරක් තියෙන්න ඕනෙ. එහෙම දෙයක් පෙනෙන්නත් නැහැ. මේ ප්‍රශ්න අතරේ රැල්ලක් එනවා එතකොට මිනිසුන්ටත් තමන්ගේ ප්‍රශ්නටික ඔක්කොම අමතක වෙනවා. යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළා.










