ආණ්ඩුව ලබා දුන් වැට් බදු සහනය ජනතාවට නිසි පරිදි ලැබී නැතිනම් ඒ සදහා පැමිණිලි ඉදිරිපත් කිරීමට නව අංකයක් හදුන්වා දී තිබේ.
ඒ අනුව 1977 අංකයට එම පැමිණිලි ඉදිරිපත් කිරීමට දැන් හැකියාව ඇත.
ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දුවකට අනුව වැට් බද්ද 15% සිට 8% දක්වා අඩු කළ අතර ජාතිය ගොඩනැගීමේ 2%ක බද්ද අහෝසි කිරීමටද රජය පියවර ගෙන තිබිණ.
ඒ අනුව සියලුම භාණ්ඩ හා සේවාවන්හි මිල අඩුවීමක් සිදුවිය යුතු වුවද ඇතැම් ආයතන සහ ව්‍යාපාරිකයන් එම සහනය ජනතාවට නිසි පරිදි ලබා නොදෙන බවට විශාල වශයෙන් පැමිණිලි ලැබී තිබේ.










