• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැඩි වෙනවා වැඩි වෙනවා වැඩි වෙනවා කියන කරන්ට් බිලේ පවර් එක…

July 24, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
වැඩි වෙනවා වැඩි වෙනවා වැඩි වෙනවා කියන කරන්ට් බිලේ පවර් එක…
Share on WhatsAppShare on Facebook

ලයිට් බිල වැඩිවෙනවද? ඔව් ලයිට් බිල වැඩිවෙනවා. ලයිට් බිල වැඩිවෙන බව කිහිප වතාවක්ම කිහිප තැනකදීම අපට අහන්න ලැබුණා. හැබැයි මේ ලයිට් බිල වැඩිවීම ගැන විවිධ මතිමතාන්තර ඉදිරිපත් වෙච්ච නිසා අපි හිතුවා මේක ටික කාලයකට පමා වෙයි, නැත්නම් මේක වෙනස් වෙයි කියලා. ඇත්තටම ඒ කලින් අපි දන්න සහ කලින් අපිට අහන්න දකින්න ලැබුණු ක්‍රමවේදයට වඩා ලයිට් බිලේ මේ වතාවේ වැඩිවීමේ ක්‍රමය වෙනස් වුණා. අපි මේ ගැන විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා සමග කිහිප වතාවක්ම කතා කළා. ඒ වගේම විදුලි බිල වැඩිවීම ගැන හිතුමතේට තීන්දු තීරණ ගැනීමේ අයිතියක් කිසිවකුට නැති බවත්, මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය මත මේ කටයුතු සිදුකරන්න ඕනෙ කියන එකත් අපි හොඳාකාරවම දැනගෙන හිටියා. හැබැයි අපේ බලධාරීන් විසින් සිදුකළ අත්තනෝමතික ක්‍රියාකලාපයන් විදුලි බිල වැඩිකිරීමට සිදුවෙන පසුබිමකුත් නිර්මාණය වුණා.

මේ පසුබිම නිර්මාණය වෙන්නේ ඉතා හොඳින් ඉර පායන රටක් වුණු ලංකාවේ, ඉතා හොඳින් සුළං හමන කාල සහිත ලංකාවේ, ඒ වගේම ජල මූලාශ්‍ර වැඩි ප්‍රමාණයක් ගලා හැලෙන, ගංගා දිය ඇලි තියෙන රටක් වුණු ලංකාවේ මොකක්දෝ හේතුවකට අපි තවමත් ඩීසල් බලාගාර අරිමින් යනවා. මේ ඩීසල් අර්බුදය ලංකාවට ආවටත් පස්සේ තමයි සංජීව මහත්තයලා කියන විදියට Ace Embilipitiya ට අවසර ලැබෙන්නේ. ඒක ගාමිණී ලොකුගේ, ඩලස් අලහප්පෙරුම වගේ විදුලිය සම්බන්ධ හිටපු ඇමැතිවරු පවා ප්‍රතික්ෂේප කරපු ක්‍රමවේදයක්. නමුත් මේ බලාගාරය අරිනවා, ඒවට ඩීසල් දෙන්න සිද්ධ වෙනවා. ඩොලර්වලින් සල්ලි ගෙවන්න සිද්ධ වෙනවා. මේ ප්‍රශ්නත් එක්ක ලයිට් බිල වැඩිකිරීම සම්බන්ධව රටේ වුවමනාවක් නිර්මාණය වෙනවා. එතකොට මේක වෙන්නේ කොහොමද?

69%කින් ලයිට් බිල වැඩිවෙනවා. ඒක තමයි පැහැදිලි කතන්දරය. ඒ කියන්නේ රුපියල් 1000ක ලයිට් බිලක් ඔබට ආවා නම් ඔබට තව රුපියල් 690ක් ඒ බිලට එකතු වෙනවා. ඒ කියන්නේ රුපියල් 100ක් නම් තවත් රුපියල් 69ක් ඒකට එකතු වෙනවා කියන එක. යම් හෙයකින් 10,000 ලයිට් බිලක් ආවා නම් ඒක රුපියල් 16,900ක් බවට පත්වෙනවා. මේක මේ විදියටම ගණන් හදලා, නිවැරැදිවම දශමස්ථානයට වටයන්න පුළුවන්කමක් නෑ. ඒකට හේතුව මේවා ඇතුළේ හංගලා තියෙන, වහලා තියෙන, කොලේ වහලා ගහන ගේම් ඕනෙ තරම් තියෙන නිසා. පහුගිය කාලයෙදිත් මිනිස්සුන්ට තමන්ගෙ විදුලි බිල සම්බන්ධ විශාල අර්බුදවලට මුහුණ දෙන්න සිදුවුණා. ඒක වුණේ මෙහෙමයි. සාමාන්‍යයෙන් ඔබ දන්නවා විදුලි බිලක් හදන්නේ මාසෙකට. මාසයක් කියන්නේ දවස් 30, 31ක් හෝ 28ක්. ඒත් බොහෝ විට ඔබට ඔබේ අවසාන විදුලි බිල අරගෙන බැලුවොත් දකින්න ලැබේවි සමහර විට ඒ බිල හදලා තියෙන්නේ දවස් 36කට හෝ 38කට. සමහර පැතිවල දවස් 40 හෝ 50ටත් හදනවා. ඔවුන් කියන්නේ තෙල් නෑ කියලා. ඒක සාධාරණයි. නමුත් මේ විදියට මාසෙක බිල මාස දෙකක් බවට පත්වීමෙන් සිදුවෙන බරපතළ අර්බුදය තමයි අපි දන්නවා විදුලි ඒකක පාවිච්චි කරද්දී එක්තරා නිශ්චිත සීමාවකට එහා පාවිච්චි කළොත් පළමු ඒකකයේ සිටම බිල වැඩිවෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් 1 සිට 30ට වන ඒකක ප්‍රමාණයේදී පළමු ඒකකයේ මිල රුපියල් 2.50ක් වුණාට 30ට වඩා පාවිච්චි කළොත් ඒක රුපියල් 7.50 දක්වා ඉහළ යනවා කියන එක. මේ ගණිතය නිවැරැදි නැති වෙන්න පුළුවන් නමුත් මේක උදාහරණයක් විදියට ගන්න. දැන් මේ විදියට විදුලි බිල වැඩිවෙනකොට යම් හෙයකින් දවස් 30ක ඇතුළත ඒ සීමාවෙ රඳවා ගන්න පුළුවන්කම තිබුණත්, දවස් 40ක් බවට පත්වෙද්දී අනිවාර්යයෙන්ම ඒ සීමාව පනින්න පුළුවන්. ඒ සීමාව පැන්නොත් ලයිට් බිල වැඩිවෙන එක සාමාන්‍ය දෙයක්. ඒ වගේම මේ කාලෙ ඇතුළත බොහෝ දෙනකුට තමන්ගෙ නිවාසවල ගෑස් පරිහරණය කරන්න හැකියාවක් ලැබුණෙ නෑ. ඒ නිසා අපේ අය තමන්ගෙ හොදි මාළු පිණි හදාගන්නත් රයිස් කුකර් එක පාවිච්චි කරන්න පටන් ගත්තා. එහෙම නැත්නම් හොට් ප්ලේට් එකක් මිලදී ගත්තා. ඒ වගේම විදුලියෙන් ක්‍රියාත්මක වන විකල්ප උදුන් භාවිත කරන්න ගත්තා. මේ විදියට විදුලි උපකරණ මිලට ගත්තට පස්සේ ස්වභාවිකවම විදුලි බිල වැඩිවීම සාමාන්‍ය දෙයක්. නමුත් බොහෝ දෙනකුට ඒක දැනුණෙ නැහැ. ඒකට හේතුව මේ කාල වකවානුව ඇතුළේ විදුලි බිල ඉහළ නොයාම.

මහජන උපයෝගිතා කොමිසම කියන්නේ සාධාරණ හේතූන් කිහිපයක් සහිතව පමණයි විදුලි බිල වැඩිකළ හැක්කේ කියලා. නමුත් ඒ සාධාරණ හේතූන් ඔවුන් ඉතා පහසුවෙන් ඉදිරිපත් කළත්, ඒවායින් අසාධාරණය සිදුවෙන්නේ කාටද කියන එක ඔබට අපට තේරෙනවා. විදුලිබල මණ්ඩලය කියලා කියන්නේ ඇත්තටම වැය බරක් විදියටයි අපට පේන්නේ. ඒකෙ ඉන්න හැමෝම නෙවෙයි, වැඩි ප්‍රමාණයක් දෙනා වැඩ කරන්නේ තමන්ට අවශ්‍ය දේශපාලන වුවමනාවන් මත. බොහෝ දේශපාලකයො ඡන්දයෙන් දිනපු ගමන්, ඇමැතිකමක් ලැබුණු ගමන්, ඡන්දෙ දුන්න වන්දිභට්ටයන්ට, පෝස්ටර් ගහපු එවුන්ට, කැන්වසින් ගිය අයට තෑග්ගක් විදියට විදුලිබල මණ්ඩලයෙ රස්සාව දෙනවා. ඔවුන්ට විශාල වැටුප් ගෙවනවා. විදුලි ඉන්ජිනේරුවො අතිවිශාල වැටුප් ගන්නවා. මේවා වැරැදියි කියලා කියනවා නෙවෙයි. විදුලි ඉන්ජිනේරුවෙක් හෝ වෙනත් කාර්යමණ්ඩල සාමාජිකයෙක් තමන්ගෙ රැකියාවට අනුව, තමන්ගෙ අවදානම අනුව සාධාරණ වැටුපක් ලැබිය යුතුයි. ඒ වගේම ඒ අය නැත්නම් මේ සිස්ටම් එක පවත්වාගෙන යන්න බැරි වෙනවා. ඒ සියල්ල තියෙන කොට මේ විදුලියට ඔවුන්ට මුදල් ගෙවීම ගැටලුවක් නෑ. නමුත් හැකි උපරිමයෙන්ම කොමිස් අරගෙන, හම්බකරගෙන, අනිකාගෙ දේවල් ගසාකාලා, මංකොල්ලකාලා කරන මේ ජාවාරම ඇතුළේ අපිට සිද්ධ වෙන්නේ ඉතා භයානක විපතකට මුහුණ දෙන්න. ඒ විපත කොච්චර නරකද, කොච්චර භයානකද කියන එක සම්බන්ධව අපට ඔබට බලාගෙන ඉන්න විතරයි පුළුවන් වෙලා තියෙන්නේ. හැබැයි යම් හෙයකින් විදුලි පාරිභෝගිකයන් මේ සම්බන්ධව නීතිමය පියවර ගත්තොත් මහජන උපයෝගිතා කොමිසම ඇතුළු කණ්ඩායම් හරහා මේ සම්බන්ධයෙන් උත්තර බැඳීමට සිදුවෙනවා. නමුත් නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියලා ඔවුන් ඉතා සාධාරණ ආකාරයෙන් විදුලි බිල වැඩිකිරීම ගැන බොහෝ දේවල් පැහැදිලි කරනවා. විශේෂයෙන් ලංකාවෙ විදුලියට අවශ්‍ය වෙලා තියෙන්නේ ඉන්ධන සහ ගල් අඟුරු. ඉන්ධන සහ ගල් අඟුරු කියන කාරණා දෙකම ක්ෂය වෙන සම්පත් විදියටයි ලෝකය පිළිගන්නේ. ක්ෂය වෙන සම්පත්වලින් විදුලිය උත්පාදනය කිරීම ඉතා භයානක තත්ත්වයක්. ඒකට හේතුව ක්ෂය වෙන සම්පත්වලට මුදල් ගෙවීමට අපට සිද්ධ වෙනවා. ඒවට ගෙවන්න වෙන්නේ ඩොලර්වලින්. ඒ වගේම ඒවා විදෙස් රටකින් ආනයනය කිරීමට සිදුවෙන දේවල්. එතකොට ක්ෂය වෙන සම්පත්වලට මුදල් ගෙවීම මත අපට ලැබෙන කිසිම වාසියක් නෑ. ඒකෙන් කාට හරි කීයක් හරි ගිහිල්ලා කොමිස් එකක් හම්බවෙනවා මිසක්, විදුලිය උත්පාදනය කිරීමේ නිවැරැදි ක්‍රමවේදයක් ලංකාවෙ තවමත් නිර්මාණය වෙලා නෑ. ඇත්තටම මේ 69% එල්ලිලා ඉන්නෙ නැතුව පුළුවන් නම් දැන්වත් සෝලා පැනල් සම්බන්ධව, සුළං විදුලිබලය සම්බන්ධව හෝ ලංකාව වටේ තියෙන මුහුදේ ජල ප්‍රභවයන් පාවිච්චි කරලා ඒවායේ තියෙන රළ ඔස්සේ විදුලිය නිෂ්පාදනය කරගන්න පුළුවන් නම් ඒකෙ කිසිම ගැටලුක් වෙන්නේ නෑ.

ඉතියෝපියාව වගේ රටවල් ඇතුළේ තියෙන ජල ප්‍රභවයන් නිසා, දිය ඇලි නිසා, ගංගා නිසා විදුලිය නිෂ්පාදනය කරලා අද වෙද්දී ලෝකෙට විදුලිය අලෙවි කරන තැනට ඇවිල්ලා. ඔවුන් දැන් තමන් හිටපු දරිද්‍රතාවෙන් ඉහළට ඇවිල්ලා. ඔවුන්ගෙ හිටපු දුප්පතුන් ප්‍රමාණය අඩු වෙලා. දියුණු රාජ්‍යයක් බවට පත්වෙන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ මේ වගේ ඉතා නිවැරැදි තීරණ නිසා. මේ ලිපිය අපි ලියන්නේ ලංකාවට අලුත් ජනාධිපතිවරයෙක් පත්වුණාට පස්සේ. අලුත් ජනාධිපතිවරුන්ට, අලුත් පාලකයන්ට, අලුත් ඇමැතිවරුන්ට අලුත් දේවල් කරලා මේ රට හදන්න පුළුවන් නම් ඔවුන් ආවෙ කොහොමද, ඔවුන් ආවෙ කවුරු හින්දද, ඔවුන්ට එන්න පාර කිව්වේ කිවුද කියන එක ගැන අපට ප්‍රශ්නයක් නෑ. කලින් ඉඳන්ම පිළුණු වෙච්ච මේ දේශපාලන ප්‍රවාහය ඇතුළේ තවදුරටත් පිළුණු ගඳ ගහන චරිත නොවී දේශපාලකයන්ට පුළුවන් එදා සිට මේ දක්වාම අපට තාමත් ගොඩදාගන්න බැරිව ගිය මේ ප්‍රශ්නවලින් අපිව ගොඩ දාන්න. මේක සමකාසන්න රටක්. දවසෙ පැය 8ක් විතර නිශ්චිතවම ඉර එළිය වැටෙනවා. අවුරුද්දෙ මාස 10කට වැඩි කාලයක් ඉර එළිය තියෙනවා. ඒ නිසා අපිට හැම ගෙදරකම වහලයක සෝලා පැනල් නිර්මාණය කරන්න රාජ්‍ය මට්ටමෙන්, ජාතික මට්ටමෙන් ප්‍රතිපත්තියක් හදන්න පුළුවන් නම් අපට ඒකම ඇති අපේ ඩොලර් ලක්ෂ ගණනක් ඉතුරු කරගන්න.



ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ගෝඨාට එරෙහිව සිංගප්පූරුවේ නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් එයි! වහාම අත්අඩංගුවට ගන්න!

Next Post

2880ට ගත්ත සීසන් එක දැන් 6000යි! ‌කැකිරාවෙ ඉඳන් කොටුවට 1300යි! කොටුවෙ ඉඳන් කැකිරාවට 1200යි! මේක විකාරයක්! දුම්රිය ඇතුළෙන්ම කියන කතාව! (VIDEO)

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.