• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනේ මිනිසුනේ නුඹලට දැනේවා… බස් පෝලිම්වලයි, තෙල් පෝලිම්වලයි, අප විඳින දුක පෙනේවා…

July 24, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
අනේ මිනිසුනේ නුඹලට දැනේවා… බස් පෝලිම්වලයි, තෙල් පෝලිම්වලයි, අප විඳින දුක පෙනේවා…
Share on WhatsAppShare on Facebook

ඉන්ධන හිඟය නිසා රට පුරාම පිරවුම්හල් ආශ්‍රිත පෝලිම් තවමත් අවසන් වෙලා නැහැ. ඒ හේතුවෙන් අද වන විට මුළු ප්‍රවාහන පද්ධතියම කඩා වැටිලා. රැකියා විශාල ප්‍රමාණයක් අහිමි වෙලා. මේ ඉන්ධන අර්බුදය තවදුරටත් පැවැතියහොත් මුළු රටම අකර්මණ්‍ය වීම නවත්වන්නට බැරි වේවි. රටක් දියුණු වෙන්නට නම් ඒ රටේ ප්‍රවාහන පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක වීම අත්‍යාවශ්‍ය කරුණක්. නමුත් අපේ රටේ දිනපතාම අසන්නට ලැබෙන්නේ නිමක් නොමැති ඉන්ධන පෝලිම් ගැනයි. ඩීසල් පෝලිම්, ගෑස් පෝලිම්, භූමිතෙල් පෝලිම් ආදී විවිධ පෝලිම් අද වන විට මඟතොටේ දැකිය හැකි සුලබ දසුනක් වෙලා.

මේ දිනවල සෑම ගෙදරකම පාහේ කවුරුන් හෝ උදේ පාන්දරම පිටවෙන්නේ රැකියාවට නොවෙයි, ඉන්ධන පෝලිමටයි. මේ ඉන්ධන හිඟය නිසා දෛනික බස් ධාවනය සියයට පනහකටත් වඩා ප්‍රමාණයකින් අඩුව ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ වගේම ඉන්ධන හිඟය ගොවිතැනටත් දැඩි ලෙස බලපා තිබෙනවා. දුක් විඳලා වගා කරලා ලබාගත්ත අස්වැන්න වෙළෙඳපොළට ගනයන්න ප්‍රවාහන පහසුකම් නොමැති වීමෙන් එම අස්වනු විනාශ වෙන තත්ත්වයකට පත්වෙලා. ඒ වගේම ගෙදරක කවුරුන් හෝ හදිසි රෝගාබාධයකට ගොදුරු වුණොත් රෝහලට ගෙනයන්න විදියක් නෑ. ඉන්ධන නැති නිසා කුලී රථයක්වත් හොයාගන්න බැහැ. ගැබිනි මවුවරුන්ට තම නිවෙස තුළම දරුවන් බිහිකරන්නට සිදුවන දවස වැඩි ඈතක නැහැ. පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට තම රාජකාරි කටයුතුවලට යෑමට ඉන්ධන නොමැති නිසා ඔවුන්ගේ සේවය ලබාගන්නා ගැබිනි මවුවරුන් ඉතා අසරණ වෙලා.

රජයේ රෝහල්වලටද බලපා ඇති ඉන්ධන අර්බුදය නිසා මේ දිනවල බොහෝ රෝගීන්ද දැඩි දුෂ්කරතාවට පත්වෙලා. ඒ අතර ඖෂධ හිඟයද ඔවුන්ට කර ඇති බලපෑම සුළුපටු නැහැ. පසුගිය 16 වැනිදා අනුරාධපුර රෝහලේ බොහෝ රෝගීන් එලෙස අසරණ තත්ත්වයට පත්වුණා. ඊට හේතුව වුණේ ඉන්ධන අර්බුදය හේතුවෙන් වෛද්‍යවරු සේවයට වාර්තා නොකිරීමයි. මෙම ගැටලුව නිසාම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහල් කිහිපයක්ම වසා දමන්නටත් සිදුව තිබුණා.

පසුගිය පළමු වැනිදා ගලෙන්බිඳුණුවැව තක්ෂිලා විද්‍යලයේ දරුවන් 37 දෙනකු ලොරියක නැඟී පාසල වෙත යමින් සිටියදී ලොරි රථයේ තට්ටුව කඩාවැටීමෙන් දරුවන් 13 දෙනකු තුවාල ලබා රෝහල්ගත කරන්නට සිදුවුණා. එම තත්ත්වයටද හේතුව වුණේ ඉන්ධන අර්බුදයයි. දරුවන්ට පාසල් යන්න බස් රථයක් නොමැති නිසයි ඒ දරුවන් පාරේ ගමන් ගත් ලොරි රථයක නැගී පාසල් යන්නට උත්සාහ දරා තිබුණේ.

ඉන්ධන ලබාගන්න පෝලිම්වල දින ගණන් ගතකරන පිරිස් අතර ගැටුම්, බහින්බස් වීම් සිදුවීමේ ප්‍රවණතාව දිනෙන් දිනම ඉහළ යමින් තිබෙනවා. ඒ වගේම ඉන්ධන පෝලිම්වල සිටියදී විවිධ රෝගාබාධ හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් තිබෙනවා. ඒ අතර පසුගිය මස 30 වැනිදා ද එවැනි පුද්ගල මරණ දෙකක් වාර්තා වුණේ ඉන්ධන අලෙවිසල් ආශ්‍රිත පොලිම්වලින්. ලොරි සහායකයකු වූ 41 හැවිරිදි ආනන්ද කුමාර් නමැත්තා එලෙස මියගිය එක් පුද්ගලයෙක්. කුමාර් ඉන්ධන පෝලිමේ සිටියදී ඔහු පසුපසින් පැමිණි කන්ටේනර් රථයක ගැටීමෙන් හෙතෙම මියගිය බවයි වාර්තා වුණේ. ඒ වගේම දර්ගා නගරයේ අලවතුගොඩ පදිංචිව සිටි එස්.එච්. ආනන්ද නැමති 53 හැවිරිදි දෙදරු පියෙකුද මියගොස් තිබුණේ ඉන්ධන පෝලිමක සිටියදී ලොරි රථයක ගැටීමෙන්.
එමෙන්ම ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිව සිටි තාජුදීන් නමැති පුද්ගලයකුද මියගියේ පිරවුම්හලක් අසල සිටියදී ත්‍රීවීල් රථ රියැදුරකු එල්ල කළ පිහි පහරක් හේතුවෙන්.

බඩු මිල අධික ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක, මිනිසුන්ගෙ මානසික පීඩනයද ඉහළ ගොස් ඇති බව පැහැදිලි වන කරුණක්. එම තත්ත්වය ඉන්ධන පෝලිම්වල ගැටුම් සිදුවීමටද බොහෝ සේ බලපා තිබෙනවා. එසේම ඇතැම් පුද්ගලයන්ට බලපා ඇති නිදන්ගත රෝගාබාධද මෙම පෝලිම්වල දින ගණනාවක් රැඳී සිටීම හේතුවෙන් උත්සන්න වන තත්ත්වයක් ඇති බව වෛද්‍යවරු පෙන්වා දෙනවා. පසුගිය දිනවල එලෙස පෝලිම්වලදී විවිධ රෝගාබාධයන්ට ගොදුරුව මියගිය පුද්ගලයන් ඊට සාක්ෂි දරනවා.

එසේම ඉන්ධන පෝලිම්වල දින ගණන් ගතකරන පුද්ගලයන් රාත්‍රී කාලයේදී එක්රැස්වී මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කිරීමද වැඩිවී ඇති බවයි නිරීක්ෂණය වන්නේ. එම හේතුවෙන් විවිධ ගැටුම් ඇතිවීම පමණක් නොව විවිධ අපචාර සිදුවීම්ද වාර්තා වුණා. මේ සියලු දේ සිදුවීමට මූලිකම හේතුව නම් ඉන්ධන අර්බුදය බව ඕනෑම කෙනකුට පැහැදිලි වන කරුණක්. මෝටර් සයිකලයේ පටන් සුපිරි මෝටර් රථය දක්වාම මේ ඉන්ධන අර්බුදයට මැදිවෙලා. විශේෂඥ වෛද්‍යවරුන් සිය සැත්කම්, ප්‍රතිකාර කිරීම් නවතා දමා ඉන්ධන පෝලිම්වල කාලය ගතකරන බව දිනපතාම වාර්තා වනවා. මෙවැනි වාතාවරණයක් යටතේ යහපත් සෞඛ්‍ය සේවයක් අපේක්ෂා කිරීම සිහිනයක් පමණයි. තවත් කොපමණ කාලයක් මේ අර්බුදයෙන් අප බැට කෑ යුතුද?

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමග රටට නව ජනාධිපතිවරයෙක් පත්වුණා. මේ ඉන්ධන පෝලිම් අවසන් කරන බව ඔහු පැවසුවේ ජනාධිපති ධුරයට පත්වන්නටත් පෙරදියි. නමුත් තවමත් ඊට නිසි විසඳුමක් ලැබී නැහැ. ටෝකන් ක්‍රම, කිව්.ආර්. කේත ක්‍රම වැනි විවිධ ක්‍රමවේද අත්හදා බැලුවත් ඉන්ධන පෝලිම් අවසන් කරන්නට ඒ කිසිවකට හැකිවී නැති බව ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිත පෝලිම් දෙස බැලූ කල පැහැදිලි වනවා. මෙම තත්ත්වය කඩිනමින් අවසන් වනු දැකීම රටේ සමස්ත ජනතාවගේම පැතුමයි. ඒ සඳහා කඩිනමින් සාධනීය පියවර ගැනීම රටේ පාලකයන්ගේ වගකීමයි. ඔවුන් එම වගකීම නිසි ලෙස ඉටුකර තිබුණා නම් මෙවැනි දුෂ්කරතාවන්ට අපේ රට පත්වන්නේ නැහැ. නමුත් රටේත්, ජනතාවගේත් අවාසනාවට අද අප ඉතිහාසයේ කිසිදා අත් නොවිඳි දුක් පීඩාවන් විඳිමින් සිටිනවා. මෙම අවාසනාවෙන් රට මුදාගෙන, ජනතාවට සුව සේ තම රැකියාවන් කරගන්නට, සුපුරුදු ලෙස එදිනෙදා ජීවිතය ගතකරන්නට සුදුසු වාතාවරණයක් බිහිවනු දැකීම අප හැමගේ අපේක්ෂාවයි. ඒ සඳහා වත්මන් රජය ගන්නා පියවර දෙස අපි බලා සිටිමු.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

වඳුරු උණ ඉන්දියාවට ඇතුළු වෙයි! ලංකාවත් අනතුරේ?

Next Post

පාඨමාලා ගාස්තු ගෙවා නෑ! බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාල ලංකාවේ සිසුන්ට දොර වහයි!

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.