• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

බිය නොවන්න අයියණ්ඩිය! අරගලය නසන හැටි මම පෙන්වමි! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

July 23, 2022
in Exclusive, Gurudawa
Reading Time: 6 mins read
A A
බිය නොවන්න අයියණ්ඩිය! අරගලය නසන හැටි මම පෙන්වමි! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

මහින්ද, රනිල්ට ජනාධිපති වෙන්න පොදුජන පෙරමුණේ ඡන්දය අරන් දී පාර්ලිමේන්තුවෙන් එළියට එන විට අපූරු කතාවක් මාධ්‍යයට කීවේය.

‘රනිල්ට ඡන්දය දුන්නා නේදැ’යි මාධ්‍යවේදීන් අහන විට ‘එහෙමත් නැහැ’ කීවේය. ‘අපි ඩලස්ව දැම්මා. ඩලස් පැරදුණා’ කීවේය.

මේ මහින්ද රනිල් ජනාධිපති කොට එළියට ඇවිත් කළ පළමු ප්‍රකාශයය. මේ ප්‍රකාශය කරන්නේ වෙන කවුරුවත් නොව පොදුජන පෙරමුණේ නායකයාය. පොදුජන පෙරමුණේ නායකයා මෙම ප්‍රකාශය කරන්නේ රනිල්ව ජනාධිපති කිරීමෙන් පසු පොදුජන පෙරමුණ නිකුත් කරන නිල ප්‍රකාශය ලෙසය.

ජනාධිපති වීමෙන් පසු ගංගාරාමයට ගිය රනිල්ගෙන් මාධ්‍යවෙදියෙක්, ‘ඔබ රාජපක්ෂලාගේ මිතුරෙක් ලෙස නේද ජනාධිපති ධුරයට පත්වුණේ?’ යැයි අහද්දී රනිල් කේන්ති ගොස් තමා රාජපක්ෂලාට එරෙහිව සටන් කළ අයෙක් යැයි කීවේය.

‘මේ මොකක්ද මේ නාඩගම…?’

මේ නාඩගම වෙන මොනවත් නොව දේශපාලන ඩීල් තුනක්ය.

‘මොනවද මේ ඩීල් තුන…?’

පළමුවැනි ඩීල් එක රනිල් හදන්නේ රාජපක්ෂ ආණ්ඩුවක් නොව සර්වපාක්ෂික අලුත් ආණ්ඩුවක් බව පෙන්නන්නටය. සර්වපාක්ෂික ආණ්ඩුවක් නැතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු විදේශ රටවලින් ආධාර ලබාගත නොහැකි බව රාජපක්ෂලා හොඳින් දනී. ඒ සඳහා ඔවුන් මුලින්ම කළේ ගෝඨාව ජනාධිපති ධුරයේ තියාගෙන රනිල්ව අගමැති කිරීමය. ඒත් මූල්‍ය අරමුදලෙන් සහ විදේශ රටවලින් එයට හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ විදේශ රටවල් කියන්නේ ආධාර දෙන්න නම් රටේ දේශපාලන ස්ථාවරත්වය හදන්න කියාය. ඔවුන් දේශපාලන ස්ථාවරත්වය කියා නොකියා කියන්නේ ගෝල්ෆේස් අරගලය සාමකාමීව විසඳන්න කියාය. ලෝකයේ අනෙක් රටවල මෙවැනි අරගල ඇති වූ විට ඒවා විසඳා ඇත්තේ ආණ්ඩු පෙරළියකින්ය. මූල්‍ය අරමුදල සහ විදේශ රටවල් කියන්නේ එක්කෝ ඡන්දයක් තියා එවැනි විසඳුමක් පෙන්වන්න, නැත්නම් පාර්ලිමේන්තුව තුළ එවැනි පෙරළියක් පෙන්වන්න කියාය. ගෝඨා ජනාධිපති වී රනිල් අගමැති කළ රාජපක්ෂ නාඩගම හරි ගියේ නැත. අරගලය තව තවත් දරුණු විය. ඉන් පසු රනිල් ජනාධිපති කරන නාඩගම පෙන්වීය. ඡන්ද 134ක්ම රනිල්ට අරන් දුන්නේ ස්ථාවරත්වය පෙන්වන්නටය. ඒකට සජබය සහ දෙමළ පක්ෂවලින්ද මන්ත්‍රීවරු කඩාගත්තේ රනිල්ගේ ආණ්ඩුව සර්වපාක්ෂික ආණ්ඩුවක් ලෙස පෙන්වන්නටය.

‘රාජපක්ෂලාගේ මේ නාඩගමට මූල්‍ය අරමුදල විදේශ රටවල් රැවටෙයිද?’

එහෙම රැවටෙනවාද බලන්න ජාත්‍යන්තර මාධ්‍ය රනිල්ගේ ජනාධිපති වීම වාර්තා කළ ආකාරය බලන්න ඕනාය. මේ, රනිල් ජනාධිපති වෙන්නත් කලින් රොයිටර් කිව්ව කතාවය.

‘හය වතාවක් අගමැති වූ ජනාධිපති දින්නොත් ලංකාව ඛේදවාචකයක් වේවි…’ -රොයිටර්

‘අපිට වෙනසක් කරන්න අලුත් මුහුණු ඕනා. අරගලකරුවන් කියයි…’-බී.බී.සී.

‘අප්‍රසාදයට පත් රනිල් ජනාධිපති වෙද්දී අරගලය යළි පටන් ගනී….’ -සී.බී.එස්. නිවුස්

රනිල්ගේ ජයග්‍රහණය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ මෙලෙසය. ඒ නිසා රනිල්ව ජනාධිපති කොට රාජපක්ෂලාට මූල්‍ය අරමුදල, විදේශ රටවල් රවටන එක ලෙහෙසි නැත. රාජපක්ෂලා සිතන්නේ රනිල් ලව්වා මූල්‍ය අරමුදල සහ විදේශ රටවලින් ඩොලර් ගත්තාට පසු යළි කරළියට එන්නටය.

දෙවැනි ඩීල් එක 2024 රාජපක්ෂවරුන්ගේ ඔටුන්න හිමි කුමාරයා නාමල් රාජපක්ෂට ජනාධිපති වෙන්න රනිල් පාවිච්චි කොට සමගි ජන බලවේගය විනාශ කිරීමය. පොදුජන පෙරමුණු නායකයන් ලව්වා රනිල්ට ඡන්දය දෙන්න නොකියා හරීන්ලාව, මනුෂලාව, වජිරලාව ඉස්සරහට දැම්මේ රනිල් එන්නේ යූ.ඇන්.පී. ආණ්ඩුවක් හදන්න කියලා සමගි ජන බලවේගයට පෙන්වලා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු බාගන්නටය. රනිල්ව ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තුවේ යෝජනා ස්ථිරත්වයට මනුෂව දැම්මේත් ජනාධිපතිවරණ ඡන්ද ගණන් නිරීක්ෂණයට හරීන්ව දැම්මේත් රනිල් හදන්නේ රාජපක්ෂ ආණ්ඩුවක් නොව යූ.ඇන්.පී. ආණ්ඩුවක් බව පෙන්වන්නටය. රනිල්ට ඒ වැඩේ කරන්න උපදෙස් දුන්නේත් රාජපක්ෂලාය. ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු රනිල් ලව්වා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා ලෝකෙ වටේ යවන්න රනිල්ගේ යූ.ඇන්.පී. හැව ගලවා නොදැමිය යුතු යැයි රාජපක්ෂලා තීරණය කරන්නට ඇත.

‘මේ හැවට රාජපක්ෂ විරෝධීන් රැවටෙයිද?’

රාජපක්ෂ විරෝධීන් එතරම් මෝඩ නැත. මේ හැව සිත්තම් කරන අය රනිල්ට සමගි ජන බලවේගයෙන් මෙච්චර ඡන්ද හම්බවුණා, අච්චර ඡන්ද හම්බවුණා කිය කියා රාජපක්ෂවරුන්ගේ නාඩගමට අත්වැල් අල්ලයි. 20 වැනි සංශෝධනයට පාර්ලිමේන්තුවේ ඡන්ද 156ක් ලැබිණි. පොහොට්ටුව ඒ ඡන්දය දුන්නේ ගෝඨාභය ශක්තිමත් කරන්නටය. එහෙව් පොහොට්ටුව තමන්ගේ දේපළ සහ දේශපාලනය ආරක්ෂා කරගන්න ඡන්දය නොදී සිටින්න හේතුවක් නැත. ඒ නිසා රාජපක්ෂලා පොහොට්ටුවෙන් ඡන්ද 120ක් 125ක් රනිල්ට අරගෙන දීම මහ ලොකු කජ්ජක් නොවේ. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය දුන්නේ 65කි. ඒ 65 තුළ දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද, ජවිපෙ ඡන්දද විය. හරීන් සහ මනුෂගේ ඡන්දද විය. ජනාධිපති තෝරන පාර්ලිමේන්තු ඡන්දයේදී සජබයට මනුෂගේ හරීන්ගේ ඡන්ද නැති විය. ජවිපෙ ඡන්ද තුනම නැති විය. දෙමළ ජාතික සන්ධානයෙන් ඡන්ද කිහිපයක් අඩු විය. එහෙම බලන කොට සජබ ඡන්ද විශාල ප්‍රමාණයක් රනිල්ට ගියා කියා රාජපක්ෂලා චූන් කරන අය කියන්නේ කෙප්පයකි.

ඒ ඩීල් එකේම අනෙක් කොටස පොදුජන පෙරමුණ තුළ රාජපක්ෂලා හැරෙන්න වෙන කාටවත් ඔළුව උස්සන්න බැරි බව පෙන්වීමය. මහින්ද අගමැති ධුරයෙන් ඉවත් වූ විට අගමැති ධුරයට ඩලස්ගේ නම යෝජනා වූ විට ගෝඨා සහ රාජපක්ෂ පවුල ඒ නම කපා රනිල්ව අගමැති කළේ පොදුජන පෙරමුණ තුළ වෙනත් අයෙකුට ඔළුව ඔසවන්න දෙන්න බැහැ කියන මතයේ සිටය. ගෝඨා ජනාධිපති ධුරයෙන් සහ රටින් පැන යන විට කතානායක මහින්ද යාපාව වැඩබලන ජනාධිපති කළ හැකිව තිබිණි. රාජපක්ෂලා ඒකටත් බය වුණේ මහින්ද යාපා පොදුජන පෙරමුණ තුළ විකල්ප නායකයෙක් වෙයි කියලාය. පොදුජන පෙරමුණ තුළ කිසිදු නායකයෙකුට මතුවෙන්න ඉඩ නොදී නාමල් කුමාරයාට ඔටුනු පලඳවන්න ඔවුන් තෝරා ගත්තේ රනිල්වය.

‘තුන්වැනි ඩීල් එක මොකක්ද…?’

තුන්වැනි ඩීල් එක රාජපක්ෂලාව අන්ත අසරණ කළ අරගලකරුවන්ට පස්ස පෙන්වීමය. අරගලකරුවන්ගේ අරගලයේ අවසානය රාජපක්ෂලා පන්නන්න නව ආණ්ඩුවක් සහ නව ජනාධිපතිවරයෙක් බව රාජපක්ෂලා දැන සිටියහ. එය නතර කරන්න නම් අරගලයේ ප්‍රතිඵලය විකෘතියක් කළ යුතු බවට රාජපක්ෂලා ගණන් හැදූහ. අනෙක රාජපක්ෂලා අළු මතින් නැඟිටින මහා බලයක් සේ පෙන්වන්න රාජපක්ෂලාට ඕනෑ විය. ඔවුන් රනිල්ට ඡන්ද 134ක් අරන් දී, රනිල්ව ජනාධිපති කොට එය පෙන්වීය. විශේෂයෙන් අරගලයේ ප්‍රධාන හතුරෙක් වූ බැසිල් රාජපක්ෂ එදා අරගලයට තමන්ගේ හයිය පෙන්වීය. රාජපක්ෂලා කියන්නේ ගහන්න ගහන්න නැගිටින පරම්පරාවක් බව මහින්ද, බැසිල් සහ නාමල් පමණක් නොව විදේශයේ හැංගී සිටි ගෝඨාද පෙන්වීය.

‘අපි හෙට ප්‍රභාකරන්ව ජනාධිපති කරන්න තීන්දු කළත් අපට ඒක කරන්න පුළුවන්…’

රාජපක්ෂලා රනිල් ජනාධිපති කොට රටට දුන්න පණිවුඩය එයය.

‘උඹලා රාජපක්ෂලාගෙ කොන්ත්‍රාත්කාරයා කියලා ඒ මිනිහව පරාජය කළානේ. බලපන් අපි ඒ මිනිහව ජනාධිපති කරවනවා…’

රාජපක්ෂලා රාජපක්ෂ විරෝධී විපක්ෂ ඡන්දදායකයන්ට කිව්වේ ඒකය.

‘දැන් එතකොට අරගලය අකුළා ගිනියිද…?’

අරගලය කියන්නේ මහජනතාවය. මහජනතාවගේ ප්‍රශ්න විසඳන තාක් අරගලය නතර වන්නේ නැත.

පසුගිය මැයි 09 ගහලා අරගලය කම්බස් කරන්න රාජපක්ෂලා සූදානම් විය. එයින් රටම ගිනිගත්තේය. බිය නොවන්න අයියණ්ඩි අරගලය නහන හැටි මම පෙන්වමි කියලා රනිල් කිව්වාම රාජපක්ෂලා ජනාධිපතිකම දුන්නේය. ජූලිය හරිම භයානකය. 1983 කළු ජූලිය රට ගිනි විජ්ජුම්බරයක් කළේය. 1987 ජූලි ඉන්දු-ලංකා ගිවිසුම රට ලෙයින් තෙත් කළේය. රාජපක්ෂලා රනිල්ව ජනාධිපති කොට රනිල් ලවා අරගලයට ගස්සවන්නේත් ජූලියේය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

දැන්ම තියා සූදානම් වෙන්න! ලබන අවුරුද්දේම තෙල් ගෙන්වීම අභියෝගාත්මකයි! තෙල් ඇමැති කංචන කල්තියාම රටට කියයි!

Next Post

රනිල් දිනපු සතුටට නාමල්ගේ ගෙදර පාන්දර 3 වෙනකම් ග්‍රෑන්ඩ් පාටියක්! ඩලස්ට සපෝට් කරනවා කියපු දොලවත්තත් ඇවිත්!

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.