ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණයට එක්ව ඇති අපේක්ෂකයන් සම්බන්ධ කර ගනිමින් ස්වර්ණවාහිනිය අද (19දා) පවත්වන සජීවී සංවාදාත්මක වැඩසටහනට තමන් එක්වන බව මුලින්ම පැවසුවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර දිසානායක යි. දැන් තමන්ද ඊට එක්වන බව පොහොට්ටුවේ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.
අනුර කුමාර දිසානායක මහතා දැනටමත් එම වැඩසටහනට එක්වෙන බවට ප්‍රකාශ කරන ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කියන්නේ මැතිවරණයකට එක්වෙන අපේක්ෂකයන් එකම වේදිකාවක විවාද කිරිම දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක ලක්ෂණයක් බවයි.
ඊට තමන් එක්වන බවත් ඒ සඳහා එක්වෙන ලෙස තමන් වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාටත්, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාටත් ආරාධනා කරන බව මන්ත්‍රීවරයා පවසනවා.










